Year : 2016
IMDB Rate : 7.8/10
Stars : Ram Charan, Arvind Swamy, Rakul Preet Singh
Language : Telugu
Director : Surender Reddy
චිත්‍රපටයේ කතාව ගැන කියන්න දෙයක් නෑ.මොකද මේක තෙළුගු සිනමාවේ හුගක්ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් රී-මේක් එකක්.
ජනප්‍රිය නැත්නම් මෙච්චර IMDB අගයකුත් හම්බවෙනවයැ නේද.පැය 2 යි විනාඩි 45 දිව යන මේ කතාවට IMDB 7.8 ක්
ලැබිලා තියනවා.ක්‍රියාදාම,අපරාධ,ත්‍රාසජනක ගණයට අයත් වන මෙම කතාව අධ්‍යශනය කරලා තියෙන්නේ Surender Reddy සහ
මේ කතාවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ දැනට තෙළුගු සිනමාවේ ඉන්න සුපිරිම තරුවක් වන Ram charan හා ඒ වගේම
පට්ටම නළුවෙක් වන Arvind Swamy.
තනිකම…තනිකමට හුරු උනොත් ඒක පට්ටයිලු කියලා තනිකමට හුරු වුන අය කියනවා.අන්න ඒ විදියට තමන්ගෙම කියලා
ලෝකයක තනිවුණු දෙදෙනෙක්ගේ කතාවක් තමා මේ දෘවා කියලා කියලා කියන්නේ.දෘවා කියලා කියන්නේ එක පොලිස්
නිලධාරියෙක්.අනිත් එක්කෙනා තමා සිද්ධාර්ත් අභිමන්යූ කියලා කියන්නේ.දෙන්නගේ වෙන වෙනම ලෝකවල් දෙකක් තියෙන්නේ.
ඒත් දෙන්නට සම්බන්ධයක් තියනවා.සම්බධය තමා මුදල්. මුදල් තියන තැන අපරාධ වැඩියි කියලා හැමෝම දන්නවනේ ඉතින්.
ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.අභිමන් යූ කියලා කියන්නේ වයිට් කොලර් ගනයේ අපරාධ කරුවෙක්.
කතාව ගැන කිවුවොත් සිද්ධාර්ත් අභින් යූ පොඩි කාලෙම මිනීමැරීමක් හේතුවෙන් සිර ගත වන පුද්ගලයෙක්.එහෙම කිවුවම
ඔයාලා හිතන්න එපා මෙයා වැරැද්දක් නොකර සිර ගත උනා කියලා, වැරැද්දක් කරලා තමා සිර ගත වෙන්නේ.තමන්ගේ තාත්තව MLA
කෙනෙක් කරන්න හිතා ගෙන තමා මෙයා හිරේට යන්නේ.මෙයා හිරේට ගිහින් ඇවිත් කරන්නෙත් අපරාධ වැඩම තමා.
හැබයි ඒවා පිටත ලෝකය දන්නෙවත් නෑ.ඒකයි මන් කිව්වේ මෙයා වයිට් කොලර් ගණයේ අපරාධ කරුවෙක් කියලා.
කොහොම හරි මෙයා ඉන්දියාවේ තිබෙන උසස් සම්මානයක් වන “පද්ම ශ්‍රී” සම්මානයෙන් පවා පිදුම් ලබන පුද්ගලයෙක්.
ඉතින් ඔයාලම හිතන්නකෝ මෙයාගේ මොලේ කොහොම ඇතිද කියලා.
දෘවා කියලා කියන්නේ අම්මා තාත්තා නැතිව තනියම උස් මහත් වුනු පුද්ගලයෙක්.මෙයා අපරාධ පසු පස හඹාගෙන ගිහිල්ලා
අපරාධ කරුවන් සුනු විසුනු කරලා දාන කෙනෙක්.මෙයා පොලිස් ට්‍රේනින්ග් එක ඉවර වෙලා එයාලගේ පත් වීම ලබා ගන්න දවසේ තමා
සිද්ධාර්ත් අභිමන් යූ සහ දෘවා දෙන්නා එකිනෙක මුන ගැහෙන්නේ.
ඉතින් මේ දෙන්නගේම දිශානතිය එක නිසා අනිවාර්‍යෙන්ම මේ දෙන්නා හමුවෙනවා.ඉතින් ඒ හමුවීමේ අවසානය කොයි වගේද
කියලා ඔයාලම චිත්‍රපටය බලලා තීරණය කරන්නකෝ……………………………..
Userdrive Links
720P 1.5GB HD පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
720P 1.5GB HD පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HD පිටපත් සඳහා ලබා දි ඇත
Download “Dhruva (2016) Sinhala Subtitles” Dhruva-2016.zip – Downloaded 2948 times – 57.12 KB
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
thanks sinhala sube ekata (Yuvarathnaa 2021 kannada film )ekatath sube danna jayawewa,,,
aniwa sahoo
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!