Tuesday , July 14 2026
DON'T MISS

The Flash [S09:E09] Sinhala Subtitles | අන්ධකාරයට එරෙහිව එක්ව නැගීසිටීම.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S09:E09] Sinhala Subtitles

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්, සුභ දවසක් කියලා ඔයාලා හැමෝටම මතක් කරන ගමන් අද මං ඔයාලට අරගෙන එන්නෙ, ෆ්ලෑෂ් නවවන කතාංගය උපසිරැසි.

ඉතිං ඔයාලා බැලුවනම් ඔයාලට මතක ඇති කලින් කතාංග පෙලට පස්සෙ මේ කතාංගය නිකුත් වෙන්න කලින් මේකට කියලා වෙනම ට්‍රේලර් එකක් ආවා. ඉතිං ඒ ට්‍රේලර් එකෙන් ඔයාල දකින්න ඇතිනේ සහ WBලා කල්තියාම කරපු නිවේදන වලදී ඔයාලට දකින්න වගේම අහන්න ලැබුණා, “ඇරෝවර්ස්” එක තුල මේ කතාංගයේදී ‘ඔලිවර් ක්වීන්ව නැවත වරක් අවසන් වතාවට’ දකින්න ලැබෙනවා කියලා. ඒ වගේම තමයි ඔලිවර්ගේ මිත්‍රයා ඩිග්ව සහ අයිරිස් වෙස්ට්-ඇලන්ගේ සොයුරා වොලී නොහොත් කිඩ්-ෆ්ලෑෂ්වත් මේ කතාංගයෙදී දැකගන්න ලැබෙන විත්තිය. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේ කොටසෙදිත් ඔයාලට බලාගන්න ලැබෙන්නෙ පරණ හතුරෙක්වම තමයි. “ලෝකය මරණයෙන් බේරගන්න ඕනෙ” කියන අදහසින් තමන්ගේ අඳුරු පදාර්ථීය සෛල හැමෝටම පතුරවන ‘රැම්සි රෝසෝ’. කලින් වතාවෙදී ෆ්ලෑෂ්ගේ මනසට ඇතුලට ඇතුල්වෙන රැම්සි කරපු විනාසයන් ගැන මතක ඇතිනේ.

WB ලගේ ඇරෝවර්ස් එක තුල වැඩිම සහ දීර්ඝතම කතාමාලව බවට පත්වුණ ෆ්ලෑෂ් කතාමාලවට කලෙකින් ආයෙත් තමන්ගේ පුරුදු චරිතයට පණ පොවන්න “ස්ටෙෆාන් මලික්” ග්‍රීන්-ඇරෝ විදිහට අවසන් වරට නැවත වතාවක් එකතු වෙලා තිබෙනවා. ඉතිං මේ කතාංගයට 8.6/10 ක IMDb අගයක් ලබාගන්න පුලුවන් වෙලා තිබෙනවා. නමුත් මගේ මතය අනුව, ෆ්ලෑෂ් අවසන් කතාමාලාව විදිහට දිගහැරෙන “The Final Run” තුල ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන අවසානයක් හෙබි කතාංගයක් තවමත් දකින්න ලැබුණේ නැහැ සහ ඒක ඉස්සරහට වෙනස් වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙන්නත් පුලුවන් මොකද ‘මේ තමයි The Flash’ කතාමාලාවේ අවසන් කතාංග කිහිපය.

ඉතිං අද කතාව පැත්තට හැරුනොත්: බැරීට අවුරුදු 30, දෙවනි සැරේටත් සමරන්න අවස්ථාව ලැබෙනවා. මොකද ඩොක්ටර් ඕලොෆ් හා ගැටුම අතර තුර බැරීට වයස අවුරුද්දකින් අඩුවෙලා තරුණ වෙනවා. ඉතිං බැරීගේ 30 වෙනි අවුරුද්දට සාදයක් ලෑස්ති කරනවා, චක්, ඇලෙග්‍රා, සිසිල් සහ කියෝන් එකතුවෙලා. ඉතිං මේ සාදයට පරණ මිතුරන් කීප දෙනෙක්ම සහභාගී වෙනවා. හැමෝම සාදයේ විනෝද වෙන අතරතුර අනාරාධිතිව බැරීගේ පරණ මිත්‍ර රැම්සි රෝසෝ පැමිණෙනවා.

අද කොටසේ රසාස්වාදයටත් එක්ක අදට ඔය හැඳින්වීම හොඳටම ඇති. මොකද ඔලිවර් ක්වීන්ව දකින්න හුඟක් අය ආසාවෙන් නේ ඉන්න ඇත්තෙ. එහෙනම් අදට මෙතනින් නවතිනවා, පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. ජයවේවා!

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *