Year : 2021-
IMDB Rate : 7.2/10
Stars : Justin Theroux, Melissa George, Logan Polish
Language : English
Director : Tom Bissell, Neil Cross
රූපවාහිනී හෝ වෙබ් කතාමාලාවලට ඒතරම් ලැදි අයෙක් නොවුණත්, මේ දිනවල හොඳ මට්ටමේ චිත්‍රපට සොයාගැනීමේ අපහසුවද නිසා මම ටිකක් හැරුණා කතාමාලා දෙසට. එහිදී හමුවුණා තවමත් පලමු කතා සමයේ තිබෙන, සිත්ගන්නා සුළු කතා තේමාවක් සහිත වෙබ් කතාමාලාවක්. එක් කතාසමයක වැඩි කොටස් ගණනක් නොමැති බව පැවසෙන නිසාත් මම එය තෝරාගත්තා උපසිරැසිකරණයට. මෙය නමින් The Mosquito Coast (2021). මොස්කිටෝ කෝස්ට් නම ඇසූවිට ඔබට මතක්වනවා ඇත්තේ මීට බොහෝ කලකට පෙර, එනම් 1986 වසරේදී තිරගතවූ හැරිසන් ෆෝඩ් ප්‍රධාන චරිතයට පණ පෙවූ මෙනමින්ම යුත් චිත්‍රපටයක්. ඔව්, මේ එයමයි කතාමාලාවකට පෙරලී ඔබ වෙතට එන්නේ AppleTv+ වෙතින්.
එසේ වුවත් චිත්‍රපටයේ කතාවත් මෙයත් අතර ලොකු වෙනස්කම් තිබෙනවා, එකම නවකතාව ඇසුරින් නිර්මාණය වූවක් වුවත්. මොකද්ද මේ නවකතාව?

නවකතාවේ නමත් එයමයි. මෙය රචනා කරන්නේ පෝල් තෙරෝ (Paul Theroux) නම් ඇමරිකානු ජාතික නවකතාකරු විසින්. ඔහුගේ තවත් නවකතා සිනමාවට නැගී තිබෙන අතර මෙය ඒ අතරින් සම්මානයට පාත්රවූ මෙනම අලෙවි වාර්තාද තැබූ එකක්. මේ නමින් සැබැවින්ම වෙරළ කලාපයක් තිබෙනවා නිකරගුවා හා හොන්ඩුරාස් යන රාජ්‍යයන් දෙකට යාව. ප්රාදේශීයව මෙම වෙරළ කලාපය මිස්කිතෝ වෙරළ ලෙසත් හැඳින්වෙන බවයි කියවෙන්නේ.
මෙවර කතාමාලාවේ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ පෝල් තෙරෝගේ බෑණා වන ජස්ටින් තෙරෝ (ඇලී ෆොක්ස්). ඊට අමතරව රංගනයෙන් දායක වන්නේ මෙලිසා ජෝජ් (මාගෝ ෆොක්ස්), ලෝගන් පොලිෂ් (ඩීනා ෆොක්ස්), ගේබ්‍රියල් බේට්මන් (චාලි ෆොක්ස්), කිම්බර්ලි එලිස් (එස්තෙල් ජෝන්ස්),ජේම්ස් ලෙ ග්‍රොස් (දොන් වූර්හීස්), ඔෆෙලියා මෙදීනා (ලුක්රේෂියා),ස්කොටී තොවාර් ( චූයි පැඩීයා), බෘනෝ බිචිර් ( එන්රිකේ සලාසාර්) ඇතුළු පිරිසක්. පලමු කොටස වන මෙය නම්වන්නේ Light Out (ඉක්මන් පැනයාම) විදියට. මේ වනවිට (2021 : ජූනි : 07) IMDb අගය 7.2ක් ලබා තිබෙනවා. ඒ වගේම කියන්නට ඕනෙ මෙය අධිවේගී ක්‍රියාදාම ඝණයේ කතාවක් නොවෙයි, නමුත් ඉතා සංයමයෙන් හා ප්රේක්ෂකයාටද ගරු කරමින් ගලායන කතාවක් බවයි දැනට පෙනෙන්නට තිබෙන්නේ, එසේම ත්‍රාසය කුතුහලයද නොඅඩුව ගැබ්ව තිබෙනවා කතාව තුල. කතාවට කෙටි ආරම්භයක් අරගෙන දෙන්නම් මම මේ විදියට. පූර්ව ප්රචාරක පටය නැරඹූවොත් ඔබට වැඩිදුර අදහසක් ලබා ගත හැකියි.
ඇලී ෆොක්ස්, පරමාදර්ශවාදියෙක්. කාර්මිකයෙකු ලෙස රැකියාව කරමින් තම පවුල, එනම් බිරිඳ මාගෝ, පුතු චාලි හා දියණිය ඩීනාව රකින ඔහු නව නිර්මාණකරුවෙක් හා ලෝකය දෙස වෙනස් ඇසකින් බලන්නෙක්. ඔහු ගෙවන ජීවිතයද ඉතා හුදෙකලා, ලොවෙන් සැඟවුණු නිහඬ ජීවිතයක්. එහෙත් අප නොදන්නා ඔහුගේ අතීතය ඔහුට හොල්මන් කරන්නට පටන්ගන්නවා ඒ නිහඬබව බිඳිමින්… ඉන් ඉදිරියට ඔබට බාරයි. හමුවෙමු මීලඟ කොටසින්.
360MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
360MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
360MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks bro