Monday , March 18 2024
DON'T MISS

The Trip (2021) AKA I onde dager Sinhala Subtitles | මරණය තෙක් අපි වෙන්වෙමු [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Trip (2021) AKA I onde dager Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.0/10

Stars :  Noomi Rapace, Aksel Hennie, Atle Antonsen

Language :  Norwagian

Director :  Tommy Wirkola

ඉතින් දැන් අපේ ෆිල්ම් එක බලමු. මේක නෝර්වීජියානු පට්ට ත්‍රිලර් කොමඩියක්. නම I onde dager. මේකෙ ඉංග්‍රීසි පිටපත තමයි The Trip. මුලින්ම තිරගත වුනේ 2021 ජුලි 30 නෝර්වේහීදී. Action, Comedy, Horror, Thriller යන වර්ගයන්ට අයත් වෙනවා. මිනිත්තු 113 ක ධාවන කාලයකින් යුතු වන අතර 7/10 ක IMDb අගයක්ද, Google පරිශීලකයන්ගේ මනාපය 87% ක්ද ලබාගෙන තියෙනවා. ප්‍රධාන නිළි චරිතයට පෙනී ඉන්නේ Noomi Rapace. ඇයව ඔයාලට මතක ඇති The Girl with the Dragon Tattoo [2009] සහ Close [2019] යන නිර්මාණ වලින් මතක හිටින රංගනයන් ඉදිරිපත් කලා. ඇය මෙහි ලීසාගෙ චරිතය පණපොවන අතර අනෙක් චරිත වලට Aksel Hennie (ලාර්ස්), Atle Antonsen (පෙටර්), Christian Rubeck (ඩේව්), André Eriksen (රෝයි) සහ Stig Frode Henriksen (වික්ටර්) එකතු වෙනවා.

කතාව දෙසට හැරුනොත් මුල ඉඳන් අග වෙනකල්ම ඇක්ෂන්, කුතුහලය වගේම කොමඩිත් පිරිච්ච එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක්. කොමඩි කිව්වට මේකෙ ත්‍රිලර් පැත්ත කොමඩි වලින් විකාරයක් කරල නෑ. ත්‍රාසයට භීතියට හානියක් නොවෙන විදිහට චිත්‍රපටය පුරාම සිනහව තවරන්න නිර්මාපකයන් සමත්වෙලා තියෙනවා. කොමඩි කිව්වට මේක Black Comedy. ලොකු අසභ්‍ය, නිරුවත් දර්ශන නම් නෑ. නමුත් අසභ්‍ය වචන තමයි තියෙන්නෙ. මම නම් සබ් එකේ ඒ වචනම භාවිතා කරල නෑ. සාමාන්‍ය භාවිතයේ තියෙන විදිහට සැර අඩු කරල දාල තියෙන්නෙ. සමහර අනවශ්‍යම ඒවා අතහැරියා. ඒත් ළමයිට නම් නිර්දේශ කරන්න බෑ. හරියට බැලුවොත් ටීවී එකේ යන ඒවලත් ඊට වඩා තියෙනවා. ඒක ඔයාල තීරණය කරන්න. කොහොම වුනත් විවාහක ජෝඩු වලට නම් මේකෙ හොඳ පණිවිඩයක් තියෙනවා. ලාර්ස් රූපවාහිනි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක්. එතරම් සාර්ථකත්වයක් නෑ. වියදම් අධික, වගකීමක් නැති ජීවිතයක් ගෙවන්නෙ. අහස උසට ණය. ළඟදීම වාහන, ගෙවල් පවා අහිමි වෙන්නයි යන්නෙ. එයාගෙ නෝනා, ලීසා නිළියක්. තාම කරන්නෙ වෙළෙඳ දැන්වීම් සහ සුලු චරිත. එයාගෙ නාට්‍ය පන්තියේ හාදයෙක් එක්ක තියෙන සම්බන්ධයකුත් ලාර්ස් දැනගන්නවා. ඉතින් මේ දෙන්නා ලෝකෙට පේන්න හොඳට හිටියට ඇතුලෙ ගිනි ගොඩක්. හරියට ගිනි කන්දක් වගේ. දවසක් සති අන්තෙක මෙයාලා ට්‍රිප් එකක් යනවා. ඈත පිටිසර වැවක් අයිනෙ තියෙන, ලාර්ස්ගෙ තාත්තා හදපු සමර්හවුස් එකකට. ඒත් මේ දෙන්නගෙම හිතේ තියෙන්නෙ වෙන දෙයක්. ඒ අනිත් කෙනාව මරන්න කරන්න. එයාල ඒකට අවශ්‍ය දේවල් අරගෙන ෆුල් ප්ලෑන් පිට යන්නෙ. ලාර්ස්ගෙ හවුල්කාරයෙක් වන වික්ටරුත් සීන් එකට එන්න නියමිතයි. ඒ අතරේ හිරෙන් පැනල යන මිනීමරු අපරාධකරුවන් වන පෙටර්, ඩේව් සහ රෝයි යන තුන් දෙනත් මේ සමර්හවුස් එකට කඩා වැදීමත් සමග මේක පට්ට කැඳ හැලියක් බවට පත් වෙනවා.

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

One comment

  1. Bro Night Teeth (2021) Filumeth SUb genna puluwannam…🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *