ඉෂාන් අරංගල සහෝගේ 300 වෙනි උපසිරැසි ගැන්වීමට
අපගේ උණුසුම් සුබ පැතුම්!!
Year : 2021
IMDB Rate : 7.6/10
Stars : Ryan Reynolds, Jodie Comer, Taika Waititi
Language : English
Director : Shawn Levy
ඉතින් හැමෝම කොහොමද? මං හිතනවා හැමෝම සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා, ඉතින් මේ සබ් එක මට විශේෂ සබ් එකක් මොකද මේ තමයි මගේ 300 වෙනි උපසිරැසි ගැන්වීම, මං මේ සයිට් එකට ආවේ ගිය අවුරුද්දේ ජුනීවල වගේ ඉතින් ඒ ඉඳන් දැන් වෙනකන් සබ් 300ක් ගහන්න මට පුළුවන් උනා, ඉස්සර මං මේ සයිට් එකට කොච්චර ෆිල්ම් දැම්මත් මට එහෙම කමෙන්ට් එකයි දෙකයි එන්නේ කමෙන්ට් එන්නෙම නැහැ, ඉතින් මට තිබ්බා එහෙම වෙද්දි සබ් වැඩේ අතෑරලා ෆිල්ම්ම බල බල ඉන්න ඒඋනාට මං එහෙම කරේ නෑ කිසිම ලාභයක් නැහැ ලයින් 1000කට පැය 5ක් ගත කරලා මහන්සි වෙලා තමයි මේ සබ් කරන්නේ, ඔයාලා සබ් එකක් හරි කරලා තියේ නම් ඔයාලා දන්නවා සබ් 300 ක් ගහන එකේ කට්ට කෑම මොන වගේද කියලා, ඉතින් කොහොමහරි අද මං 300 වෙනි එකත් අරගෙන ආවා, ඉතින් මට දැන් කමෙන්ට් එද්දි කොහොමද මම සබ් ගැහිල්ල නවත්තන්නේ ඔයාලා වෙනුවෙන්ම මං මේක කරනවා ඉතින් මට මාරම සතුටුයි ඔයාලගේ කමෙන්ට් දැක්කාම, මොකද ඒකෙන් මට අමුතු දෛර්යයක් එනවා සබ් කරන්න, ඉතින් ඇත්තටම කමෙන්ට් දාන හැමෝටම ස්තූති කියන්න ඕනේ, මං මගේ හදවතින්මයි ස්තූති කියන්නේ, ඉතින් තව මතක් කරන්න ඕන ඕනවෙලාවක ෆිල්ම් එකක් යවපු ගමන් සබ් එක අරන් පෝස්ටර් හදලා පටස්ගාලා සබ් එක සයිට් එකට දාන ඇඩ්මින් අයියාවත්, එයත් ගොඩක් මට මේ වැඩේට උදව් කරනවා, ඉතින් එයාවත් මං මෙතන මතක් කරනවා. තව දෙයක් ඔයාලට මේ සබ් ගේන මම මේ අවුරුද්දේ O/L ලියන්න ඉන්න කෙනෙක්, මං තාම 11 ශ්‍රේණියේ ඉන්නේ, ඒත් මං සබ් 300ක් කොහොමහරි ගැහුවා. ඉතින් මං දැන් වැඩිය කතා කරන්නැහැ, මගේ 300 වෙනි සබ් එක රස විඳින්න කියලා, ඔයාලට කතාව ගැන පොඩ්ඩක් කියන්නම්….
ඉතින් මං මගේ 300 වෙනි සබ් එකට තෝරගත්තෙ Free Guy (2021) සබ් එකයි. මේකේ IMDB අගය 7.6ක් වෙනවා, ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Action, Adventure, Comedy යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Shawn Levy යන කෙනයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Ryan Reynolds. Jodie Comer, Taika Waititi, Lil Rel Howley, Joe Keery ආදි නළු නිළියන්ය. ඉතින් ඒත් එක්ක රයන් රෙයිනෝල්ඩ්ස් ගැන මතක් කරන්න දෙයක් නැහැනේ ඔයාලා දන්නවනේ එයාගේ ෆිල්ම් කොහොමත් සුපිරි ඒවා කියලා, ඒත් එක්ක මේක ගොඩක් ගේම් ගහන අයට නම් වාසි ෆිල්ම් එකක්, ඉතින් අපි ඒ ටිකත් එක්ක මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මට මේකේ වැඩි දෙයක් කියන්න බැහැ මොකද ස්පොයිල් වෙන්න ඉඩ තියෙනවා, ඉතින් මං මෙහෙම පුංචි සබ්ටයිට්ල් එකේ කියන දේවල් ටිකක්
දාන්නම් එතනින් එහාට ඔයාලා මේක අරන්ම බලන්න,
“මගේ නම ගායි,
මම ඉන්නේ පාරාදීසෙක.”“මම ෆ්රී සිටිවල තමයි
මගේ මුළු ජීවිත කාලෙම හිටියේ.”“මට හොඳම යාළුවෙක් ඉන්නවා,
මට ගෝල්ෆිශ් කෙනෙක් ඉන්නවා,”“ඒත් එක්ක මං බැංකුවේ වැඩ කරන්නෙ.”
“වෙන මොනාද මනුස්සයෙක්ට ඕනේ?”
“හොඳ දවසක් වේවා නෙමෙයි,
සුභම දවසක් වේවා!!”
ඉතින් ඔය ටික විතරයි මං කියන්නේ, මං මගේ උපසිරැසි බලන හැමෝගෙන්ම එක ඉල්ලිමයි කරන්නේ මට කමෙන්ට් එකක් දෙන්න, ඔයාලට හැමදාම ෆිල්ම් පරක්කුවක් නැතුව ගෙනත් දෙනවා… එහෙනම් සුබ දවසක් වේවා!! ජය වේවා!! බොහොම ස්තූතියි!!! කොරෝනා කාලේ පරිස්සමෙන් නිරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

