Monday , August 3 2026

Don’t Breathe 2 (2021) Sinhala Subtitles | අවුස්සගත්තෙ මාරයව! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Don’t Breathe 2 (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.3/10

Stars :  Stephen Lang, Madelyn Grace, Brendan Sexton III

Language :  English

Director :  Rodo Sayagues

කොහොමද කට්ටිය.. ඉතින් හුඟ කාලෙකින් තමයි ආපහු සබ් එකක් අරගෙන ආවේ.. මතක විදිහට අන්තිමේට සබ් එකක් කරේ අප්‍රේල් මාසෙ Winter Soldier එකට. අධ්‍යාපන කටයුතු නිසා දැන් සබ් කරන්න වෙලාවක් නැති තරම්. ඉතින් බලමු ඉස්සරහට මම පුලුවන් විදිහට හොඳ ෆිල්ම් ටිකකට සබ් කරන්නම්.

ඉතින් අද මං අරගෙන ආවෙ මම කැමතිම ෆිල්ම් එකක් වෙන Don’t Breathe 2 චිත්‍රපටියේ දෙවනි කොටස. මම හිතනවා හැමෝම මේකෙ පළවෙනි කොටස බලල ඇති කියලා. බලපු අය නම් දන්නව ඇතිනෙ මේ අන්ධ මනුස්සයගෙ වැඩ කෑලෙ ටික.. ඉතින් මේ වගේම අන්ධ මිනිස්සුන්ගෙ කතාවක් මේ දවස් වල අපේ සයිට් එකේ යනවා SEE කියල සුපිරි ටීවි සීරිස් එකක්. ඉතින් බලපු නැති අයට ආරාධානා කරනවා ඒකත් බලන්න කියලා. ඉතින් අපි ෆිල්ම් එක පැත්තට හැරුණොත් මේ පාර ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.3ක අගයක් ලබාගන්නේ දැනට Votes 4400කට අධික ප්‍රමාණයක් ලබාගෙන. ඒ වගේම 90%ක ගූගල් යූසර්ස්ලා සහ 41%ක කුණු තක්කාලි අගයකුත් ලැබිලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ නම් පළවෙනි එකට වඩා ගොඩක් දරුණු කපා කොටාගන්න සීන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක නිසා මේක පොඩි අය සහ පොඩි දේටත් කම්පනය වෙන අයත් එක්ක බලනවනම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

මේ ෆිල්ම් එකේ යන්නෙ පළවෙනි ෆිල්ම් එකට අවුරුදු 8කට පස්සෙ කතාවක්. අපේ අන්ධ නේවි සීල් භටයා පලවෙනි ගැටුමෙන් අවුරුදු 8කට පස්සෙ පුංචි ගෑනු දරුවෙක් එක්ක තනියම කැබින් එකක ජීවත් වෙනවා. ඉතින් මේ ළමයට මෙයා ඉස්කෝලෙකට වත් යන්න දෙන්නෙ නෑ. ඒ වෙනුවට මෙයාම ගෙදරදි මේ ළ මයට උගන්නනවා. හැබැයි මෙයා උගන්නන්නෙ පොතේ පතේ වැඩ විතරක්ම නෙවෙයි. ඒ මොනවද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.. හැබැයි මේ ළමයා මෙයත් එක්ක ජීවත් වෙන්නෙ නම් එච්චර කැමැත්තකින් නෙවෙයි. දරුව හිතාගෙන ඉන්නෙ එයාගෙ තාත්තා මේ මනුස්සයා කියලා. ඉතින් දවසක් මේ ළමයව හොයාගෙන මිනිස්සු ටිකක් එනවා මෙයාලගෙ කැබින් එකට. හැබැයි නෝමන් නෝඩ්ස්ට්‍රෝම්, එහෙමත් නැත්නම් අන්ධ මිනිසා, මෙයා නම් දරුවව එයාලට දෙන්න කැමති වෙන්නෙ නෑ. ඉතින් එතනින් එහාට මොකක් වෙයිද? මොනවගේ යුද්ධයක් ඇති වෙයිද? මේ ළමයව හොයාගෙන එන මිනිස්සු ඇත්තටම කවුද? මොන හේතුවකටද? ඉතින් ඒකට උත්තර හොයාගන්න ඔයාලට මේ ත්‍රාසය භීතිය පිරුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිය බලන්නම වෙනවා. ඉතින් අරගෙන බලන්න පැය එක හමාරක කාලයක් ඔයාව සුපිරිම ත්‍රාසජනක අත්දැකීමකට අරගෙන යාවි. ඒ වගේම මතක් කරන්න ඕනි ෆිල්ම් එක රිලීස් උන ගමන් මම හෝල් කොපියට ගහල තිබ්බ සබ් එක සින්ක් කරල අඩු පාඩු ටික ගානට හදල දුන්න අපේ ඉෂාන් මලයව. එහෙනම් ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න!! හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්න! – Stay Safe! – Stay Home! –

Check Also

SEAL Team (2017) [Complete S02] Sinhala Subtitles |[සිංහල උපසිරැසි සමඟ]

Year : 2017 IMDB Rate :  7.9/10 Stars : David Boreanaz ,Max Thieriot, Jessica Paré …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *