Monday , March 18 2024
DON'T MISS

Dune (2021) Sinhala Subtitles | ඩූන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Dune (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.3/10

Stars :  Timothée Chalamet, Rebecca Ferguson, Zendaya

Language :  English

Director :  Denis Villeneuve

ඔන්න අද කතා කරන්න හදන්නේ බොහෝ දුරට අපේ ජීවිත කාලය ඇතුලත නිර්මාණය වෙන මීලග දැවැන්තම විද්‍යා ප්‍රබන්ධ සිනමා විශ්වය එහෙම නැත්‍තම් මූවි ෆ්‍රැන්චයිස් එක ගැන කතා කරන්න. මේ වෙනකොට ෆිල්ම් එකේ කැරැක්ටර් පෝස්ටර්ස් පවා ඇවිල්ලා ඉවරයි. ඔක්තෝබර් මාසේ 22 තමා ෆිල්ම් එක තියටර්ස් වලට වගේම HBOmax ස්ට්‍රීමින් එකට රිලීස් වෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් මාසේ 03 වෙනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී Dune ෆිල්ම් එක ප්‍රිමියර් කරන්නත් ලෑස්ති කරලා තියෙනවා. ඉතිං මේ ලිපියෙන් මං කතා කරන්න යන්නේ Dune නවල්ස් ටික නිර්මාණය වුන විදිය, ඒ ටික මේ ෆිල්ම් වලට සම්බන්ධ වෙන විදිය සහ ෆිල්ම් එක ගැන අපි දැනට දන්න වටපිටාව ගැන. ආ…ඊලග දේ මං මේ පොත් ටිකනම් කියෝලා නෑ. කොහොමත් පොත් කියවන්න මාරම කම්මැලී මං. ඒක නිසා පොඩි හරි වැරදීමක් උනොත් සමාව භාජනයක දාලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා 😂 ලිපිය දික්වෙයි…විස්තර ඔක්කෝම කියලා මිසක් නතර කරන්නේ නැත. එහෙනම් පිළිවෙලවට කතා කරගෙන යමු..

Dune නවකතා මාලාවේ ආරම්භය

Dune Saga

මීට අවුරුදු 55ට කලින් එහෙමත් නැත්තම් 1965දී Frank Herbert කියන නවකතා රචකයා විසින් තමා Dune Saga එහෙම නැත්තම් Dune නවකතා මාලාවේ පළමු පොත රචනා කරන්නේ.

Frank Herbert

මේක ඇවිල්ලා සාමාන්‍ය නව කතාවක් නෙමෙයි. Science Fiction කැටගරියට වැටෙන (අපේ විදියටනම් විද්‍යා ප්‍රබන්ධ) නව කතාවක්. පළවෙනි පොත ලබපු සාර්ථකත්වයත් එක්කම මේකේ දෙවෙනි දිගහැරුම 1969 දී Dune Messiah ලෙස ප්‍රකාශයට පත් වෙනවා. 1965 ඉදන් 2007 වෙනකම් පුරා වසර 42ක් පුරාවට පොත් 8ක් විදියට Dune කතා මාලාව නිර්මාණය වෙනවා. පොත් 8 මෙන්න මේ විදියට තමා තියෙන්නේ 👇

1. Dune (1965)

2. Dune Messiah (1969)

3. Children of Dune (1976)

4. God Emperor of Dune (1981)

5. Heretics of Dune (1983)

6. Chapterhouse of Dune (1985)

7. Hunters of Dune (2006)

8. Sandworms of Dune (2007)

හැබැයි මේ පොත් 8ම රචනා කරන්නේ ෆ්‍රෑන්ක් හර්බට් නෙමෙයි. 1986 පෙබරවාරි 11 වෙනිදා ෆ්‍රෑන්ක් මරණයට පත් වෙනවා. Dune ෆ්‍රැන්චයිස් එකේ ෆ්‍රෑන්ක් ලියපු අවසාන පොත වෙන්නේ 1985 ආව Chapterhouse of Dune. ෆ්‍රෑන්ක්ගේ මරණෙන් පස්සේ එයාගේ පුතා Brian Herbert සහ තවත් Sci-fi නවකතා රචකයෙකු වූ Kevin J. Anderson එකතු වෙලා Dune Saga එකේ අවසාන පොත් දෙක වෙන Hunters of Dune සහ Sandworms of Dune රචනා කරනවා.


Brian Herbert and Kevin J. Anderson


ඒ වගේම මේ දෙන්නා එකතු වෙලා Dune කතා මාලාවේ Prequel Series එකක් (Dune මූලික කතාවට කලින් උන් සිදුවීම් අලලා) නිර්මාණය කරනවා. මේ සීරිස් එක නවකතා 9ක් විදියට 1999 ඉදන් 2006 වෙනකම් ප්‍රකාශයට පත් වෙනවා.

1. Dune: House Atreides (1999)

2. A Whisper of Caladan Seas (1999)

3. Dune: House Harkonnen (2000)

4. Dune: House Corrino (2001)

5. Dune: The Machine Crusade (2002)

6. Dune: The Butlerian Jihad (2002)

7. Dune: The Battle of Corrin (2004)

8. The Face of A Martyr: A Tale of the Butlerian Jihad (2004)

9. Sea Child: A Tale of Dune (2006)

ඔන්න ඔහොම තමා මේකේ ප්‍රීක්වල් කතා මාලාව නිර්මාණය වෙන්නේ. 

Dune නවකතා මාලාව කියන්නේ විද්‍යා ප්‍රබන්ධ (Sci-fi) නවකතා ඉතිහාසයේ නිර්මාණය වුන විශිෂ්ඨතම නවකතාව. ඒ වගේම වැඩිම අලෙවි වූ විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලාව. 1966 දී හොදම විද්‍යා ප්‍රබන්ධ නවකතාව සදහා වන Nebula Award for Best Novel සම්මානය දිනාගැනීමටද Hugo Award හී හොදම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් වෙනවා. දැන් හිතාගන්න පුලුවන්නේ මේක එසේ මෙසේ කතා මාලාවක් නෙමෙයි කියලා..!

Dune නව කතාවට පසුබිම් වූ සිදුවීම්

Dune කියන වචනේ තේරුම “සුලගෙන් හෝ දිය පාරකින් විවිද හැඩ වලට හැදුන වැලි කදු” කියන එක. කාන්තාර වල වැලි කදු එහෙම හැදෙන්නේ හුලගෙන් වැලි එක තැනකට එකතු වෙන නිසා. මෙන්න මේවා තමා Dune කියලා හදුන්වන්නේ.

Kuwait Sand Dunes

මෙන්න මේ Sand Dune ගැන හොයන්න හර්බට් මහත්තයා ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ Florence කියන වෙරළබඩ නගරයට යනවා.

Oregon Dunes, near Florence, Oregon, served as an inspiration for the Dune saga

මේ වෙනකොටත් ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් මේ Florence වල Sand Dune වල ව්‍යාපෘතික් පටන් අරන් තිබ්බේ. එයාලා උත්සහ කලේ මේ Sand Dunes යම් තණපිඩලි වර්ගයක් (Poverty Grasses) වර්ගයක් යොදා ගනිමින් ස්තාවර තත්වයට පත් කරන්න. හැබැයි හර්බට් මේ ගැන දැක්කේ වෙනස් විදියකට. එයාට හිතිලා තියෙනවා මේ Sand Dunes මෙහෙම කරන්න උත්සහ කරන එකෙන් අවට තියෙන නගර වලට, වැව් ජලාශල සහ මහා මාර්ග වලට ලොකු හානියක් වෙන්න පුලුවන් කියලා. මේ ගැන “They Stoped the Moving Sands” කියලා අටිකල් එකක් පවා හර්බට් ලියලා තියෙනවා. ඒත් මේ ආටිකල් එක සම්පූර්ණ කරන්න ලැබිලා නෑ. හැබැයි මෙන්න මේ සිදුවීම නිසා තමා පරිසර විද්‍යාව ගැන හොයන්න හර්බට්ට උනන්දුවක් ඇවිල්ලා තියෙන්නේ.

කොහොමහරි 1957 ඉදන් අවුරුදු 5ක් පුරාවට ෆ්‍රෑන්ක් කරපු මේ රිසර්ච් එකේ ප්‍රතිඵලයක් විදියට තමා Dune නවකතා මාලාව නිර්මාණය වෙන්නේ. ඇමෙරිකාවේ විද්‍යා ප්‍රබන්ධ සගරාවක් වෙන Analog Science Fiction and Fact සගරාවට කොටස් තුනක් යටතේ Dune කතා මාලාවක් පබ්ලිශ් කරනවා. මේකේ නම Dune World. මෙන්න මේ සීරීස් එක තමා Dune පළවෙනි පොත බවට පත් වෙන්නේ. ඒ වගේම තව විශේෂම කාරණාවක් තියෙනවා. මේක ප්‍රකාශකයෝ (Publishers ලා) විස්සක් විතර රිජෙක්ට් කරලා තියෙනවා. ජේ.කේ රෝ(ව්)ලින්ග් ලියපු Harry Potter එකත් මේ වගේම 12 වතාවක් රිජෙක්ට් වෙනවා. ජේම්ස් කැමරන් Avatar එකේ ස්ක්‍රිප්ට් එක අරන් වෝර්නර් බ්‍රදර්ස් එකට ගියාම “Are You Mad” කියලා අහගන්නවා. හැබැයි සාරංග මෙන්ඩිස් දෙවෙනි ඉනිම ස්ක්‍රිප්ට් එක අරන් ගිහින් ඔහොම රිජෙක්ට් උනා කියලා අහලා නෑ නේද??? අන්න ඒකයි කියන්නේ. මිනිස්සු තමන්ට තේරුම් ගන්න බැරි දේවල් සනික රිජෙක්ට් කරනවා. හැබැයි අපිට පුලුවන්නම් ඒ රිජෙක්ට් කිරිල්ල තඹේකට ගනන් ගන්නේ නැතුව ඔලුවේ තියෙන දේ නිර්මාණයක් විදියට එලියට දෙන්න…. කවදාහරි ඒ නිර්මාණය ලෝකෙම වෙනස් කරාවි! හොදම උදාහරණය Avatar. ඒ වගේම වටෙන් පිටෙන් එන ගල්මුල් වලට කවදාවත් බයවෙන්න එපා. මිනිස්සු මාරම බයයි එයාලට නොතේරෙන දේවල් වලට. ඉතිං එහෙම දෙයක් දැක්ක ගමන් එයාලා කරන්නේ පුලුවන් තරම් ඒ දේට අපහාස කරන එක. හරි.. ඔන්න ඕක තමා ලෝකයේ පෙරලියක් කරපු ඩූන් නවල් සීරීස් එකේ ආරම්භය සහ විකාශනය.

Dune ෆ්‍රැන්චයිස් එක සිනමාවට එනනේ කොහොමද?

Dune ෆ්‍රැන්චයිස් එක ඇසුරෙන් 1984දී චිත්‍රපටයක් නිර්මාණය වෙනවා.

Dune (1984)

හැබැයි මේක එච්චර සාර්ථක වෙන්නෙ නෑ. මේක සාර්ථක නොවුන එකත් මාර ප්‍රශ්නයක්. අහලා තියේද ඩේවිඩ් ලින්ච් ඩිරෙක්ටර් මහත්තයා ගැන? අහලා නැත්තම් ඔයාට මාරම පට්ට ෆිල්ම් ටිකක් මගඇරලා තියෙනවා. මං දන්න විදියටනම් ඩේවිඩ් ලින්ච්ගේ අසාර්ථක වුන එකම චිත්‍රපටය තමා 1984 එයා අධ්‍යක්ෂණය කරපු Dune ෆිල්ම් එක. මේකට හේතු කාරණා ගොඩක් කියන්න පුලුවන්. ඒත් තේරුමක් නෑ. අලුතෙන් එකක් එන්න තියාගෙන පරණ එක ගැන කතා කරලා වැඩක් නෑනේ. කොහොම කොහොම හරි 2017 දී Legendary Pictures ආයතනය නිවේදනය කරනවා එයාලා Dune Saga එක ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියලා. මේ වැඩේට එයාලා තෝරගන්නේ Denis Villeneuve කියන කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා.

Denis Villeneuve


මෙයා හතර වතාවක් හොදම අධ්‍යක්ෂකවරයා ලෙස Canadian Screen Awards වලදී නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම 2017 ඔස්කාර් සම්මාන උලෙළේදී හොදම අධ්‍යක්ෂකවරයා ලෙසද (Arrival චිත්‍රපටය සදහා) නිර්දේශ වෙලා තියෙනවා. සරලවම වැඩ්ඩෙක්. මෙයාව හදුන්වන්නේ පසුගිය දශකයේ (2010 – 2019) විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයා කියලා. මං කියන එකක් නෙමෙයි ඈ.. Hollywood Critics Association එකෙන් තමා මේ ප්‍රයිස් එක මෙයාට දෙන්නෙ (Director of the Decade). මෙයා ගැන දැනගන්න ඕනිනම් මේ ෆිල්ම් සෙට් එක බලන්න.


Blade Runner 2049 (2017), Arrival (2016), Enemy (2013), Prisoner (2013), Incendies (2010)

ඒ වගේම Dune චිත්‍රපටය සදහා තෝරාගන්නේ සුපිරි කාස්ට් එකක්. සුපිරි වගේම ජනප්‍රියම කාස්ට් එකක්. කට්ටිය මෙන්න මෙහමයි..

Timothee Chalamet

Zyndaya (අලුත් Spiderman ෆිල්ම් වල MJ)

Rebecca Ferguson 

Oscar Isaac (ඉස්සරහට එන මාවල් මූන්නයිට්)

Jason Memoa (ඇක්වාමෑන්)

Stellan Skarsgard (චර්නොබිල් එකේ බොරිස්)

Deve Bautista (MCU එකේ ඩ්‍රැක්ස්)

Josh Brolin (තානොස්)

   

ෆිල්ම් එකේ ආව මෙයාලගෙ අලුත්ම කැරැක්ටර් පෝස්ටර්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

තව ඉන්නවා…ඔය සෙට් එක තමා ජනප්‍රියම..ඔය කට්ටිය දිහා බැලුවත් මේක සුපිරියක් වෙයි කියලා අනාවැකි කියන්න පුලුවන්. ඒ වගේම මේකේ ෆිල්ම් ස්කෝර් එක (මියුසික්) කරන්නේ Hans Zimmer.

Hans Zimmer

අනේ රත්තරනේ මෙයාව දන්නේ නෑ කියලා නම් කියන්න එපා 🙏 එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ඨතම සංගීතඥයෙක්. Interstellar, Inception, The Dark Knight, Sherlock Holmes, Batman vs Superman වගේ ෆිල්ම් වල ඇග හිරි වැටිලා යන මියුසික් කලේ මෙයා තමා. හොදම සංගීත නිර්මාණයට ඔස්කා(ර්) සම්මානයක් පවා දිනාගෙන තියෙනවා. ඒ වගේම මේකේ Cinematography එහෙම නැත්‍තම් කැමරා අධ්‍යක්ෂණය කරන්නේ Gerig Fraser.

Greig Fraser


නම හුරු නෑ වගේනම් Zero Dark Thirty, Lion වගේ ෆිල්ම් බලන්න. ආ…ඒවා විතරක් නෙමේ..ඊලගට එන්න තියෙන පැටින්සන්ගේ බැට්මෑන් ෆිල්ම් එකෙත් සිනෙමටොග්‍රැෆි කරන්නේ මෙයා. අම්මෝ… ඇති… මාස්ටර්පීස් එකකට ඕනි වටපිටාව Dune ෆිල්ම් එක ඇතුලේ ඕනාවටත් වඩා හැදිලා තියෙනවා. ඒකේ කතන්දර ඕනි නෑ ආයේ.. 

1965 පබ්ලිශ් උන Dune පළවෙනි පොතේ කතාවෙන් බාගයක් වගේ තමා අපිට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන් වෙන්නේ. එතකොට ඉතුරු බාගේ? ඒක එන්නේ දෙවෙනි ෆිල්ම් එකෙන්. මේ වෙනකොටත් මේකේ සීක්වල් (දෙවෙනි) එක ප්ලෑන් කරලා ඉවරයි. ෆ්‍රැන්චයිස් එක කෙසේ වෙතත් සීක්වල් එකක් නම් අපිට අනිවාර්යයෙන් බලාගන්න පුලුවන් වේවි. චිත්‍රපටයේ රූගතකිරීම් ජෝර්දානයේ Wadi Rum වල. 

Mountains of Wadi Rum seen through a hole formed by rocks

Wadi කියන්නේ සිදී ගිය දිය පාරක් තියෙන තැන (මේකේ සිංහල වචනය දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන්න). ඒ කියන්නේ වැස්ස කාලෙට මෙතන වතුර පිරෙනවා. අනිත් කාලෙට සම්පූර්ණම හිදිලා යනවා. ජෝර්දානයේ තියෙන විශාලම Wadi එක තමා මේ Wadi Rum කියන්නේ. Dune ෆිල්ම් එකේ ට්‍රේලර් එක එහෙම බැලුවානම් පේන්න ඇතිනේ ඔය උඩ ෆොටෝ එකේ වගේ ලොකේශන් එකක් තියෙනවා.

Dune (2021) Official Trailer


ඊට අමතරම හන්ගේරියාවේ බුඩපේස්ට් නගරේ ෆිල්ම් ස්ටූඩියෝ එකකත් රූගතකිරීම් කරලා තියෙනවා. ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලූ බැල්මට CGI/VFX ලෝකයක් වගේ පෙනුනනට මේකේ රූගතකිරීම් ගොඩක්ම කරලා තියෙන්නේ ඇත්තටම තියෙන ලොකේශන් වල. නෝර්වේ වල Stadlandet වලත් මේකේ ශූටින් කරලා තියෙනවා.

View of the cliffs at the end of Stad


මේක ඇවිල්ලා නෝර්වේ වල තියෙන් අර්ධද්වීපයක් (අපේ යාපනේ වගේ). උතුරින් නෝර්වේජියානු මුහුදත් දකුණින් උතුරු මුහුදටත් මායිම් වුන හරිම ලස්සන තැනක් තමා මේ. Dune ට්‍රේලර් එක හොදට බැලුවොත් ඔය උඩ තියෙන ෆොටෝ එකේ වගේ ලොකේශන් එකක් ඔයාලට පෙනෙයි.

Dune (2021) Official Trailer


කලර් ග්‍රේඩ් එකක් සහ අමතර විශුවල් ඉෆෙක්ට්ස් තියෙන නිසා එකපාරට හොයගන්න අමාරු උනාට මේ තියෙන්නේ ඒ තැන් වල ශූට් කරපු දර්ශන. ෆිල්ම් එකේ Calandan ග්‍රහලෝකයේ දර්ශන රූගතකරන්න තමා මේ ලොකේශන් එක මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ

ඒ වගේම ෆිල්ම් එකේ තියෙන Arrakis ග්‍රහලෝකයේ දර්ශන රූගතකිරන්න යොදාගෙන තියෙන්නේ එක්සත් අරාබි රාජධානියේ අබුඩාබි නගරයයි. පේනවානේ… සෑහෙන්න මහන්සියක් වෙලා තියෙනවා ලොකේශන් වලට. දැනටම රටවල් කීයක් ගැන අපි මෙතන කතා කලාද. ෆිල්ම් එකක් සාර්ථක වෙන්න මේ වගේ දේවල් සෑහෙන්න බලපානවා.

ඔන්න දැන් කියන්න යන්නේ නම ඇහුන ගමන් බහුතරේයක් ටිපර් වෙන දෙයක් ගැන. මේ ෆිල්ම් එක සම්පූර්ණම රූගතකරලා තියෙන්නේ iMax කැමරා වලින්. Arri Alexa LF සහ Alexa Mini LF කැම් දෙකෙන් තමා මේ ෆිල්ම් එක සම්පූර්ණම ශූට් කරලා තියෙන්නේ.

Arri Alexa LF and Alexa Mini LF

මෙහෙමයි.. ඕකෙ සරල අර්ථය තමයි මේ ෆිල්ම් එක iMax තියටර් එකක් බලන්න ඕනි එකක් කියන එක. ඔයාලා මොන විදියට බාරගත්තත් ඒක තමා ඇත්ත. තාමත් iMax තියටර් එකක් නැති රටවල් ලෝකේ ඕනි තරම් තියෙනවා. ඒත් කවදාවත් දැකලා තියේද ඕක ගැන කිව්වාම අපි වගේ ටිපර් වෙන රටක්. ඒකට හේතුව ඕක ඔයාලගෙ ඔලුවට දාලා තියෙන එකක්. ඉන්න ගමන් හිතලා බලන්න. අපිට iMax තියටර් එකක් නැති වෙන්න පුලුවන්. එහෙමයි කියලා ෆිල්ම් එකේ ෆැක්ට් වෙනස් කරන්න බෑ පේස්බුක් එකේ කෑගැහුවා කියලා. iMax නැතත් මේක තියටර් එකක් බලන්න. එච්චරයි… මේවාගේ ස්පොයිල් වෙන්න දේවල් ලොකුවට නෑ. ඒක නිසා ෆිල්ම් එක ආව ගමන් බලන්න ඕනි නෑ. ෆ්‍රී වෙලාවක් හම්බුනාම ගිහින් බලන්න. වගකීමෙන් කියන්නේ.. අමතක නොවෙන එක්ස්පීරියන්ස් එකක් අරන් තියටර් එකෙන් එලියට එන්න පුලුවන්.

තව එකම දෙයක් කියලා ෆිල්ම් එකේ කතාව ඉවර කරමු. මං කලින්ම කිව්වානේ හාන්ස් සිමර් තමා මේකේ මියුසික් කරන්නේ කියලා. ඉතිං හානස් තමා නොලන් මහත්තයගෙ ගොඩක් ෆිල්ම් වල මියුසික් කලේ. හැබැයි නොලන්ගේ අන්තිමේටම ආව TENET ෆිල්ම් එකේ මියුසික් කලේ හාන්ස් නෙමෙයි. දන්නවද ඒකට හේතුව මේ Dune ෆිල්ම් එක කියලා.. ඔව්.. Dune නවල් සීරීස් එකට ගොඩක් කැමති කෙනෙක් තමා හාන්ස්. ඉතිං Tenet එකේ මියුසික් ස්කෝර් එක කරන එක බාර අරන් නෑ Dune එකේ ස්කෝර් එක කරන්න ඕනි නිසා. තමන් ආසම කරපු පොතකින් හැදෙන ෆිල්ම් එකකට කොහොම මියුසික් ස්කෝර් එක කරන්න ඇතිද කියලා ඔයාලම හිතලා බලන්න..

ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් විදියට මේක සාර්ථක වෙයිද???

ඔන්න ඕක තමා ගැටලුව. කෙනෙක් කියන්න පුලුවන් “ශතවර්ෂයේ හොදම අලෙවි වාර්තා තිබ්බ විද්‍යා ප්‍රබන්ධ පොත ඇසුරෙන් හදන මේ ෆිල්ම් සීරිස් එක කොහොමද ජනප්‍රිය නොවෙන්නේ” කියලා..එහෙම කියන අයට මට කියන්න තියෙන්නේ එතකොට DC කොමික්????? කොමික් ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ඨතම කොමික් තියෙන DC කොමික් වලින් හැදුන ෆිල්ම් යුනිවර්ස් එක කෝ??? සෝලෝ ෆිල්ම් විදියට සාර්ථක උනාට තාමත් ජස්ටිස් ලීග් එකවත් හරියට එක්කහු කරගන්න බැරි උනා නේද.. අවුරුදු 3ක් ෆෑන්ස්ලා වලි කෑවේ නැත්තම් ස්නයිඩර් කට් එකවත් බලන්න වෙන්නේ නෑ. හැබැයි මහා සංකීරණ, මාස්ටර්පීස් සෙල්ලම් නොදාපු මාර්වල් කොමික් වලින් හැදුන MCU එකේ ගමන… අවසානයේ නතර උනේ ලෝකේ වැඩිම ආදයම හෙව්ව චිත්‍රපටය තමන්ගේ යුනිවර්ස් එක යටතට අරගෙන (ඒත් දැන් ආයේ Avatar ලිස්ට් එකේ 01 උනා). කවුරු මොන බයිලේ ගැහුවත් එදා මෙදා තුර ලෝකේ නිර්මාණය වුන සාර්ථකම, දැවැන්තම මූවි ෆ්‍රැන්චයිස් එක වෙන්නේ MCU එක. ඕකට CGI ගොඩවල්, ගූ ගොඩවල් කියලා හිත රවට්ට ගන්න පුලුවන්. හැබැයි ඇත්ත වෙනස් කරන්න බෑ. ෆිල්ම් 5ක් 6ක් නෙමේ… ෆිල්ම් 20ක් ඇතුලේ අවුරුදු 11ක් පුරාවට එයාලා මේ ගමන ආවේ. කොටින්ම කිව්වොත් ආගමක් වගේ ලෝකේ මිනිස්සු අතර තිබුන Star Wars වලට පවා MCU එකත් එක්ක හැරෙන්න බැරි උනා. ඕකට කියන්නේ ප්ලෑන් එකකට වැඩ කරනවා කියලා. මොන තරම් සාර්ථක වෙච්ච නිර්මාණ පාදක කරගෙන වැඩ කලත්, කොච්චර දක්ශයෝ ඒකට ගත්තත්, ඒ නිර්මාණය හරි විදියට මිනිස්සු අතරට අරන් යන්න බැරි උනොත් ඒක ෆේල්. එතනින් එහාට ඒකට නිදහසට කරුණු කියලා වැඩක් නෑ. අන්න ඒකයි මං BvS ගැන කරපු ලිපියෙත් කිව්වේ සැක් වැඩ්ඩෙක් උනාට, BvS මාස්ටර්පීස් එකක් උනාට, ඒක මිනිස්සු අතරට ගෙනියන එකෙන් ෆේල් උනා කියලා. දැක්කනේ ජෝකර්. මෙලෝ හසරක් නොතේරන උනුත් ගිහින් බලන තැනට මිනිස්සු අතරට ෆිල්ම් එක ගෙනවා. සරල භාශාවෙන් ඕකට කියන්නේ මාර්කටින් කියලා. අපේ විදියටනම් ඕවර්හයිප්ඩ් 😂😂😂 හරියට මාකට් වෙන ෆිල්ම් එකක් දැක්කාම ඕවර්හයිප්ඩ්. චන්දෙ කාලෙට වෝල් එකේ පහලට යනකොට එකම එකාගේ චන්ද පෝස්ට් 500ක් දැක්කත් අවුලක් නෑ. සාධුකාරයක් දීලා යනවා. හැබැයි එකම ෆිල්ම් එකේ පෝස්ට් දෙකක් දවසට දැක්කොත් ඒක ඕවර්හයිප්ඩ්. හොද වෙලාවට මාර්වල් ෆිලුමක් ඒම එන කාලෙට ඇමෙරිකාවේ එහෙම වගේ බස් වලයි, බස් හෝල්ට් වලයි, තඩි බිල්බෝඩ් වලයි ෆිල්ම් එකේ පෝස්ටර් ගහන එක මෙහේ නැත්තතේ. නැත්තම් ඒම ඕවා ගිණිතියනවා ඕවර්හයිප්ඩ් කරන්න එපා කිය කිය 😂🙏

ඔන්න ඔය හේතු කාරණා නිසා මේක මූවි ෆ්‍රැන්චයිස් එකක් විදියට සාර්ථක වෙයිද කියලා අනාවැකි කියන්න තාම කල් වැඩී. හැබැයි එහෙම නොවුනොත් මේ වැඩෙන් වැඩකුත් නෑ. වැඩක් නෑ කියන්නේ වැඩක්ම නෑ. ඩිරෙක්ටර්ගේ ඉදන් හැම දේම පර්ෆෙක්ට්. මේ වගේ හැදෙන ෆිල්ම් එකක් මිනිස්සු අතරට නොගියොත් ඒකේ ලොකු අවුලක් තියෙනවා. එක්කො බලන මිනිස්සුන්ගේ. එක්කො ෆිල්ම් එකේ.. එහෙම උනොත් වෙන්නෙ අර 1984 ආව Dune ෆිල්ම් එකට වෙච්ච දේමයි. හැබැයි වැඩේ සාර්ථක උනොත් අපේ ජීවිත කාලය ඇතුලත බිහිවෙන දැවන්තම, විශිෂ්ඨම සිනමා විශවය Dune වෙන්න ඉඩ තියෙනවා. ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙන්නෙ මේ අවුරුද්දේ ඔක්තෝබර් 22 වෙනිදා. බොක්ස් ඔෆීස් වලින් සාර්ථක උනොත් පොත් 8 ෆිල්ම් 8ක් විදියට හෝ ඊට වඩා වැඩි ෆිල්ම් ගනනක් විදියට Dune Movie Franchise එක නිර්මාණය වේවි. පළවෙනි පොතෙන්ම ෆිල්ම් දෙකක් හැදෙනවා කියන්නේ අනිවාර්යයෙන් ෆිල්ම් 8කට වඩා වෙන්න ඕනි. හිතන් ඉන්න විදියටම සාර්ථක උනොත් ස්පින්-ඕෆ් ෆිල්ම්, සීරීස් එහෙමත් බලාගන්න පුලුවන්.

By Sanindu Lakkitha – Review Who Cares

Dune චිත්‍රපටයේ චරිත සහ විශේෂ තොරතුරු | Must Know Facts and Characters in Dune

ඔන්න මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ Dune Film Franchise එක ගැන අපි දැන ගන්න ඕනි කරුණු ගැන. විශේෂයෙන්ම මං highly recommend කරනවා ඔයාලට Dune film එක බලන්න කලින් මේ ලිපිය කියවන්න කියලා. හුගක් දුරට මේ ලිපිය දික්වෙයි. එත් මේක කියවල ෆිලුම බැලුවොත් ඔයාලට මේ film එකේ කතාව ගැන හොද අවබෝදයක් ගන්න පුළුවන්. 

මේ Dune-verse එකේ timeline එක දුවන්නේ අපේ timeline එකට වඩා අවුරුදු සිය දහස් ගානක් ඉස්සරහින්. මේ Universe එකෙත් Empire එකක් කියන concept එක තියෙනවා. මොකද මේ නවල් seires එකත් Foundation series එකෙන් inspire වෙලා තියෙන නිසා කියල කියන්න පුළුවන්.

Foundation නවල් seires එක


(Foundation Series එක ගැන ආටිකල් සහ බ්‍රේක්ඩවුන් ගොඩක් අපේ සයිට් එකේ දාලා තියෙනවා. ලිපියේ පහල ඒවගෙ ලින්ක් තියෙනවා 👇)

දැන් අපි මේ film එකේ වැඩියෙන්ම පාවිච්චි කරන keywords ගැන කතා කරමු .

(ඊට කලින් කියන්න ඕනේ විශේෂ දෙයක් තමය් මේ universe එකේ රොබෝ යුද්දයක් ඇති වුන. හැබයි එකෙන් මනුෂ්‍යයෝ දින්නා. එත් එකෙන් පස්සේ එයාල technology බාවිතය අඩු කරා. තුවක්කු වෙනුවට කඩු පාවිච්චි කරා)

1. The Empire

මේ universe එකේ මේ වෙද්දී හුගක් යුද්ද ඇතිවෙලා තියෙනවා. එකෙන් එකක් තමයි රොබෝවරුන්ගේ යුද්දය. එක නිසා මේ universe එකේ Houses තීරණය කරනවා Galactic Empire එකක් හදන්න. Houses කියන්නේ හරියට අර වංශ වගේ දෙයක් . 

ඉතින් මේ houses වල main ම house එක තමයි House Corrino කියන්නේ. ඉතින් මේ house එක තමයි අධිරාජ්‍යයය පාලනය කරන්නේ. ඉතින් මේ house එකේ නායකයා තමයි Emperor, ඒ කියන්නේ අධිරාජ්‍යයයා.

ඉතින් මේ house එකේ දැන් ඉන්න empire තමයි Shaddam IV කියන්නේ. එයා තමයි මේ සමස්ත අධිරාජ්‍යයේ 81 වැනි අධිරාජ්‍යයයා.


2. Spice (Milange)

Spice කියන්නේ මේ universe එකේ වැදගත්ම දෙයක්. මේක අපිට Mind-Altering drug එකක් විදිහට හදුන්වන්න පුළුවන්. මේකෙන් අපිට හුගක් කල් ජිවත් වෙන්න පුළුවන් සහ අපිව බුද්දිමත් කරන හැකියාවක් තියනවා. ඒවගේම මේක බාවිතා කරන අයගේ ඇස් නිල් වෙනවා. අපි ඒවා ගැන තව ටිකකින් කතා කරමු. 

මේ universe එකේ බහුතරයක් ඒවා බාවිතා කරනවා. එත් හැම drug එකක් වගේම මේකෙත් impacts තියෙනවා. Space Pilots ල මේක බාවිතයෙන් hyperspace එකෙන් universe එකේ තියන ඕනෙම තැනකට යන්න පුළුවන්. හරියට Foundation එකේ Jumpship එක වගේ .

ඒ වගේම tacticians මේ spices බාවිතයෙන් super computers වලට වඩා වේගෙන් problem solving කරනවා. 

ඉතින් Spices නැති වෙලා ගියොත් universe එක ලොකු ගැටලුවකට මුහුණ දෙනව. උදාහරණයක් විදියට ගත්තොත් සල්ලිකාරයෝ මැරෙනවා. මොකද හුගක් අය spices පාවිච්චි කරලා එයාලගේ life එක extend කරලා තියන නිසා.


3. Arrakis (Dune)

මේ universe එකෙන් ම spices ලබා ගන්න පුළුවන් එකම planet එක තමය් Arrakis කියන්නේ. මේ ග්‍රහලෝකය තනිකරම කාන්තාරයක්. එකයි Dune කියල කියන්නේ. මේ planet එකේ ඉන්නවා Sandworms කියලා ජාතියක්. උන් මේ ලෝකයේ වැලි යටින් යද්දී biproduct එකක් විදිහට තමය් spices generate වෙන්නේ. හුගක් අය මේ sandworms ලව අරන් වෙන ග්‍රහලෝකවලට ගිහින් spices උත්පාදනය කරන්න හැදුවට ඒවා fail වෙලා තියෙනවා.

Dune Sandworms


ඉතින් මේ planet එක තමය universe එකේ වැදගත්ම planet එක. සාමාන්‍යයෙන් empire එක එක ග්‍රහලෝකවලට එක එක houses නම් කරනවා. ඉතින් මේ planet එක බාරව ඉන්න house එකත් හුගක් වැදගත් වෙනවා.


4. House Harkonnen

Dune series එක පටන් ගද්දි Arrakis planet එක බාරව ඉන්න house එක තමය් House Harkonnen කියන්නේ.

එත් emperer තීරණය කරනවා මෙයාලව Arrakis වලින් අයින් කරලා වෙන planet එකක් බාර දෙන්න. මොකද මෙයාලා ලැබෙන spices ඔක්කොම empire එකට දෙන්නේ නැතුව. එයාල spices ටික තුන්වෙනි පාර්ශවේකට විකුණන නිසා.

අපි මතක තියා ගන්න ඕන විශේෂ දෙයක් තමයි මෙයාල හෙන නපුරු පොරවල ටිකක් කියල. මෙයාලා මොන මගුලක් හරි කරලා Arrakis වල පාලනය් එයාලගේ අතට ගනී.


5. House Atreides

මේ house එක Dune-verse එකේ ජනප්‍රියම house වලින් එකක්. මේ house එකේ නායකයා තමයි Duke Leto Atreides කියන්නේ. මෙයාලා හිටියේ Caladen කියල Ocean planet එකක. එත් මෙයාලගේ හොද ගතිගුණ හා ජනප්‍රියතාව නිසා emperor තමා තීරණය කරනවා මෙයාලට Arrakis වල පාලනය දෙන්න.


6. Freemen 

මෙයාලා තමය් Arrakis වල ජිවත් වෙන ගෝත්‍රික කොට්ටාශය. මෙයාල ව තමයි spices හොයා ගන්න වහල්ලු විදිහට යොදා ගන්නේ. මෙයාලව ලේසියෙන්ම spot කරගන්න පුළුවන්. එකට හේතුව තාමය් මෙයාල spices හොයා ගන්න නිසා හා ඒ වාතය හුස්ම ගන්න නිසා මෙයාලගේ සම්පුර්ණ ඇහැම නිල වෙලා තිබීම. අනිත් අයට නම් ඇහැ කළු පාට ටික (කණීනිකාව) තමයි නිල් වෙන්නේ. හැබයි මෙයාලගේ මුළු ඇහැම නිල්. මෙයාල මේ නිල ඇහැට කියන්නේ The Eyes of Ibad කියලා.

මෙයාල ගාව තියෙනවා Sacred Weapon එකක්. එකට කියන්නේ Crysknife කියලා. එයාල ඔය Weapon එක හදන්නේ Sandworm කෙනෙක්ගේ දත් වලින්. Harkonnen ල Arrakis වල පාලනය අතට ගත්තම පස්සේ මෙයාලට නොයෙක් විදිහට වද දෙනවා. හරියට KGF එක වගේ. ඉතින් මෙයාල විප්ලව කරන්න හැදුවට ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. එත් පස්සේ Atreids පාලනය අතට ගත්තට Fremen ල Atreids ලාටත් විරුද්ද උනාලු, එයාලත් Harkonnen වගේ කියල හිතලා.


7. Stillsuit 

Arrakis කියන්නේ තනිකර තෙතමනයක් නැති හරිම උණු planet එකක්. ඉතින් සාමාන්‍ය ඇදුම් වලින් Arrakis වල ඉන්න එක හරිම අමාරුයි. ඉතින් එක නිසා තමයි Arrakis වල ඉන්න හැමෝම වගේ Stillsuit එක අදින්නේ. Fremen ලත් මේ suit එක අදිනවා.


8. Bene Gesserit 

මෙයාලා superpowers තියන guild එකක්. හැබයි කෙල්ලො විතරයි. මෙයලට witch ලා කියලත් කියනවා. මෙයාල පාවිච්චි කරන magic එක තමයි The Voice කියලා කියන්නේ. මෙයාල එක පාවිච්චි කරන විදිහට කියන්නේ The Weirding Way කියලා.


9. Mentat 

රොබෝ යුද්ධෙන් පස්සේ computers බාවිතය අයින් කරපු නිසා Houses තීරණය කළා Mentats ලව හදන්න. මෙයාල ට Human Computers කියලත් කියනවා. මෙයාලට ඉපදුන දවස ඉදන් training එක දෙනවා tacticians ල වෙන්න. දැනට ඉන්න හොදම Mentat ලාගෙන් කෙනෙක් තමයි Thufir Hawat. මෙයා Atreids ලගේ house එකේ කෙනෙක්.


හරි දැන් අපි බලමු මේ film එකේ ඉන්න ගින්දර Cast එක හා එයාලට අදාළ Characters ගැන.


Timothée Chalamet (Paul Atreides)


මෙයා තමයි House of Atreides හි නායක Duke Leto හා Lady Jessica ට දාව ඉපදෙන කෙනා. මෙයා තමයි ඉදිරියේදී Arrakis පාලනය කරන්න යන්නේ.


Rebecca Ferguson (Lady Jessica)


මෙයා තමය් Paul ගේ අම්මා. ඒ වගේම මෙයා Duke Leto ගේ බිරිද නෙමෙයි. Concubine කෙනෙක්. ඒ කියන්නේ උප භාර්යාවක්. ඒ වගේම මෙය Bene Gesserit එකේ සාමාජිකයෙක්.


Oscar Isaac (Paul’s father Duke Leto Atreides)


මෙයා තමයි House Atredies හි නායකයා සහ Calden වල හිටපු පාලක සහ Arrakis හි නව පාලකයා.


Josh Brolin (Gurney Halleck)


මෙයා තමයි House Atreides වල Weopan Master සහ Paul ගේ උපදේශකයා.


Jason Momoa (Duncan Idaho)


මෙයා තමයි House of Atreides වල Master of Swords. Duncan ට පොත් series එකේ නම් ලොකු major role එකක් තියෙනවා. එක නිසා මෑන් ඉස්සරහට එන films වලත් ලොකු role එකක් කරයි.


Sharon Duncan-Brewster (Liet Kynes)


මෙය තමයි Arrakis වල Planetologist (පාෂාණ විද්‍යාඥයා) හා Ecologist (පරිසරවේදියා). මෙයා තමයි Atreides ලටයි Fremen ලා අතරෙයි සම්බන්දතාවය හදන්නේ. හර්බටගේ (Dune නවල්ස් ලියපු කෙනා) පොත්වල කාන්තාවන්ට මුල් තැනක් හරියට නොලැබුණු නිසා film එකට gender swap එකක් කරලා තියෙනවා.


Javier Bardem (Stilgar)


පොර තමය Fremen ලගේ නායකයා.


Zendaya (Chani)


Paul ගේ Fremen ලව් එක.


Stellan Skarsgård (The evil Baron Vladimir Harkonnen)


මෑන් තමය House of Harkonnen ලගේ නායකයා සහ Duke Leto ගේ හතුරා.


Dave Bautista (Glossu “The Beast” Rabban)


මෙයා තමය් Vladimir ගේ මස්සිනා සහ උගේ හෙන්චයියා.


Chang Chen (Doctor Wellington Yueh)


මෙයා තමයි Atreides ලගේ හිත හොඳ දොස්තර.


Charlotte Rampling (Reverend Mother Gaius Helen Mohiam)


මෙයා තමයි Bene Geserrit හි නායකයා නැත්තම් Mentor විදියට ඉන්නේ. මෙයාට The Empires’ Truthsayer කියලත් කියනවා.


David Dastmalchian (Piter De Vries)


මෙයා තමයි Harkonnen ලාගේ Mentat.


Stephen McKinley Henderson (Thufir Hawat)


මෙයා තමය Atreides ලගේ Mentat සහ මෙයා Assasin master කෙනෙක්.


ඔන්න එහෙනම් ෆිල්ම් එකේ අපිට දකින්න ලැබෙන චරිත සහ එයාලගෙ චරිතේ විස්තර කියලා ඉවරයි. ඒ වගේම Dune ෆිල්ම් එක ගැන තව ලිපියක් සිකුරාදට, ඒ කියන්නේ ෆිල්ම් එක රිලීස් වෙන දවසට අරන් එනවා. ඒකත් අනිවාර්යයෙන් බලන්න.


(ලිපි නිර්මාණය හා අදහස – රකීබ් අමීන්)



Foundation නවල් සීරීස් එක හැදුන විදිය සහ ඒ ගැන වටපිටාව ඇතුලත් ලිපිය 👇

https://piratelk.com/foundation-2021-s01-e01-sinhala-subtitles/

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

19 comments

  1. You Season 3 eke sub gendoo….🙏🙏🥲

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. Subfile Not working

  4. me post eka. samavenna one sinhalen noliya comment eka singlish valin daanvata, kiyanna sthuthi krnna vachana na, ,mn samnyen brand eka balala film balana kenek,. e kiyanne 20 century fox, universal, vge, ,me film ekath ehema thora gaththa ekak. balanna kalin reviwe balanna hithala google hewwama meeka dekala avith kiyewwe, vedak hriyta krana me site eka krna me vge minissunta udaw krnna, balana oona kenek me site eka book mark kran me site eka fallow krnna, maath ada idan krnva, supiri,

  5. Thank for sub update psarips….

  6. අපි තමා හොදටම කරේ

    බාමි… බාමි… බාමි…
    😁😜 🤪
    🤓ටැංකු බොක්ක🤓

  7. Dune (2021) original film has a watch time of 2h 35min. But your subtitle isn’t working for original version…. Can you please re-upload subtitles for original version?

    *I also sent an email with these details and attached screenshots

  8. Dune (2021) original film has a watch time of 2h 35min. But your subtitle isn’t working for original version…. Can you please re-upload subtitles for original version?

  9. thank you machan.

  10. Ade Sub eka pena pena yanne ban…… 😰 😥 😓

  11. Bluray update ekath dannko saho

  12. Thanks Broo…!!

  13. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  14. Isira Udarshana

    thamks bomsah

  15. Kavishka Dulhara

    Bro “My Fault” Movie ake sinhala sub eka dennako

  16. meeke aaye link eka update krnna bari weida??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *