Monday , August 3 2026

Ganglands (2021-) [S01: E01] Sinhala Subtitles | මාරයාට අත වැනීම! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Ganglands (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.0/10

Stars :  Sami Bouajila, Carlos Schram, Geert Van Rampelberg

Language :  French

Director :  Hamid Hlioua, Julien Leclercq

ඉතින් අද අරන් ආවෙ NETFLIX එකෙන් මේ 24 වෙනිදා නිකුත් කරපු තවත් සුපිරිම පට්ට පතුරු සීරිස් එකක පලවෙනි කතාංගය. ඉතින් මේක ප්‍රංශ කතාමාලාවක්. කොටින්ම කිව්වොත් ඇක්ෂන් පැක් එකක්. මිස් කරගන්නෙ නැතුව හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා.. මේක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. මේ වෙනකොට IMDB දර්ශකයේ 7.0ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේක කාලෙකට පස්සෙ එන හොඳම ඇක්ෂන් සීරිස් එකක්, හොඳට වියදම් කරලා හදල තියෙනවා, බලන ඕනිම කෙනෙක්ට ආස හිතෙන විදිහට. මේක අද උදේ තමයි දෙන්න හිටියෙ ඒත් කරන්ට් එක ගියපු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා.. ඉතුරු එපිසෝඩ් ටිකත් දවසකට එක ගානෙ වගේ දෙන්නම්.. ඔයාලා දාන කමෙන්ට් ගාන අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නෙ.

කතාව ගැන බැලුවොත්, කතාවෙ ප්‍රධාන චරිතය යැනිස් සෙරී කියන්නෙ හොරෙක්, මුල් එපිසෝඩ් එකේ පෙන්නන විදිහට, එයාගෙ අතීතය ගැන නම් කිසිම දෙයක් පලවෙනි එපිසෝඩ් එකේ පෙන්නන්නෙ නෑ. ඉතින් මෙයයි මෙයාගෙ ටීම් එකයි ලොකු ලොකු හොරකම් තමයි කරන්නෙ, ලොකු රත්තරං හොරකමකින් පස්සෙ මෙයායි යාලුවයි හිතනවා දැන් මේ වැඩේ කරා ඇති, අපි මේක නවත්තලා හොඳින් ජීවත් වෙන්න ඕනි කියලා.. ඉතින් මේ අතරෙම යැනිස්ගෙ ලේලි එයාගෙ පෙම්වතියත් එක්ක පොඩි පොඩි හොරකම් කරනවා.. ඉතින් මෙටාලා දවසක් මිනිහෙක්ගෙන් හොරකම් කරන බෑග් එකක් ඇතුලෙ කොකේන් වගයක් තියෙනවා.. ඉතින් එතනින් තමයි මේ කතාවෙ ගැටුම පටන්ගන්නෙ.. අන්තිමේට ලේලිට මොකක් වෙයිද? අපි කතාව බලලම හොයාගමු මොකද වෙන්නෙ කියලා.. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *