Year : 2020
IMDB Rate : 8.8/10
Stars : Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp
Language : English
Director : Scott Frank, Allan Scott
ඉතින් ඔන්න එහෙනම් මේ කතාවේ අවසානෙටත් මම ආවා, දැන් ඉතින් මම ආපහු ෆිලුම්වලට ටික දවසකට බහිනවා, මේකේ දැන් අපි ගොඩක් දේවල් දැක්කනේ….ඉතින්
මං මේ චෙස් ක්‍රීඩාව ගැන පුංචි විචාරයක් කරන්න කියලා හිතුනා, අපි මුලින්ම අපේ ඉත්තොයි එයාලගේ කාර්යයි ගැන දැනගන්න කලින් චෙස්බෝඩ් එක ගැන දැනගෙන ඉමු.
ඉතින් මේ චෙස් බෝඩ් එකක කොටු 64ක් තියෙනවා, ඒවා පාට දෙකකට වෙන් කරලා තියෙන්නේ ඒ තමයි කළු සහ සුදු ඉතින් මේ චෙස්බෝර්ඩ් එකෙ තමයි විවිධ චෙස්
ඉත්තන් තියලා තියෙන්නේ, ඉතින් මේ චෙස් කියන ක්‍රීඩාව තිබිලා තියෙන්නේ අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කාලයේ ඉඳන්, මේක එන්න එන්න දියුණු වෙලා
දැන් ජාත්‍යන්තරේ පිළිගත්ත හොඳම ක්‍රීඩාවක් වෙලා තියෙන්නේ, මොකද මේක තනිකර බුද්ධියෙන් සෙල්ලම් කරන්න ඕන ක්‍රීඩාවක් නිසා, චෙස් වල පියා ලෙස හැඳින්වෙන්නේ
විල්හෙල්ම් ස්ටන්ස්වයි ඉතින් මේ චෙස් කියන ක්‍රීඩාව ගැන පාදක කරලා මේ කතාව ගැහුවාම ජාත්‍යන්තරේ පිළිගන්නේ නැති
එකක් වෙන්න තියෙන ඉඩකඩ තියෙන්නේ 0.01% ප්‍රමාණයක් තමයි. ඉතින් දැන් අපි පොඩ්ඩක් ඉත්තෝ ගැන දැනගමු. ඉතින් චෙස් ඉත්තන් දෙපැත්තටම 32ක් ඉන්නවා,
කළු සුදුයි වෙනුවුනාම එක පැත්තකට 16ක් තමයි තියෙන්නේ, ඉතින් අපි දැන් මේ එකින් එක ඉත්තන් ගැන දැනගමු…
1.Pawn (පෝන්)
* මේ ඉත්තගෙන් 8 දෙනෙක් දෙපැත්තෙම ඉන්නවා, මෙයාලගේ කට්ටිය වැඩි නිසා මෙයාලව අදින්නේ ඉස්සරහට විතරයි, මෙයාලට වෙන කිසි හැඩේකට යන්න බැහැ,
ඒක තමයි පෝන් ඉත්තන්ගේ තියෙන නීතිය හැබැයි එයාලගෙන් ඉස්සරහින් නැතුව එයාලගේ ඉස්සරහින් තියෙන කොටුවට එහාපැත්තෙන් ඉත්තෙක් ඉන්නවා නම්
එයාව කපන්න මෙයාට හැකියාව තියෙනවා.ඒවගේම මෙයාට පටන්ගද්දි කොටු දෙකක් ඉස්සරහට යන්න පුළුවන්, ඊටපස්සේ ඉඳන් එක එක තමයි යන්නේ.
2.Bishop (බිශොප්)
* මෙයාගේ ඉත්තන් දෙන්නයි ඉන්නේ එක පැත්තකට, මෙයාට කෙළින් යෑම් බැහැ, මෙයාට යන්න පුළුවන් හැඩේට විතරයි, මෙයාට එයාගේ හැඩේට යන
මාර්ගේ ඉන්න ඕනම ඉත්තෙක් කපන්න හැකියාව තියෙනවා.
3.Knight (නයිට්)
*මේ අශ්ව රූපයක් තියෙන ඉත්තට තමයි නයිට් කියන්නේ, මෙයාගේ තියෙන්නේ විශේෂ හැඩයක්, ඒ කියන්නේ මෙයාට යන්න පුළුවන් L අකුරේ හැඩේටයි,
මෙයාට වෙන කිසි විදිහකටවත් යන්න බැහැ, මෙයා L අකුරේ හැඩේට යන නිසා මෙයාට කොටු 4ක් ඉස්සරහට පනින්න වෙනවා. මෙයාට එයාගේ මාර්ගේ ඉන්න
ඉත්තන්ගෙන් කපන්න පුළුවන් L අකුරේ අගිස්සේ ඉත්තා හිටියොත් විතරයි නැතිනම් මෙයා ඉත්තන් මැදින් ඒ විදිහට පනිද්දි ඒ ඉත්තන්ව කපන්න හැකියාවක් නැහැ.
4.Rook (රුක්)
*මේ තමයි බලකොටුව හැඩයක් තියන් ඉන්න කෙනා, මෙයාගේ ගමන් පඨේ ගැන කිව්වොත් මෙයාට තියෙන්නේ අපි ගමන් කරනවා වගේ මාර්ගයක්,
ඒ කියන්නේ කෙලින් විතරයි, මෙයාට හැඩේට පැත්තට ඒ කිසි විදිහකටවත් යන්න බැහැ, මෙයාට කපන්න පුළුවන් මෙයා කෙලින් යන පාරේ කවුරුහරි
හිටියොත් විතරයි.
5.Queen (රැජින)
*මේ තමයි චෙස් බෝඩ් එකේ ඉත්තන්ගෙන් ඉන්න වාසිම කෙනා, මෙයාව කපාගත්තයි කියන්නේ, දිනනවා කියන එක කරන්න අමාරු වැඩක්, මෙයාට ඕනම හැඩේකට
පැත්තකට යන්න පුළුවන්, ඒ කියන්නේ කෙලින්ද පැත්තටද ඕනම විදිහකට ඒත් නයිට් වගේ ගමන් පථේක යන්න බැහැ, අනිත් වාසි ඔක්කොම මෙයාට තියෙනවා,
මෙයාගෙන් ඉත්තෙක් කපන්න් හරිම ලේසි, හැබැයි මෙයාව පාවිච්චි කරද්දි ගොඩක් පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ, මෙයාව නැතිවුනොත් ඉතින් සොරි තමයි.
6.King (රජතුමා)
*ඉතින් මේ ඉන්නේ අපේ ප්‍රධානියා, ඉතින් ඕනම රාජධානියක ප්‍රධානියා රජ්ජුරුවෝ වගේ අපෙ මේ චෙස්බෝඩ් එකේ ප්‍රධානියත් රජ්ජුරුවෝ තමයි, හැබැයි ඉතින්
මේ චෙස් බෝඩ් එකේ කපන්නම බැරි කෙනෙත් මෙයයි, මෙයාව කපන්නෙ නැහැ, මෙයාව චෙක්මේට් කරනවා විතරයි එතකොට තමයි සෙල්ලම දිනන්නේ, මෙයාට
හැම පැත්තකටම රැජින වගේ යන්න පුළුවන් හැබැයි එක කොටුවක් විතරයි ඊට වඩා බැහැ.
චෙක්මේට් (Checkmate)
*චෙක්මේට් කියන්නේ සෙල්ලමේ අවසානයයි ඒ කියන්නේ චෙක්මේට් එකක් දුන්නොත් එතනින් සෙල්ලම ඉවරයි එතකොට සුදු හරි කළු හරි දින්නන්න පුළුවන්,
මේ චෙක්මේට් දෙන කෙටි ක්‍රම, දීර්ග ක්‍රම බොහෝ සේ තියෙනවා, මේකෙන් විතරයි සෙල්ලම නතර කරන්න පුළුවන් එතකොට මෙතන චෙක් කියලා කියනවා
අපි සෙල්ලමේදි අහලා තියෙනවා ඒ කියන්නේ රජුට තර්ජනයක් එල්ලකරගෙන ඉන්නේ කියන එක, එතකොට අපි කරන්න ඕනේ රජුව ඒ තර්ජනය එල්ල වෙච්ච තැනින්
අයින් කරන එක නැත්නම් හැමතැනම බලලා ඒ චෙක් එක දීලා තියෙන ඉත්තව කපලා දාන එක, කපලා දාන්න වැඩිය අවස්ථා එන්නේ නැති හින්දා තමයි ගොඩක් අය
පස්සට රජුව අදින්නේ ඉතින් මේ චෙක් හැමතැනින්ම දුන්නොත් තමයි චෙක්මේට් එක වෙන්නේ.
තව දෙයක් ඔයාලා මේකේ එක එක වචන දකිනවා ඇති හරියට “රැජිනව බිශොප්ගේ 4ට” කියලා, ඒ එහෙම වචන තියෙන්නේ රැජින බිශොප් ඉන්න තැනින් 4 වෙනි කොටුවට
අදිනවා කියලා පෙන්නන්නයි, එහෙම තමයි ඒවගේ වචන තියෙන හැමතැනම වෙලා තියෙන්නේ.ඒවගේම එක එක “රජු පෝන් නයිට් එක කරන්න” වගේ වචනවල තේරුම්
තමයි ඒ එක එක චෙස් උපායන්, ක්‍රමයක් වගේ දේවල් තමයි ඒ කියන්නේ.
ඉතින් මම දැන් ඔයාලට චෙස් ක්‍රීඩාව ගැන පොඩි සාරාංශ කිරීමක් තමයි කරේ, එහෙනම් අපි මේ සැරේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකේ වෙන්නේ අපේ ප්‍රධාන චරිත බෙත් පැරිස් යනවා ග්‍රෑන්ඩ්මාස්ට්ර්ලා එක්ක තරඟවලට ඉතින් මෙයාට එයාගෙ පරණ යාළුවා ජොලීන්වත් හම්බෙනවා,
අපි කලින් එකේ දැක්කා, එතකොට ජොලීන් මේ බෙත්ට පොඩි උදව්වක් කරනවා පැරිස් යන්න ඒක ගැන මම කියන්නෙ නැහැ, එතකොට මේ බෙත්ට ඒ ග්‍රෑන්ඩ්මාස්ට්ර්ලා
අස්සේ හම්බෙනවා බොර්ගෝව්වත් එයාව තමයි මෙයාට පරද්දන්න අමාරු කෙනා ඉතින් එයා තමයි මෙයාගේ අන්තිම තරඟකරු වෙන්නේ, ඉතින් කතාව ගැන මම වැඩිය
කියන්න යන්නේ නැහැ මොකද ඕකේ කුතුහලේ නැතිවුනොත් වැඩක්ම නැහැ, එහෙනම් අපි බලමු බෙත් කොහොමද මෙයාලා ඔක්කොටම මූණ දෙන්නේ කියලා,
එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! තෙරුවණ් සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks jayawewa…..!
Thanks machan
thank you brother
Thanks. ……good luck. …….
thanks machi