Tuesday , March 19 2024
DON'T MISS

Alita Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන මරණයේ දෙව්දුව..[සිංහල උපසිරසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Alita Battle Angel (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.6/10

Stars :   Rosa Salazar, Christoph Waltz, Jennifer Connelly

Language :  English

Director :  Robert Rodriguez

සුභ දසක් හැමෝටම.. අද මම අරන් ආවේ මීට දවස් කීපයකට කලින් නිකුත් කරපු ලෝකය පුරාම ගොඩක් වේගයෙන් ජනප්‍රිය වෙමින් තියෙන සුපිරිම සුපිරි චිත්‍රපටයක්..

මෙම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ 1990 ගණන් වල ජපානයේ විකාශනය වුණ Yukito Kishiro විසින් රචනා කරන ලද Battle Angel Alita කියන කාටූන් මාලාව පදනම් කරගෙන. Robert Rodriguez විසින් අධ්යක්ෂණයද James Cameron සහ Laeta Kalogridis විසින් රචනා කර ඇති අතර Cameron සහ Jon Landau විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ.. මේ චිත්‍රපටිය ගැන 2003දී නිවේදනය කරත් නිශ්පාදන කටයුතු ප්‍රමාද වීමක් නිසා චිත්‍රපටිය 2016 වෙනකන්ම ඇදීගෙන ආවා.. 2016 අප්‍රේල් මාසයේදී චිත්‍රපට අධ්යක්ෂකවරිය ලෙස Robert Rodriguez ප්‍රකාශයට පත් කරන ලද අතර 2016 ඔක්තෝබර් මාසයේදී ප්‍රදාන රංගන ශිල්පිනිය විදිහට Rosa Salazar තෝරාපත්කරගත්තා.

2019 ජනවාරි 31 වනදා අමරිකාවේ ඕඩෙන් ලීසෙස්ටර් චතුරස්‍රයේදී පැවැත්වූ මංගල්‍යයෙන් පස්සෙ 20th Century Fox ආයතනය විසින් පෙබරවාරි 14 වනදා සිට Real D 3D, Dolby Cinema 3D සහ IMAX 3D යන චිත්‍රපට ශාලා වලට නිකුත් කරන ලදි. Action, Adventure, Romance ගණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නෙ. IMDB දර්ශකයේ 7.6ක අගයක් හිමි වෙලා තියෙනවා. 2009දී ලොව පුරා ජනප්‍රිය වුණ Avatar (2009) චිත්‍රපටයෙන් පසුව Lightstorm Entertainment ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ප්රථම චිත්රපටය මෙයයි. 2019දී එලිදැක්වෙන චිත්‍රපට අතර හොඳම චිත්‍රපටය ලෙස් මෙය ඉහළට ගෙන ඒම තමයි මොවුන්ගේ ප්‍රදාන බලාපොරොත්තුව. ලොව පුරා ජනප්‍රිය සුපිරි තරු රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මෙම චිත්‍රපටිය මේ වෙනකොට ලොව පුරා ඩොලර් මිලියන 351 කට වඩා වැඩි ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා.. ඉතින් හිතාගන්නකෝ ෆිල්ම් එක කොච්චර සුපිරිද කියලා.. විනාඩි 122ක් පුරා ධාවනය වන මේ ෆිල්ම් එක පටන්ගත්ත වෙලාවෙ ඉඳලා ඉවරවෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මට බලන්න පුලුවන්.. ඒ ව්ගේම කියන්න ඕනි මේක පවුලේ ලොකු කුඩා හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්..

රංගනයෙන් දායක වන නලු නිළියන්

Rosa Salazar – Alita
Christoph Waltz – Dr. Dyson Ido
Jennifer Connelly – Chiren
Mahershala Ali – Vector
Ed Skrein – Zapan
Jackie Earle Haley – Grewishka
Keean Johnson – Hugo
Jorge Lendeborg Jr. – Tanji

ඇලීටා කියන්නේ බලාපොරොත්තු සුන් වුණ යුගයක ඩොක්ටර් එඩෝ නම් පුද්ගලයා විසින් සිදු කළ නිර්මාණයක්. ඇලිටා මාරාන්තික, භයානක පුද්ගලයෙක් බවට පත්ව ඇත. ඇය කවුද ඇය පැමිණීයේ කොහේ සිටද යන්න කිසිවක් ඇය නොදනී.. නමුත් මේ සියල්ල ආචාර්ය එඩෝ විසින් පැහැදිලිවම දැන සිටියි. මිනී මැරුම් වල සහ විනාශයේ චක්රය බිඳ දැමිය හැකි එකම තැනැත්තා ඇයයි. නමුත් ඇයගේ සැබෑ අරමුණ ඉටු කිරීමට ඇය සටන් කර දුෂ්ටයන් මරාදැමිය යුතුය. ඇලිටාගේ සැබෑ අර්ථය වන්නේ එයයි. ඇය ස්වර්ගයේ දේවදූතිකාවක්. ඇය මරණය නමැති දූතිකාවයි..

ඔයාලගෙ අදහස් පහතින් කමෙන්ට් කරල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම..

ජයවේවා..!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Halo [S02 : E07] Sinhala Subtitles | මට තියෙනවා වෙනම මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 24, 2022 (USA) IMDB Rate :  7.2/10 Stars :  Pablo Schreiber, Shabana …

6 comments

  1. hiruprabha perera

    alita battle angel eke sub eka supiri

  2. Thanks Machan..

  3. Dn oi ek blnne… සුපිරි ආ😉

  4. kohomada me film eka down karanne

  5. thanks down karagaththa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *