Monday , March 18 2024
DON'T MISS

Tenet (2020) Sinhala Subtitles | සන්නද්ධ කාලයාත්‍රිකයෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Tenet (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  7.8/10

Stars :   John David Washington, Robert Pattinson, Elizabeth Debicki

Language :  English

Director :  Christopher Nolan


ඉතින් කට්ටිය ඔන්න මම 2020 නිකුත් වෙච්ච සුපිරිම ෆිලුමට තමයි සබ් අරගෙන ආවේ, ඉතින් මං මේක ගොඩක් පරක්කු වෙලා හරි අරන් ආවේ මොකද මේ ෆිල්ම් එක අති
විශේෂ එක වෙන නිසයි. මේකේ මුලින්ම කැමරා පිටපතක් නිකුත් වුනාට ඒවට මම සබ් ගැහුවේ නැහැ මට ඕනේ වුනේ හරිම සබ් එක එනකන් ඉඳලා ගහන්නයි ඉතින් ඒවගේම
කැම් කොපියේ සබ් එකේ ලයින් 1466ක් තියෙද්දි හරි ඔරිජිනල් සබ් එකේ ලයින් 1846ක් තියෙනවා ඉතින් පේනවනේ වෙනස ඒක නිසයි මම මේක එනකන්ම ඉඳලා ගහන්න හිතුවේ,
ඉතින් අපි දැන් එහෙනම් ෆිල්ම් එක ගැන චුට්ටක් බලමු…..නමින් මේක Tenet (2020) වනවා.ඉතින් මේක අපි කවුරුත් දන්න ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂකවරයා තමයි
මේ ෆිලුමත් අධ්‍යක්ෂණයක් කරේ, ඉතින් මම ඔයාලට එයාගේ ෆිලුම්වල ලිස්ට් එකක් පෙන්නන්නම්,

1.Intestellar
2.Dunkirk
3.Inception
4.The Dark Kinght Rises
5.Man of Steel
6.The Prestige
7.Batman Begins
8.The Dark Knight

ඉහත තියෙන්නෙ එයාගේ උපරිමෙන්ම ජනප්‍රිය වෙච්ච ෆිලුම් ටිකක්.ඉතින් ඒත් එක්ක අපි දැන් මෙයාගේ මේ අවුරුදු ජනප්‍රිය වෙච්ච TENET ෆිලුමටත් පොඩ්ඩක් හැරෙමු.
ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ මෙයාගේ ගොඩක් කතා සංකීර්ණ ඒවා, ඒක නිසා දෙපාරක් තුන්පාරක් විතර බලන්න ඕනේ තේරුම් ගන්න නම්, ඉතින් මේකත් ඒවගේ තමයි
මුල ඉඳන් අගට හරියට මනසින් බලපු කෙනෙක්ට මේ කතාව තේරුම් ගන්න පුළුවන්.ඉතින් මේකේ IMDB දර්ශකේ 7.7 ක වැනි ඉහළ අගයකයි තියෙන්නේ.ඒවගේම
Rotten Tomatoes අගය 71% ක් තියෙනවා.ඒත් එක්ක අපිට මේකේ රංගනයෙන් දායක වෙන්නේ, Juhan Ulfsak, Jefferson Hall, John David Washington, Andrew Howard
යන නළු නිළියන්ය.ඉතින් ඒත් එක්ක මේක හොඳ මනසින් බලන්න කියලා මතක් කරන ගමන් මම කතාව පැත්තට පොඩ්ඩක් හැරෙනවා…….

මේකේ ප්‍රධාන නළුවායි තව කට්ටියකුයි මුලදි නම් ඔපෙරා නිවාසයක් වටලනවා ඊටපස්සේ මෙයා යනවා විද්‍යාඥවරියක් හම්බෙන්න, එයා අපේ නළුවට කාල තරණය ගැන කියනවා,
ඉතින් එතකොට මෙයා පොඩි පරීක්ෂණ ටිකකුත් කරලා පෙන්නනවා, මේක මොන වගේ දේකින්ද වෙන්නේ කියලා, ඒත් එක්කම මෙයාට කියනවා මේ පරීක්ෂණ කරද්දි උණ්ඩ දෙකක්
තමයි පාවිච්චි කරද්දි, එතකොට ඒ විද්‍යාඥවරිය කියනවා ඔය එක උණ්ඩයක් අනාගතෙන් ආපු එකක් කියලා ඊටපස්සේ මෙයා ඒ මොකටද ඇහුවා 3න් වෙනි ලෝක යුද්ධෙට
පෙරෙනිමිත්තක් කියලා තමයි එයා කියන්නේ, අපි දන්නේ නැහැ ඉතින් ඒක තුන්වෙනි ලෝක යුද්ධේ ගැනද නැත්නම් වෙන දෙයක් ගැනද කියල, ඉතින් ඊටපස්සේ කතාවේ
තැනින් තැන වෙනස් වෙන්න ගන්නවා, මෙයාට චිත්‍රයක් නිසා කෙනෙක්ව හම්බෙනවා ඒ කෙනාගේ සැමියා නිසා මෙයාට මූණ දෙන්න වෙන අනතුරක් තියෙනවා ඇත්ත වශයෙන්ම
කිව්වොත් එයා නිසා මුළු ලෝකේම අමාරුවේ වැටෙන තරමේ අනතුරක් ඉතින් ඒවා මම මුකුත් කියන්නේ නැහැ මොකද ඒවා කිව්වොත් කතාවෙන් ඇති වැඩක් නැතුව යනවා.

ඉතින් දැන් අපි ෆිලුම බලන අතරතුරේ අපිට මෙන්න මේ වගේ වගන්තියක් හම්බෙයි “අපි ජීවත්වෙන්නේ නොපැහැදිලි ලෝකෙක, එතකොට සැන්දෑ වෙලාවට යාළුවොත් නැහැ” කියලා
අමුතුම ජාතියේ ප්‍රකාශනයක් මේකෙන් සැරෙන් සැරේ ඇහෙයි, ඉතින් මේකේ තේරුමත් මට ඔයාලට කියන්න ඕනේ කියලා හිතුනා මේ වගන්තියෙන් ක්‍රිස්ටෝපර් නෝලන් තේරුම්
කරලා තියෙන්නේ “කෙනෙක් කාගේ පැත්තෙන්ද ඉන්නෙ, එතකොට ඔත්තු කරුවන්ට එක එක තැන්වලට ප්‍රවේශ වෙන්න රහස් දෙන එක වලකන්න” ඔන්න ඔය වගන්තිය තමයි
එක කොට්ඨාසයක් මේකෙන් තේරුම් කරනවා කියන්නේ, තව කොට්ඨාසයක් තව එකක් කියනවා, “නොපැහැදිලි කියන එකයි සැන්දෑ වෙලාව කියන එකයි බලාපොරොත්තුව සහ
නැවත උපතට කියන වචන දෙකක් වෙන්න පුළුවන්ලු, ඉතින් ගොඩක් අය නම් හිතන්නේ මේ දෙවෙනි එක වෙන්න පුළුවන් කියලා මොකද මේකේ පටන්ගැන්මැදි මේකේ ප්‍රධාන
නළුවා හේතුවක් නිසා සියදිවි නසාගන්නවා ඊටපස්සේ ආපහු ඉපදෙනවා. ඉතින් හේතුව නිසා දෙවෙනි එක කියලත් කියනවා. ඉතින් මම කියන්නෙ ඔයාලා මේක බලලම කොයි එකද
කියලා තීරණය කරනවා නම් තමයි හොඳ, ඉතින් මගේ උපසිරැසි බාගෙන බලන සියලු දෙනාටම ස්තූති කරගෙන, මම එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙන්නම් කියලා යන්න,
බොහෝම ස්තූති!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!!

Download Menu

 

 

480p Links

>>  600MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  600MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  600MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

720p Links

>>  1.35GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.35GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.35GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

>>  2.8GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  2.8GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay | WEB | HD පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tenet (2020) Sinhala Subtitles”

Tenet-2020-BR.zip – Downloaded 10090 times – 119.90 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

6 comments

  1. Thank you so much..me site ekata patta adrei..film ekai sub ekai ekama tana ❤

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. සිංහල උපසිරැසියට බොහොම තුති!

  4. Thanks sudda

  5. oyala dila thiyena links walin gihin download karaddi download speed eka godak adu wenawane eka hadaganne kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *