Monday , June 22 2026
DON'T MISS

Violent Night (2022) Sinhala Subtitles | සාහසික රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Release date:December 2, 2022 (USA)

IMDB Rate :  7/10

Stars : David Harbour,John Leguizamo,Beverly D’Angelo,Alex Hassell

Language :  English

Director :Tommy Wirkola

ආයුබෝවන්!! 🙏🙏 ඔන්න එහෙනම් මේ සීතල නත්තලට ඔයාලට විශේෂ දෙයක් අරගෙන එන්න ඕන කියලා හිතුනා. ඒ හින්දම මං අද උණු උණුවෙම අරගෙන ආවේ අලුතෙන්ම release උන සුපිරිම පන්නයේ චිත්‍රපටයක්. ඔව් ඒ තමයි VIOLENT NIGHT (2022). මේ සීතල නත්තලේ කාටත් රසවිඳින්න පුළුවන් සුපිරිම සුපිරි ෆිලුමක් කිව්වොත් මං වැරදි නෑ. චිත්‍රපටයේ නම කියෙව්වමත් ඔයාලට ඒක තේරෙනවා ඇතිනේ. ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක විදිහට Tommy Wirkola කටයුතු කරද්දී නිෂ්පාදක මඩුල්ල විදිහට Kelly McCormick; David Leitch; Guy Danella අය එකතුවෙලා තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටයට සංගීතය සපයලා තියෙන්නෙ Dominic Lewis විසින්. පැය 1යි මිනිත්තු 52 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Comedy/Action ඛාණ්ඩයට අයත් වෙද්දී, IMDb අගය 7/10 හිමි කරගෙන ඩොලර් මිලියන 58.4 ක Box office වාර්තාවකට ද හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. තව ද Rotten Tomatoes අගය 73% ක්ද 90% ගූගල් පරිශීලක අගයක්ද ලබාගෙන තියෙනවා.

චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කළොත්,
• නත්තලට තෑගි බෙදන්න එන නත්තල් සීයෙක් වටා ගෙතුණු චිත්‍රපටයක්.
• හොඳට විනෝද වෙන්න පුළුවන් ආතල් චිත්‍රපටයක්. 🖐️😂 බලද්දී වෙලාව යනවා තේරෙන්නෑ.
* 7/10 IMDb rate එක, මගේ Rate එක 4.5/5 ★★★★☆
ඉතින් ඔයාලටත් මේක බලන්න ආරධනා කරලා අදට මං මෙතනින් නවතිනවා!!

☃️✨🎄 හැමෝටම සුභ නත්තලක්!!! 🎄✨☃️

 

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *