Tuesday , July 14 2026
DON'T MISS

Foundation (2021-) [S01: E02] Sinhala Subtitles | ඔයත් එක්ක.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Foundation (2021-) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.9/10

Stars :  Jared Harris, Lee Pace, Lou Llobell

Language :  English

Creators :  Josh Friedman, David S. Goyer

ඔන්න එහෙනම් Foundation සුපිරි විද්‍යා ප්‍රබන්ධයේ දෙවෙනි කොටසත් අරගෙන ආවා.. මේකට සබ් කරන එක නම් ලේසි පහසු උනේ නෑ. ඉතින් කලින් කොටසෙදි ඔයාලට මතක ඇතිනෙ හැරී සෙල්ඩන් ආචාර්යතුමාගේ අනාවැකිය ඇත්තක් වෙනව කියලා.. ස්කයි පාලම කඩාගෙන වැටිලා.. ඉතින් මේක නිසා අධිරාජයයන්ට මේක අකමැත්තෙන් උනත් විශ්වාස කරන්නෙ සිද්ද වෙනවා. ගේල් බොරුවක් කියල තමයි සෙල්ඩන්ව මරණ දණ්ඩනයෙන් බේරගන්නෙ.. ඊටපස්සෙ හැරීවයි එයාගෙ අනුගාමිකයො වෙන ගේල් සහ රේච්වයි ටර්මිනස් වලට පිටුවහල් කරනවා.. ඒ මේ අනාවැකියෙන් කියන ලෝක විනාශය (මහා බිඳවැටීම) සිද්ද වෙන එක නවත්තන්න බැරි වුණත් ඒක මන්දගාමී කරන්න හරි ක්‍රමයක් හොයාගන්න කියලා…

ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් මේ අධිරාජ්‍යයා ඇනැක්‍රියන් සහ තෙස්පියන් ලෝක වල අය ස්කයි පාලමේ ප්‍රහාරය කරා කියලා සැක කරනවා.. මොකද ඒ බෝම්බකරුවෝ බෝම්බය පුපුරවන්න කලින් එක සින්දුව කියනවා හැම කෙනාම, ඒ සින්දු අයිති වෙන්නෙ තෙස්පියන් සහ ඇනැක්‍රියන් භාෂාවල් වලට.. ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් මේ කුපිත වෙලා ඉන්න අධිරාජ්‍යයා මේකට පලිගන්න මොකක්ද කරන්න යන්නෙ කියලා.. ඒ වගේම තමයි මෙයාලා කියන විදිහට මේ ව්නාශයෙන් හැමෝටම ගැලවෙන්න බෑ.. මෙයාලගෙන් සුළු පිරිසකට තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන්.. ඒත් මේ හැමෝම එකතු වෙලා ඒ සුළු පිරිසකගෙ හරි ගැලවීම වෙනුවෙන් එකතු වෙලා වැඩ කරනවා. ඒ වගේම අද කතාවෙ දෙන්නෙක් අතර පොඩි ආදර හුටපටේකුත් පටන්ගන්නව බලාගන්න පුළුවන්.. මේ කොටස අවසානෙට නම් වෙන්නෙ හිතාගන්න බැරි දෙයක්.. මුළු කතාවම කනපිට ගැහෙනවා වගේ දෙයක් වෙනවා. ඒක මොකක්ද කියල දැනගන්න කතාව බලලම ඉන්න එහෙනම්.. ඉතින් හැමදාම වගේ විශේෂ ස්තූතිය හිමිවෙන්නෙ ඉෂාන්ට, වෙනද වගේම සබ් එකේ අඩුපාඩු ටික බලල හරිගස්සල දුන්නෙ අපේ ඉෂාන්. ඉතින් අපි අද තවත් සුපිරි NETFLIX කතාමාලාවකට සබ් හදන්න පටන්ගත්තා, හැබැයි ඒක දෙන්න නම් ටික දවසක් යයි, මොකද එපිසෝඩ් සේරටම සබ් හදල තමයි ඒක දෙන්න හිතන් ඉන්නෙ.. අලුත් ෆිල්ම් කිහිපයකුත් තියෙනවා ඒවත් ඉක්මණටම දෙන්නම්. එහෙනම් ලබන සතියෙ ෆවුන්ඩේෂන් තුන්වෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු! එතකන් හැමෝම පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න! ජයවේවා!!

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *