Monday , June 22 2026
DON'T MISS

The Gray Man (2022) Sinhala Subtitles | සියෙරා ඝාතකයින්ගේ ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Gray Man (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Ryan Gosling, Chris Evans, Ana de Armas

Language :  English

Director :  Anthony Russo, Joe Russo

The Gray Man (2022) කවුරුත් කතා බහට ලක් ‍කෙරුණු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේකට වැඩිපුරම හේතුවු‍නේ රඟපෑමෙන් එක්වෙච්ච අය. හිතන්න, Ryan Gosling, Chris Evans, Ana de Armas, Dhanush එකට රඟපාන චිත්‍රපටියක්. ඔවු. ධනුෂ් මේකේ රඟපානවා. එළිදක්වලා ඉතා පොඩි කාලෙකින්, box office වෙන්න ලැබුණු එකෙන්ම පේනවා මේකේ ජනප්‍රියත්වය. ඉතා ඉක්මනින් මුළු ලෝකෙම අවධානය දිනාගන්න සමත් වෙච්ච කතාවක් මේ.

Mark Greaney විසින් 2009 දී රචනා කරපු The Gray Man කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Joe Russo, Christopher Markus විසින් තිර රචනය කරලා ලස්සනට ලියපු කතාව, චිත්‍රපටියක් වෙන්නේ Anthony Russo සහ Joe Russo දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන්. AGBO සහ Roth/Kirschenbaum Films මගින් නිෂ්පාදය කෙරුණු චිත්‍රපටිය, ලොව පුරා බෙදාහැරුනේ Netflix මගින්. මේවෙනකොටත් ඩොලර් මිලියන 250කට ආසන්න ප්‍රමාණයක් උපයගෙන තියෙනවා.

රඟපෑමෙන් දායක වෙනවා, කලින් කිව්වා වගේම Ryan Gosling (සියෙරා හය), Chris Evans (ලොයිඩ්), Ana de Armas (මිරන්ඩා), Dhanush (තනි වෘකයා), Jessica Henwick (සූසෑන්) ඇතුළු පිරිසක්.

කතාව ගැන කෙටියෙන් කියන්නම්. හය කියන්නේ CIA ආයතනය මගින් දක්ෂ ලෙස පුහුණු කෙරුණූු රහස් කණ්ඩායමක සාමාජිකයෙක්. ඔහුට සිදුවෙන්නේ රාජ්‍ය නියෝජිතයන්ට කෙලින්ම මැදිහත් වෙන්න බැරි අවස්ථා, ආවරණය කිරීම. නමුත්, එක් මෙහෙයුමකදී හය ට මුහුණ දෙන්න සිදුවෙන්නේ අමුතු අත්දැකීමකට. එයින් පසු, ඔහුගේ ජීවිතයට මුහුණ දෙන්න වෙන සිදුවීම් දාමය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *