Tuesday , July 14 2026
DON'T MISS

BAC Nord (2020) AKA The Stronghold Sinhala Subtitles | මාරාන්තික පොලිස් බලකාය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year :  2020

IMDB Rate :  7.0/10

Stars :  Gilles Lellouche, Karim Leklou, François Civil

Language :  French

Director :  Cédric Jimenez

අද ඔබ වෙත රැගෙන එන්නේ ප්‍රංශ භාෂා චිත්‍රපටයක්. මෙහි ප්‍රංශ නාමය BAC Nord(2020), ඉංග්‍රීසි නාමය The Stronghold (මෙහි BAC යන්නේ තේරුම Brigade anti-criminalité නොහොත් ප්‍රංශ පොලිස් සේවා අපරාධ නාශක බ්‍රිගේඩය). ක්‍රියාදාම, අපරාධ හා ත්‍රාසජනක යන තුන් වර්ගයට අයත්, හෝරාවකුත් මිනිත්තු 45ක ධාවන කාලයකින් යුත්, ප්‍රංශයේ අපරාධ බහුලම ප්‍රදේශයක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙහි රචනය ඔඩ්‍රෙ දිවාන් හා සෙඩ්රික් ඉමනෙස්ගෙන් වන අතර අධ්‍යක්ෂණයත් සෙඩ්රික් දිවාන්ගෙන්මයි. රංගනයෙන් දායක වන්නේ ජිල්ස් ලෙලූෂ් (ග්‍රේග් සර්වා), කරීම් ලෙක්ලූ (යාස්), ප්‍රංශුවා සිවිල් (ඇන්ටොයින්), ඇඩෙල් එක්සැර්කපලස්( නෝරා), කෙන්සා ෆොටාස් (ඇමෙල්), සිරිල් ලෙෂොම් ( ජෙරොම්) ඇතුළු පිරිසක්. මෙහි එන සැබෑ සිදුවීම් 2012 වසරේ සිදුවූවක් වන අතර එයට නම් සම්බන්ධ වූ අදාල බ්‍රිගේඩ නිලධාරීන් ගණන 18ක් බවයි කියවෙන්නේ. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ලිපියේ සඳහන් කිරීම රස වින්දනයට බාධාවක් විය හැකි නිසා මම එසේ කරන්නේ නෑ, චිත්‍රපටය තුලින්ම එය දැනගැනීමට ඉඩ තබමින්. මෙය මේ වනවිට 7.0ක IMDb අගයක්ද 91%ක ගූගල් පරිශීලක ප්‍රසාදයක්ද ලබා තිබෙනවා.

ප්‍රංශයේ උතුරුදිග මාසෙයිහි අපරාධ බහුල පෙදෙසකයි මෙම කතාව දිවෙන්නේ. එහි අපරාධ ප්‍රතිශතය සමස්ත ප්‍රංශයේම අපරාධ ප්‍රතිශතයට වඩා බෙහෙවින් ඉහල අගයක් ගන්නා බවයි කියවෙන්නේ. එහි අපරාධ මැඩලීමට සටන් වදින BAC බ්‍රිගේඩ නිලධාරීන් පිරිසක් හා ඔවුන් තම රාජකාරිය ඉටු කිරීමට භාවිතා කරන යම් අනීතික ක්‍රම නිසා ඔවුන්ම නීතිය ඉදිරියේ පත්වන අවධානමයි අපට චිත්‍රපටය පුරාවට දකින්නට ලැබෙන්නේ මෙහි එන ප්‍රධාන චරිත තුන වන ග්‍රේග්, යාස්, ඇන්ටොයින් යන නිලධාරීන් දෙදෙනා හරහා. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

මෙහි ඉංග්‍රීසි භාෂා හඬකැවූ පිටපත්ද (DUBBED)අන්තර්ජාලයේ ඇති අතර, උපසිරැසිය සකසා ඇත්තේ එම පිටපත්වලට නොව ප්‍රංශ භාෂා පිටපත්වලට බව සලකන්න. ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වයම සහිත පිටපත් (DUAL AUDIO/ ENG- FRE) සතු අය ඔබ භාවිත කරන වීඩියෝ ධාවක මෘදුකාංගය මගින් ප්‍රංශ භාෂාවට මාරුකරගන්න.

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *