Saturday , April 13 2024
DON'T MISS

Dunkirk (2017) Sinhala Subtitles | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Dunkirk (2017) Sinhala Subtitles

Year :  2017

IMDB Rate :  7.8/10

Stars :   Fionn Whitehead, Barry Keoghan, Mark Rylance

Language :  English

Director :  Christopher Nolan

2017 වර්ශයේ තිරගත උන සුපිරි ගණයේ යුධ වාතාවරණයක් ගැන කියවෙන චිත්‍රපටියක රිවීව් එකක් තමයි මේ ගේන්න හදන්නෙ. ඒ තමයි ක්‍රිස්ටෝපර් නොලන් විසින් අධ්‍යක්ෂණය කරපු Dunkirk (2017) මූවි එක. සාමාන්‍යෙන් ක්‍රිස්ටෝපර් නොලන් කියන්නෙ විද්‍යා ප්‍රබන්ද (Sci-fi) මූවීස් වල අති දක්ශයෙක් කියන එක අපි හැමෝම වගේ දන්නවා. ඒත් මේක ඒ විදියෙ විද්‍යා ප්‍රබන්දයක් නම් නෙවෙයි. මේක සත්‍ය සිදුවීමක් බේස්ඩ් කරගෙන හදපු චිත්‍රපටියක්. මේ මූවි එකට බේස්ඩ් උන සිදුවීම මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම බලමු.

True Story Behind Dunkirk Movie – ඩන්කර්ක් චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

Dunkirk Location

මේ ටික ඔයා කියවද්දි උඩ තියෙන මැප් එකත් බල බලම කියවන්න. එතකොට ඔයාට මේක තේරුම්ගන්න ගොඩක් ලේසි වෙනවා. මේක වෙන්නෙ මෙහෙමයි, දෙවන ලෝක යුද්ද කාලෙදි ජර්මනියෙ හිට්ලර්ගෙ බලවත් වීමත් එක්ක හිට්ලර් තවත් රටවල් අල්ලගන්න සටන් කරා කියන එක අපි හැමෝම දන්න දෙයක්. මේක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නිසා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා එකතු වෙලා ජර්මනියට ප්‍රහාරයක් දියත් කරන්න තීරනය කරනවා. ඉතින් මේකට ජර්මනිය සහ ප්‍රංශය අතර තියෙන රටක් වෙන බෙල්ජියම හරහා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා ජර්මනියට යන්න තමයි කටයුතු කරන්නෙ. ඒත් ජර්මන් හමුදාව බෙල්ජියමෙන් පොඩ්ඩක් පහලට වෙන්න පිහිටලා තියෙන ලක්සන්බර්ග් (මැප් එකේ Lux. කියල තියෙන්නෙ ඒක) හරහා ප්‍රංශයට ජර්මන් හමුදාව ඇතුල් කරනවා. මේ නිසා බෙල්ජියමට ගියපු ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා හැම පැත්තෙන්ම ජර්මන් හමුදාවට කොටු වෙන්න ගන්නවා. කොහොමහරි අන්තිමේදි ප්‍රංශ සහ ජර්මන් හමුදාවෙන් පණ බේරගත්ත ලක්ෂ 3 කට අදික සෙබලු පිරිසක් ප්‍රංශයේ ඩන්කර්ක් වරායට සේන්දු වෙනවා. මේ වෙලාවෙදි තමයි හිට්ලර් යුධ විරාමයක් ගන්නෙත්. මේ යුධ විරාමෙ ප්‍රයෝජනයට අරන් මේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා බ්‍රිතාන්‍යට ගෙන්නගන්න එක තමයි මේ Dunkirk මූවි එකෙන් පෙන්නලා තියෙන්නෙ. ඒ වගේම මේ සිදුවීම වෙද්දි වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍ය අගමැති වෙලා දවස් 16ක් වගේ කාලයක් තමයි ගත වෙලා තියෙන්නෙ. වින්ස්ටන් චර්චිල් නියෝග කරනවා හමුදා නැව් විතරක් නෙවෙයි සාමාන්‍ය බෝට්ටු තියෙන අයටත් මේකට එකතු වෙන්න කියලා. ඔයාලට පේනවා ඇති ඩන්කර්ක් ඉදලා බ්‍රිතාන්‍යට තියෙන්නෙ ඉතාමත් පොඩි දුරක් කියන එක. ඉතිම් මේ සිදුවීම සිද්ද වෙන්නෙ 1940 මැයි 25 ත් ජුනි 4ත් අතර කාලයෙදි. හරි දැන් යමු ෆිල්ම් එක පැත්තට.

Timeline Explained – හරියට චිත්‍රපටය ගලපගන්නේ මෙහෙමයි


Christopher Nolan

අපි මේ බලන ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ශනය කරපු ඩන්කර්ක් ෆිල්ම් එක බලද්දි අපිට තේරෙනවා මේ කතාව රේඛීයව ගලාගෙන යන කතාවක් නෙවෙයි කියලා. මේකෙ කතාව යන්නෙ ටයිම් ලයින් තුනක. මේ ටයිම් ලයින් තුන යන්නෙ හරි ලස්සන විදියකට. Land, Water, Air කියන තුන මත මේ ටයිම් ලයින් තුන ලස්සනට නොලන් විසින් විග්‍රහ කරලා තිය්‍රනවා. ටයිම් කියන කන්සෙප්ට් එක හරි දක්ෂ විදියට මේ ෆිල්ම් එකට පාවිච්චි කරල තියෙනවා. නොලන්ගෙ Memento (2000), The Prestige (2006) වගේ ෆිල්ම්ස් බලලා තියෙනව නම් මේ මූවි වලත් ටයිම් ලයින් එක රේඛීයව යන්නෙ නෑ කියන එක ඔයාලට තේරෙන්න ඇති. ටයිම්ලයින් ටික ඉස්සරහට විස්තර කරගෙන යන්නම්. කියවගෙන යන්න.

The Land Timeline Explained – පරාජය ජයග්‍රහණයක් වූ කල


Land Timeline

මේ ටයිම් ලයින් එකක් ගොඩබිමේ (The Land) යන ටයිම් ලයින් එකක්. ඒ කියන්නෙ හමුදාවෙ සෙබළු ටික වෙරලෙ ඉද්දි සිදුවෙන දේවල් පෙන්නන ටයිම් ලයින් එක. මේක පටන් ගන්නෙ හිට්ලර් යුධ විරාමෙ ගන්න තැනින්. මේ ටයිම් ලයින් එක සතියක විතර කාලයක් දිග ටයිම් ලයින් එකක්. ඒ කියන්නෙ ඩන්කර්ක් වරායෙන් සෙබළු ටික බේරගන්න තැනේ ඉදන් සතියකට කලින් වෙන සිදුවීම් තමයි මේකෙ පෙන්නන්නෙ. Alex (Harry Styles) එහෙම ලොකුවට පෙන්නන්නෙ මේ ටයිම් ලයින් එකේ. ඇලෙක්ස්ව තමයි මේ ටයිම් ලයින් එකෙන් ගොඩක් ෆෝකස් කරලා තිබුනේ. මේ ෆිල්ම් එකේ ඉන්න කැරැක්ටර්ස් සේරම ෆික්ශනල් කැරැක්ටර්ස්. නොලන් උනත් කියල තියෙනවා අපි මේ කරන්නෙ කාගෙවත් කතාවත් නිරූපණය කරන එක නෙවෙයි කියලා. ඒ වගේම මේ ටයිම් ලයින් එක එන්ඩින් එකේදි ඩන්කර්ක් වරායෙ හිර වෙලා ඉන්න සෙබලු ලක්ෂ තුනකට අධික පිරිසක් බේරගන්න සමත් වෙනවා. ඒ වගේම ප්‍රංශයට සපෝට් කරන්න අද්මිරාල් කෙනෙක් ඩන්කර්ක් වල නවතිනවා අපිට දැකගන්නත් පුලුවන්. ජර්මනියෙන් සැරින් සැරේ කරන ගුවන් ප්‍රහාර නිසා සෙබළුන් 15000 කට අධික පිරිසක් අහිමි උනා කියන එකත් මතක් කරන්න ඕනෙ. ඒ වගේම හමුදා පැරදීගෙන ආවත් රටක් විදියට බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කලා කියන එකත් කියන්න ඕනෙ. මොකද ඩන්කර්ක් මෙහෙයුම (Dunkirk Evacuation) සාර්ථක උන නිසා. 

The Sea Timeline Explained – සත්‍යට වඩා ප්‍රබල මනුස්සකම


Sea Timeline

මේ ටයිම් ලයින් එක පටන් ගන්නෙ මිස්ටර් ඩෝසන්, එයාගෙ පුතා පීටර් සහ ඔවුන්ගෙ බෝට්ටුවේ ඉන්න උදව්කාර ළමයෙක් වගේම පීටර් ගෙ යාලුවෙක් වෙන ජෝජ් තමන්ගෙ බෝට්ටුවත් අරගෙන ඩන්කර්ක් වරායට යන්න පටන් ගන්න තැනින්. ඒ වගේම මේ ටයිම් ලයින් එක දුවන්නෙ මුහුදේ ඒ කියන්නෙ වතුරේ සිදුවන සිදුවීම් තමයි මේකෙන් පෙන්නලා තියෙන්නෙ. ඒ වගේම මිස්ටර් ඩෝසන් ගෙ බෝට්ටුව තමයි මේ ටයිම් ලයින් එකේදි ෆෝකස් වෙන්නෙ ගොඩක්ම. මේ ටයිම්ලයින් එක දවසක් වගේ කාලයක සිදුවීම් පෙන්නන ටයිම් ලයින් එකක්. ඒ කියන්නෙ සෙබළු ටික බේරගන්න දවසකට කලින් සිදුවීම් ටිකක් තමයි මේකෙ යන්නෙ. මේ ගමනේදි කිලියන් මර්ෆි විසින් රගන සෙබළෙක් (මෙයාගෙ නම නම් කියන්නෙ නෑ) මේ බෝට්ටුවට දාගන්නවා. මෙයා පොඩි රණ්ඩුවකදි ජෝජ් ව තල්ලු කරනවා. මේ නිසා ජෝජ් මැරෙනවා. ඒත් ඩෝසන් සහ පීටර් මේ ගැන මේ සෙබළාට කියන්නෙ නෑ. කියන්නෙ ජෝජ් හොදින් කියලා. නිකන් හිතන්නකෝ යුද්දෙත් පැරදිලා ගෙදර යන සෙබලෙක්ට ඒම දේකුත් කිව්වම ඇති වෙන හැඟීම. මේ සිදුවීම මම දකින්නෙ සත්‍යට වඩා ගැඹුරු දෙයක් කියලයි. මනුස්සකම කියන දේ කොහොමත් සත්‍යට වඩා ගැඹුරුයි. ඒත් මේක නිසා මැරුණ ජෝජ් ට අසාදාරණයක් උනාද? නෑ හේතුව අපි අන්තිමට දකිනවා පීටර් ජෝජ් ගැන පත්තරේකට කියන සිදුවීම. ඒ වගේම මේ ටයිම් ලයින් එකට ඒ වගේ ටිකක් දුක හිතෙන ඉමෝශනල් අවසානයක් දීලා තියෙනවා කියලා ඔයාලට තේරෙන්න ඇති. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. මේ කිලියන්ගෙ සෝල්ජර් ඉන්නෙ ලොකු ශොක් එකකින්. ඒ නිසාත් මේ සිදුවීම ගැන එයාට කියන එකෙන් වැලකුනා කියලා කියන්න පුලුවන්. පරාර්ථකාමීත්වය මනුස්සකම වගේ දෙයක් එතනින් පෙන්නුම් කරනවා.

The Air Timeline Explained – ශ්‍රේෂ්ඨ කැපකිරීම


Air Timeline

මේ කතාව තියෙන තුන්වෙනි සහ අවසාන ටයිම් ලයින් එක තමයි බ්‍රිතාන්‍ය හමුදා වෙ සෙබළුන් කිහිපදෙනෙක් ගුවන් ප්‍රහාර වලින් ඩන්කර්ක් වෙරල ආරක්ශා කරන එක පෙන්නන ටයිම් ලයින් එක. ඒ වගේම මේක ගුවනේ වෙන සිදුවීම් පෙන්වන ටයිම් ලයින් එකක්. මේ ටයිම් ලයින් එකෙන් කවර් කරන්නෙ පැයක වගේ කාලයක් ඒ කියන්නෙ සෙබළු ටික බේරගන්න සිදුවීම සහ ඊට පැයකට කලින් සිදුවීම් තමයි මේකෙ යන්නෙ. ෆෙරියර් (Tom Hardy) කියන ගුවන් හමුදා නියමුවා ව තමයි මේ ටයිම් ලයින් එකෙන් ෆෝකස් කරන්නෙ. ෆෙරියර් කොහොමහරි ඩන්කර්ක් වරායට එල්ලවෙන ගුවන් ප්‍රහාර නවත්තනවා. ඒත් ටයිම්ලයින් එක එන්ඩ් වෙන්නෙ ෆෙරියර් ගුවන් ප්‍රහාර නවත්තලා ඩන්කර්ක් කරා ළගා උනාට ගුවන් යානාවෙ ඉන්ධන ඉවර වෙලයි තිබුනේ. ඒ නිසා මෙයා සතුරු කලාපයට ගොඩබාලා ප්ලේන් එක ගිනි තියනවා. ඒ වගේම මෙයාව සතුරු හමුදාවෙන් අල්ලගන්න එකත් එක්ක මේ ටයිම් ලයින් එක අවසාන වෙනවා. ඒ වගේම මේක ශ්‍රේෂ්ඪ කැපකිරීමක් කියල හඳුන්වන්න පුලුවන්. 

Dunkirk (2017)

ඔන්න ඉතින් ඩන්කර්ක් මූවි එකේ රිවීව් එකත් ගෙනාවා. මේකෙ ලොකු ලොකු සයන්ස් එහෙම නෑ. මූවි එක බේස්ඩ් වෙන ස්ටෝරිය සහ ටයිම් ලයින් එක එක්ස්ප්ලේන් කරගන්න තමයි මේකෙ ලොකුවට තියෙන්නෙ. ඉතින් එහෙනම් අදට මෙතනින් මන් නවතිනවා. තවත් ලිපියකින් හමුවෙමු. හැමෝටම ජයවේවා!!!!!

Mihindu Sri (RWC)

Check Also

Inspector Rishi (2024) [Complete S01] Sinhala Subtitles | යක්ෂයින්ගේ තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Year : March 29, 2024 (India) IMDB Rate :  7.2/10 Stars : Naveen Chandra, Sunaina …

One comment

  1. Thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *