මුලින්ම මේකේ Trailer ඒක බලලා ඉන්න
හිරානෝ යූකී අපේ කතාවේ කතා නායකයා(මේකේ සමහර තැන්වල මිරානෝ කියලත් කියනවා මං හිතන්නේ ඒක එක්කෙනා වචන සබ්ද කරන විදිය වෙනස් නිසා, කෙනාගෙන් කෙනාට සද්දේ වෙනස් වෙලා ඇහෙන්නේ. මිරානෝ වුනත් හිරානෝ වුනත් දෙන්නම එක්කෙනෙක් හොදේ). හිරානෝ විබාගේ ෆේල් වෙනවා. කොල්ලා ඉගෙනගනිද්දී යාළුවෙලා හිටපු කෙල්ල වෙන්වෙමු කියනවා. උසස් පාසලට යන්නේ නැතුව එයා යනවා වන වගාව පාඨමාලාවකට, පටන් ගත්ත වෙලේ ඉදං කොල්ලා නානවා සැරටම. එත් පොර කට්ට කාගෙන ඉන්නවා. එතනින් දානවා ට්‍රේනින්ග් වෙන තැනකට එතන ඊට හපන්, යූකී මොනවගේ ගේමක් ගහයිද. ගොඩ යන්න මොනවා කරයිද? මේක අස්සේ ලස්සන ලව් එකකුත් යනවා. ගස් කපන එකට හැමෝම විරුද්දයි තමයි ඒ උනාට මේක බැලුවොත් ගොඩක් දේවල් ජීවිතේට අරගන්න පුළුවන්, ජංගි ඇදන් කරන පූජාවක් තියෙනවා මේකේ, ඒක දැකලා තමයි මට අයිඩියා ආවේ සබ් එක කරන්න ඒ කොටස ඒ තරම් ලස්සනයි.
බැලුවට පාඩු නැති සුපිරි කතාවක්.
මේක වැටෙන්නේ Japanese කොමඩි film කියන ගණයට IMDB එකේ 7.5ක් රේටින්ග්, හිතා ගන්න පුළුවන්නේ කතාව ගැන. මේක අධ්‍යක්ෂණය කරන්නේ Shinobu Yaguchi කතාව ලියලා තියෙන්නේ Shiwon Miura (based on the novel by), Shinobu Yaguchi (screenplay), රංගනයෙන් Masami Nagasawa, Shôta Sometani, Nana Seino. Box office ¥107 million (Japan).
ඉතිං මේක මගේ 8 වෙනි උපසිරැසිය 1 වෙනි චිත්‍රපටි උපසිරැසිය අනිවාරයෙන් අදහසක් දාලා යන්න. ඔයාලගේ කොමෙන්ට් නිසා තමයි දිගටම උපසිරැසි කරන්න හිතෙන්නේ. එහෙනම් බන්සායි! බන්සායි! බන්සායි! (දිගු ආයු කාලයක්)
Year : 2014
IMDB Rate : 7.5/10
Stars : Masami Nagasawa, Shôta Sometani, Nana Seino
Language : Japanese
Director : Shinobu Yaguchi
Mega Links
මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත
– ඉමිල උමේෂාන් –
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]