Wednesday , June 24 2026
DON'T MISS

The Flash [S08: E01] Sinhala Subtitles | පිටසක්වල තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E01] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්!! 🙏 කිව්වා හැමෝටම… ඔන්න ටික කාලෙක් නිහඬව ඉඳලා එකපාරටම සබක් අරගෙන එන්න හිතුවා, මොකද්ද අරගෙන ආවේ කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. අද මං අරගෙන එන්නෙ, DC Universe එකේ WBලගේ රබර් පටිය වගේ තාමත් ඇදෙන, කොහෙන් කෙළවෙර වෙයිද කියලා හිතාගන්න බැරි, ගොඩක් අයට ටිවී සීරිස් එපා කරපු, හුඟක් අයගේ තාමත් ආසම ටීවි සීරිස් එකක් වුණු DC Universe එකේම අනාගතය රැඳිලා තියෙන ලොකු පොඩි කවුරුත් දන්න “පොරගේ” ටිවී සීරිස් එකේ Crossover එකක් විදියට ලඟදී Release වෙච්ච The Flash: ARMAGEDDON සීරිස් එක…

එපිසෝඩ් පහකට කඩලා ගිය අවුරුද්දේ අවසානයේ වගේ රිලීස් වෙච්ච මේ crossover සීරිස් එකට සබ් කරන්න හිතුවත් මේ 2022 අවුරුද්දේ මාර්තු මස 8 වෙනිදා එපිසෝඩ් 6 ත් රිලීස් උනා. වැඩේ පටන් ගද්දී ලඟදී හින්දා, ඒ එපිසෝඩ් ටික හෙමින් සැරේ දෙන්නම්. එතකං මේ එපිසෝඩ් පහ දීලා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ඔයාලට මෙහෙම සබ් ටික අරගෙන එන්නෙත් හුඟාක් කාර්යබහුල අවස්තාවක කියලත් මතක් කරන්න ඕන. ඒ නිසාම අරගෙන එන සබ් එක පොඩ්ඩක් පරක්කු උනා කියලා අහිතක් නම් හිතන්නෙපා. 😉😉

ඉතිං අද එපිය ගැන මුකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ. අද කොටස බලලා ඉන්න කියලා මතක් කරනවා, මොකද’ කිව්වොත් මෙතෙක් සීසන් 7ක් වෙනකං දැක්ක ෆ්ලෑෂ්ව නෙවෙයි ඔයාලට මේ සීසන් එකෙන් දැක ගන්න ලැබෙන්නෙ. powerful වගේම speedම ෆ්ලෑෂ්ව ඔයාලට මේ සීසන් එකෙන් බලාගන්න පුලුවන්. ටිවී සීරිස් එහෙක සීසන් කොච්චරක් දුරට ඇදුනත් ඒ සීරිස් එකෙ තියෙන quality එකයි ප්‍රේක්ෂකයා සීරිස් එක එකිනෙකාට අනුව වැළඳගන්න සුපිරිතාවයයි අනුවයි ඒ සීරිස් එක තවත් ඉදිරියට බලනවද නැද්ද කියන තීරණය කරන්නෙ. හුඟක් අයට මේ ෆ්ලෑෂ් සීසන් එක එපා වෙන්න ලොකුම හේතුව උනේ සීසන් හතක් පුරාවටම සීරිස් එකට එකතුවුණ හැම චරිතයකටම වගේ ෆ්ලෑෂ් වගේම වේගෙන් දුවන්න පුලුවන් වෙච්ච එකයි. ( බලාගෙන ගියාම කාරණේ ඇත්ත හැබැයි 😂😂) fan base එක ෆ්ලෑෂ් සීරිස් එකේ සීසන් තුනක් වෙනකන් විතරයි තදින් අල්ලගෙන තියාගන්න පුලුවන් උනේ. මතක ඇතිනේ සීසන් 2 එකෙයි 3 එකෙයි තිබුන Hype එක. මොකද ඉතිං එතනින් එහාට තමයි (සීසන් 4 ඉඳන්) ෆ්ලෑෂ් සීරිස් එක, එක දිගටම හත්පොලේ ගා ගත්තා වගේ වැඩක් උනේ.. මුල් සීසන් 3 තිබ්බ quality එකටත් හානියක් කරන්න ඉතුරු සීසන් ටික හැකියාව ලැබුණා.. 😂 ඒ උනත් හුඟක් අයගේ තාමත් ආසම සීරිස් එකක්. ආසම Super Hero character එකක් විදියට මාත් පෞද්ගලිකවම තාමත් කරන්න දෙයක් නැතිකමට බලනවා. ඒ කොහොම උනත් බලන අය තාමත් ඉන්න නිසාම ඒ අය වෙනුවෙන් අරගෙන ඕනෙමයි කියලා හිතුන නිසා අද මං පලවෙනි එපිය අරගෙන ආවා. මෙතනින් එහාට කතාව බලන්න ඔයාලට භාරයි.

මීලඟ කොටසින් නුදුරේදීම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං මෙතනින් නවතිනවා.

මතක ඇතුව comment එකක් දාගෙන යන්න පුලුවන් හැමෝම!!
සුබ දවසක්! ජය වේවා!!

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *