Monday , August 3 2026

The Harder They Fall (2021) Sinhala Subtitles | යක්ෂයාගෙන් පලිගැනීම! [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Harder They Fall (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.2/10

Stars :  Jonathan Majors, Zazie Beetz, RJ Cyler

Language :  English

Director :  Jeymes Samuel

කොහොමද කට්ටිය, අද මම අරගෙන ආවෙ මීට දවස් දෙකකට කලින් NETFLIX හරහා නිකුත් කරපු තවත් අලුත්ම අලුත් පට්ටම ෆිල්ම් එකක්. මේක Western ෆිල්ම් එකක්. ඉතින් Western බලන්න ආස අයට නම් මේක පට්ටම ෆිල්ම් එකක් වෙයි. සුපිරිම කාස්ට් එකක් ඉන්නෙ. මේ වෙනකොට මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.2ක අගයකුත්, 86%ක කුණු තක්කාලි අගයකුත්, 71%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Jeymes Samuel කියලා අධ්‍යක්ෂකවරයෙක් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ෆිල්ම් එකේ හතුරගෙ චරිතය කරන්නෙ අපි කවුරුත් දන්න, Idris Elba අපිට එයාව The Suicide Squad 2, Hobbs & Shaw, The Dark Tower, Thor ෆිල්ම් සෙට් එකේ සහ තවත් මාවල් ෆිල්ම් වල වගේම තවත් සුපිරි ෆිල්ම් ලොකු ප්‍රමාණෙක දැකගන්න ලැබෙනවා. ඒ වගේම Zazie Beetz, Jonathan Majors, Regina King, LaKeith Stanfield වගේ දක්ෂ නළු නිළියන්වත් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන කතා කරොත්, මේකෙ සිද්ද වෙන්නෙ පලිගැනීමක්. ලව් නේට් තමයි මේගෙ ප්‍රධාන චරිතය. ඉතින් මේකෙ හතුරා රූෆස් බක්. මෙයා නේට් පොඩි කාලෙ එයාගෙ අම්මවයි තාත්තවයි මරල දානවා. රූෆස් දරුණුම අපරාධකාරයෙක්. ඉතින් ලව් නේට් තරුණ වියට පත් වුණාට පස්සෙ මෙයා ලව් නේට් ගෙන් පලිගන්න යනවා. මෙයාලා ඉන්නෙ කල්ලි කල්ලි විදිහට. කලින් වෙස්ටර්න් ෆිල්ම් බලල තියෙනවනම් ඔයාල ඒක දන්නව ඇති. ඉතින් රූෆස් බක් තමයි මේ නගරයක්ම පාලනය කරන්නෙත්, තවත් එකී නොකී රස කතා ගොඩක් මේ කතාවෙ තියෙනවා.. අරගෙන බලන්න පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නෑ, කොමඩී සීන් එහෙමත් ගොඩක් තියෙනවා. කතාව බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න, ඔයාලගෙ කමෙන්ට් එකක් අපිට මහමෙරක්! එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *