Year : 2021
IMDB Rate : 8.3/10
Stars : Jeremy Renner, Hailee Steinfeld, Florence Pugh
Language : English
Director : Rhys Thomas
හෝක්අයි ටීවී සීරීස් එකේ චරිත සහ කතාව
මේ අවුරුද්දෙ අන්තිමටම වගේ එන MCU සීරිස් එක තමා Hawkeye කියන්නෙ. ඒ
වගේම මේක රිලීස් වෙනවත් එක්කම Original
Avengers ල 6 දෙනාටම Solo ප්‍රොජෙක්ට් එක ගානෙ හරි ලැබිල තියෙනවා (ඒ කියන්නෙ ෆිල්ම් එකක් හරි සීරීස් එකක් හරි) ඒ වගේම තාම හරියට
මේකෙ ස්ටෝරිය කොයි වගේ වෙයිද මේක කොහොම MCU එකේ ඉස්සරහට එන්න තියෙන ප්‍රොජෙක්ට් වලට බලපායිද කියන එක
ගැණ තාම හරිහැටි විස්තරයක් අපිට Predict
කරන්නවත් බෑ. හැබැයි අපිට මේ වෙද්දි මේකෙ Cast එක, එයාල ඉන්න චරිත ගැන
වගේ කාරණා කීපයක් Marvel එකෙන් දැනුම් දීල
තියෙනව. අපි මේ ලිපියෙන් දැණට අපි මේ සීරිස් එක ගැන දන්න දේවල් ගැන පොඩි විපරමක් කරල බලමු.
සීරිස් එකට මුලින්ම කමියුනිටි එකේ අවධානය ආවෙ මේකෙ Katie Bishop චරිතය තියෙනව වගේම ඒකට සුන්දර නිළි Hailee Steinfield ව කාස්ට් කරල
කියල රූමර්ස් පැතිරෙන්න ගන්නවත් එක්කම. මේක කන්ෆර්ම් උනේ නෑ කාලයක් යනකම්. ඒ
රූමර්ස් පැතිරිලා මාසයක් හෝ දෙකක් ඇතුලත Hawkeye සීරිස් එකේ පලවෙනි
සෙට් ෆොටෝ එක රිලීස් වෙනව. මේකෙන් අපිට Katie Bishop ගැන ගියපු රූමර්ස් ඇත්ත කියල කන්ෆර්ම් වෙනව. (ඔයාලා මෙයාව දන්න්නවා බම්බල්බී ෆිල්ම් එකේ හිටියෙ අනේහ්…)
එතකොට කවුද මේ Katie Bishop කියන්නෙ? මෙයාගෙයි Hawkeye ගෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද?
(ස’රුයි මැඩමුයි ශූටින් වල) |
කොමික් පැත්තෙන් ගත්තම කේටි කියන්නෙ හොද සල්ලිකාර පවුලක
කෙල්ලෙක්. මෙයාගෙ පවුලෙ විස්තර ඉස්සරහට කියන්නම්. බිශොප් පවුලෙ වෙඩින් එකක් තියෙන
තැනට පහරදීල මෙයාලව ප්‍රාණ ඇපේට ගන්නව. ඔය වෙලාවෙ මෙතෙන්ට එනව Young Avengers ල. මේ වෙනකොට Young Avengers ටීම් එකේ ඉන්නෙ Iron lad, Patriot, Hulkling, Asguardian (මුල් කාලෙ Wiccan එයාගෙ Code Name එක විදියට පාවිච්චි
කරන්නෙ මේ නම) කියන හතර
දෙනා. Young Avengers ල මේ ගොල්ලොන්ව
බේරගන්න උත්සාහකරනව. මේක නවතින්නෙ වැඩේ අච්චාරු වෙලා. හැබැයි කේටිට පුළුවන් වෙනව
එයාව අල්ලගෙන හිටපු කෙනාව Takedown
කරන්න. කේටි කියන්නෙ හොද Martial Artist කෙනෙක් වගේම Self Defense ගැන හොදට හදාරපු
කෙනෙක්. මේ සිද්ධියෙන් පස්සෙ කේටි Young Avengers ලට එකතුවෙන්න උත්සාහකරනව. හැබැයි ටීම් එකේ නායකයා උන Patriot මේකට මුලදි කැමති
වෙන්නෙ නෑ. මොකද කේටි කියන්නෙ කෙල්ලෙක් ඒ වගේම එයාට කිසිම Super Power එකක් නෑ. පස්සෙ මෙයා
කැසැන්ඩ්‍රා ලෑන්ග් (ස්කොට් ලෑන්ග් ඈන්ට් මෑන්ගෙ දුව) එක්ක එකතුවෙලා දෙන්නත් එක්ක කෝමහරි ටීම් එක ඇතුලට පැනගන්නව. මේ
කාලෙ වෙනකොට Avengers Disassemble, House of M වගේ සිද්ධි
වෙලා Hawkeye, Antman,
Vision වගේ අය නැතිවෙලා තියෙන්නෙ. ඉතින් ඇවෙන්ජර්ස්ල Specially කැපා මේ ටීම් එකට
කැමතිවෙන්නෙ නෑ. කැපා මේ Young Avengers ලව Ground කරල මෙයාලගෙ Weapons, Costume වගේ දේවල්
අරගන්නව. මේ වෙලාවෙ කේටි එයාගෙ Family
එකේ සල්ලි පාවිච්චි කරල Young Avengers ලට Warehouse එකක් පවා අරගන්නව.
කෝමහරි පස්සෙ කාලෙක Kree සහ Skrull ල අතර ඇතිවෙන Conflict එක්කට සාර්ථකව මූණ
දුන්නට පස්සෙ Young Avengers ලට ආපහු වැඩ
කරන්න අවසර ලැබෙනව. මේ නිසා Jessica
Jones දැන් Hawkeye
නැති නිසා කේට්ව ඊලග Hawkeye විදියට නම් කරනව.
පස්සෙ මෙයා Avengers Mansion එකේ තිබ්බ
ක්ලින්ට්ගෙ දුන්න අරගෙන Hawkeye
Mantle එක ඉස්සරහට අරන් යනව. Original Hawkeye ආපහු රිටර්න්
උනාට පස්සෙ ක්ලින්ට් මෙයාට දිගටම Hawkeye
විදියටම ඉන්න දෙනව (එතකොට දැන් කොමික් වල Hawkeye නම පාවිච්චි කරන
දෙන්නෙක් ඉන්නව. ටිකක් කොන්පියුස් වගේ නේ.) එතන ඉදන් කේටිගෙ Mentor විදියට ඉන්නෙ
ක්ලින්ට්. පස්සෙ Los Angelis වල වෙරළබඩ
පැත්තෙ ඇතිවෙන ප්‍රශ්ණ කීපයක් නිසා මෙයා ක්ලින්ට් ගෙ උදව්වෙන් දෙවෙනි West Coast Avengers ටීම් එක Assemble කරනව. මේකෙ නායකයා
වෙන්නෙත් මෙයා.
කොමික් වලදි කේටි Face කරන පලවෙනි විලන්
වෙන්නෙ Kang the Conqueror.
මෙයා එක්ක නිතරම වගේ හැප්පෙන චරිතයක් තමා Madame Masque.
කේටිට කොමික් වලදි Speed, Noh-Varr, Fuse වගේ අයත් එක්ක
මෙව්ව එකක් තිබිල තියෙනව.
Hawkeye නලු Jeremy Renner කියන විදියට Hawkeye සීරිස් එකේ ඉන්න Kate Bishop කියන්නෙ අවුරුදු 22 ක
විසේකාර දඩාර Hawkeye ෆෑන් කෙනෙක්ලු. සීරිස්
එකේ කේටිව කන්ට්‍රෝල් කරන්න ක්ලින්ට් ට වෙනම ගේමක් ගහන්න වෙයි වගේ. (හැබැයි ඒ
අතින් ගත්තම Hailee කියන්නෙ මේකට
ගන්න පුළුවන් හොදම නිළියෙක්. Barely
Lethal බලන්නකො.)
මාවල් කොමික් වල ඉන්න දක්ෂතම දුනුවායන්ගෙන් දෙවෙනිය තමා
කේටි කියන්නෙ. (කේට් හෝ කේටි . කැමති එකක් කියාගන්න ගැටලුවක් නෑ.)
කේටිට තියෙනව වැඩකට යන්න කලින් එතන හොදට විෂ්ලේශණය කරන්න
පුළුවන් හැකියාවක් (උදාහරණකෙට කිව්වොත් Ally එක්ක මිනිහෙක්ව මංකොල්ල කනව කියල හිතන්නකො. මෙයා වැඩේට
බහින්න කලින් Lamplight එක කොතනද,
මනුස්සයට හානි වෙන්න පුලුවන්ද, මංකොල්ලකාරයො පැනල යන්න පුලුවන් පාරවල් මොනවද වගේ
දේවල් ඔක්කොම මෙයා හොයල බලනව.)
සමහර විට සීරිස් එකේ ක්ලින්ට්ට කේටිව හම්බවෙද්දි කේටි
හොද Archer කෙනෙක් (දුනු වායෙක්) වෙලා
ඉන්නත් පුළුවන්.
Vera Faminga as
Elanor Bishop
Vera ව නොදන්න
කෙනෙක් නෑනෙ දැන්. KOTM, Conjuring
ෆිල්ම් වල Main role කරේ මෙයා. මෙයත් මේ සීරිස් එකෙන් MCU එකට එකතුවෙනව. මෙයා
එන්නෙ Elanor Bishop එහෙමත්
නැත්තම් කේටිගෙ අම්ම විදියට. කොමික් වලනම් කේටිගෙ ඔරිජින් එක වෙන කාලෙ වෙනකොට මෙයා
මැරිලා ඉන්නෙ. හැබැයි මෙයාව ආයෙ Resurrect කරනව.
ඒ වගේම මෙයා
හොද Spy Skills තියන කෙනෙක්. පස්සෙ
කේටි Temple of the
Shifting Sun එක Infiltrate
කරන්න යද්දි (මේක පාලනය කරන්නෙ වැම්පයර් Cult එකක්) කේටි දැනගන්නව Elanor වැම්පයර් කෙනෙක් වෙලා
කියල.
මේ ෆොටෝ එකේ අපිට දකින්න පුළුවන් කේට්ගෙ අම්මා එක්ක තවත් පිරිමි කෙනෙක්ව.
මේ කේටිගෙ තාත්ත වෙන්න ඕනෙ. කොමික් වලනම් මේ දෙන්න වෙන් වෙලා ඉන්නෙ. මෑන්ස්ට Underworld Connection තියෙනව. කොමික්
වල මෙයා Madame Masque,
M.O.D.O.K, වගේ අයත් එක්ක වැඩකරනව. (ෆොටෝ එකේ ඉන්න එකාගෙත් පොඩි Villainous පෙනුමක් තියෙනව)
මේ දෙන්න ඉන්නෙ මොකක්හරි Ceremony එකක් මැද්දෙ. මං
හිතන්නෙ කොමික් වල වගේම කේටිගෙ ඔරිජින් එක මෙතනින් පටන් ගනීවි. ඕක තහවුරු වෙනව යට ෆොටෝ
එකෙන්. මෙතන කේටිත් ඉන්නවා.
Florence Pugh As Yelena Belova
අනේ යෙලේනව දන්නෙ නැත්තං ආපු අතක් බලාගෙන ආපහු යන්ඩ ඈ 😂😂😂😂 දන්නවනෙ හැමෝම. මුල් කාලෙ රූමර්ස් ගියා යෙලේනා නටාශා
මැරුන එකට ක්ලින්ට්ගෙන් පලිගන්න ඒවි කියල. කෝමහරි ඒ කතාවනම් හරිගියා. ගොඩක් වෙලාවට
මෙයා සීරිස් එකේ මැදදි වගේ සෙට් වෙයි.
මුලින්ම නිකුත් උන සෙට් ෆොටෝස් වල අපි දැක්ක ක්ලින්ට් ශ්‍රවණාධාරක
පාවිච්චි කරනව කියල.
මේක කෝම උනාද දන්නෙ නෑ. Maybe යෙලේනා වගේ කෙනෙක් කන ලෙප්ට් වෙන්නම කෙලිය වෙන්න ඇති. කොමික් වල නම් කන ඇහෙන්නෙ නැති හෝක්අයි කෙනෙක් මම නම් දැකල නෑ. හැබැයි Oldman Hawkeye ගෙනම් ඇස්
පේන්නෙ නෑ. (Oldman ස්ටෝරිලයින්
ටික යන්නෙ Post Apocalyptic ලෝකෙක.)
ඊලගට මේ ෆොටෝ එක මේකෙ අර Ceremony එක් තියන තැනම
ක්ලින්ට් එක්ක කේටි ඉන්නව. කේටිගෙ ඔරිජින් එකට මේක සම්බන්ධයි කියන සැකේ මේකෙන්
තහවුරුවෙනව.
ලකදෙ පැපොල් සෙට් එක මොකෝ මේ හුවක්කයි එකේ ? 😂😂😂😂
ප්‍රොෆාගෙ සෙට් එක කියලද හිතුවෙ නෑ නැ මේ Money Heist නෙවේ… මේ ඉන්නෙ Tracksuit Dracula කියන සෙට් එක.
මුන් නිව්යෝක් වල Mafia කල්ලියක්. කොමික්
වලදි ක්ලින්ට් මෙයාල එක්ක වලි දාගෙන තියෙනව.
Tracksuit Dracula ගැන කියද්දි
ඊලගට ඔලූවට එන චරිතෙ තමා අයිවන් බැනියෝනිස් කියන්නෙ. මෙයා මේ Gang එකත් එක්ක වැඩකරන
කෙනෙක්. කොමික් වල ක්ලින්ට් ඉන්න අපාර්ට්මන්ට් එක අයිති මෙයාට. මෙයා ඒකෙ ඉන්න Resident ල ලවා එයාගෙ වැඩ
කරගෙනත් තියෙනව. මේක නිසා ක්ලින්ට් මෙයා එක්ක වලි දාගෙනත් තියෙනව. අයිවන් මේකෙ
ඉන්නව කියල රූමර්ස් පවා යනව. බලමු මේව හරිගියොත් හොදයි. හෝක්අයි සීරිස් එක ගැන
ගියපු ගොඩක් රූමර්ස් හරිගියා.
මේ ෆොටෝ එකෙන් අපිට ක්ලින්ට්ගෙ පවුල දකින්න පුළුවන්. මං
හිතන්නෙ කවුරුහරි Barton Family එක Hunt කරනව. බොහෝදුරට මේ
යෙලේනා වෙන්නත් උළුවන්. මොකද දැනට ක්ලින්ට් එක්ක ලොකුම ඇරියස් එක තියෙන්නෙ මෙයාට.
ඊලගට දැනට Confirmed Cast එකේ ඉන්න චරිතෙ තමා Echo කියන්නෙ. කොමික් වලදි මෙයා Deaf (කන් ඇහෙන්නෙ නැති) කෙනෙක්. ඒ වගේම හොද සටන් හැකියාවක් වගේම Photographic Reflexes මෙයාට තියෙනව.
සීරිස් එකේ Echo ට ඉන්නෙ Alaqua Cox. මෙයා ඇත්තටම Deaf නිළියෙක්. එතකොට දැනට MCU එකේ Deaf Superhero ල දෙන්නෙක් ඉන්නව. (සචින් ගෙනාපු ඉටර්නල්ස් චරිත ගැන කරපු වීඩියෝ එක බැලුවා නම් ඔයා අනික් කෙනා කව්ද කියලා දන්නවා)
Echo a.k.a Maya
Lopez කියන්නෙ කොමික් වලදි Willie Lincoln a.k.a. Crazy Horse ගෙ දුව. විලීව
කින්ග්පින් මරනව. ඉතින් විලී මැරෙද්දි මායාගෙ මූණෙ ලේවලින් අත් සලකුණක් තියල Kingpin a.k.a Wilson Fisk ගෙන් ඉල්ලනව තමන්ගෙ
දුවව හදාගන්න කියල. විල්සන් මායාව තමන්ගෙ ලග තියාගෙන හදල පස්සෙ මෙයාහොද පුහුණුවක්
දෙනව. පස්සෙ මෙයා Echo ට කියනව
ඩෙයාඩෙවිල් ව මරන්න කියල. මේ Task
එකට මෙයා ඩෙවිල් ගැන හොදට හොයනව. පස්සෙ මෙයා දකිනව
ඩෙයාඩෙවිල්ට කළුවරේ උනත් හොදට ගමන් කරන්න පුළුවන් කියල. මේ ඔකෝම හොයාගන්නෙ ඩෙයාඩෙවිල්, Bullseye එක්ක සටන් කරන වීඩියෝ
වගයක් බලල. ඊටපස්සෙ ඩෙවිල්ව එයාගෙ ඇසීමෙ හැකියාව නැති තැනකට ගෙනල්ල මරන්නත්
යනව. මේ වෙද්දි මෙයා මැතිව් මර්ඩොක් එක්ක
පොඩි පලහිලව්වක් පටන්ගෙන තියෙන්නෙ. ඉතින් මෙයා මැතිව් කියන්නෙ Daredevil කියල දැනගත්තට පස්සෙ
මරණ අදහස අතාරිනව. ඊටපස්සෙ මැතිව් ඇත්තටම කින්ග්පින්ග් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල
මෙයාට කියල දෙනව.
Spidermanට මකුළුවෙක්, බැට්මැන්ට
වවුලෙක් වගේ මෙයාගෙ Symbol එක මූණ මැද
තියපු අත් සලකුණක්. මෙයාගෙ මූණෙ ලේ වලින් තියපු අත් සළකුණ තමා මේකෙන් Symbolize වෙන්නෙ.
මේවෙද්දි Hawkeye සීරිස් එකේ Spin-off එකක් විදියට Echo සීරිස් එක්ක වැඩ
පටන්අරන් තියෙනව. ඒ කියන්නෙ මෙයාගෙ ඔරිජින් එක ඒම අපිට බලාගන්න පුළුවන්. හැබැයි
දැන් MCU එකේ Kingpin නෑනෙ. එතකොට මෙයාගෙ
ඔරිජින් එක වෙනම විදියකට ගෙන්නත් පුළුවන්. නැත්තම් Echo සීරිස් එකෙන් අපිට Kingpin ගෙ පලවෙනි MCU Appearance එක බලාගන්න
පුලුවන්. (හැබැයි Vincent D’Onofrio නැතුව වෙන Kingpin ල එපා)
දැන් බලමු සීරිස් එකේ එයි කියල රූමර්ස් යන චරිත ගැන.
Clown
Clown ගෙ ඇත්ත නම
වෙන්නෙ Kazimerz
Kazimierczack (දැන් මේක කියවල දිවත් පැටලෙනව). මෙයාගෙ
පවුලෙ අය සර්කස් එක්ක වැඩකරන්නෙ. පොඩි වෙඩි හටනකින් මෙයාගෙ පවුල මරෙන නිසා මෙයා
ඇමරිකාවට එනව. එහෙදි Subway එකක් ඇතුලෙ
වෙන Explosion එක්කින්
මෙයාගෙ යාළුව Janek මැරෙනව. මේ
සිද්ධිවලින් ඇතිවෙන කම්පනේ නිසා මෙයා හේතුවක් නැතුව මිනීමරන්න ගන්නව. පස්සෙ මෙයා Mercenary කෙනෙක් වෙනව.
මෙයා ක්ලින්ට්ගෙ අසල්වැසියව මරනව. පස්සෙ මෙයා Tracksuit Draculas ල එක්ක
එකතුවෙනව. හෝක්අයි එක්ක යන සටනකින් පස්සෙ ක්ලින්‍ට් මෙයාව පරාද කරනව.
Swordsman
රූමර්ස් වලින් කියවෙන චරිත අතරින් කන්ෆර්ම් වෙන්න ගොඩක්ම
ඉඩක් තියෙන චරිතෙ තමා Swordsman කියන්නෙ.
මෙයාගෙ ඇත්ත නම Jacques
Duquesne (ඒ අනික 😂😂😂😂) මෙයා සර්කස් එක්ක ඉන්න Performer කෙනෙක්. පිහි, කඩු, කිණිසි වගේ
වගේ උල් ආයුධ වලින් වැඩ දාන එක තමා මෙයා කරන්නෙ. කොමික් වලදි මෙයයි, Trickshot දෙන්න තමයි ක්ලින්ට්
බාටන් a.k.a. Hawkeye ව පුහුණු
කරන්නෙ ඒ වගේම Jacques ගෙ Secondary Performer වෙන්නෙත්
ක්ලින්ට් ම තමා.
Jacques කියන්නෙ හොද
සූදුකාරයෙක්. මේ වැඩෙන් මෙයා හතර අතට ණය වෙනව. මේ ණය ගෙවන්න මිනිහ කානිවල් එකේ Paymaster ව කොල්ලකනව. ක්ලින්ට්
හොයාගන්නව මේ රොබරිය දුන්නෙ Jacques කියල. මේක
දැනගෙන ක්ලින්ට් Jacques ගෙන් පැනල
ගිහින් High Wire එක නගිනව (High Wire කියන්නෙ අර සර්කස් වල
කට්ටිය ලණුවක් දාල ඒක දිගේ ඇවිදගෙන යන්නෙ ආං ඒක). මෙතෙනට එන Jacques එයාගෙ කඩුවෙන් High Wire එක කපල දානව. ඒකෙන්
පස්සෙ මිනිහ ක්ලින්ට් මැරුන කියල හිතාගෙන එතනින් පැනල යනව.
ඊට පස්සෙ මිනිහ Officially ම අපරාධකාරයෙක් විදියට
ලෝකෙ වටේම එක එක අපරාධ වලට හවුල් වෙනව.
මෙයාගෙ මූලිකම ආයුධ වෙන්නෙ Makluan Sword (මේක දෙන්නෙ Mandarin) එකක් සහ Throwing Knives. (Makluan ල කියන්නෙ Marvel කොමික් වල ඉන්න මකරු
වගේ ජීවීන් කොටසක්. Ten Rings කියන්නෙත්
මෙයාලගෙන් එන දෙයක්. කොමික් වල ඉන්න ප්‍රසිද්ධම Makluan කෙනෙක් තමා Fing Fan Foom)
දැනට Original
Avengers ලගෙන් Origin
එකක් නැත්තෙ ක්ලින්ට විතරයි. ඉතින් මේකෙන් එයාට ඔරිජින්
එකත් දෙනවනම් Swordsman ගැන අඩුම Hint හරි තියෙන්නත්
පුළුවන්.
Madame Masque
Giuletta Kristina
Nefaria කියන්නෙ Count
Luchino Nefaria ගෙ දුව. මෙයාගෙ අම්ම මැරෙන ප්‍රසූතියෙදි. ඊට
පස්සෙ Count Nefaria මෙයාව Byron Frost සහ Loretta Frost දෙපලට දෙනව
හදාගන්න කියල. මේ දෙන්න මෙයා නම තියනව Whitney Frost කියල. පස්සෙ මෙයාගෙ
ඇත්තම තාත්ත ඇවිල්ල මෙයාට ඇත්ත කියනව. මේ නිසා මෙයාට සිද්ධ වෙනව මෙයාගෙ තාත්තට වැඩ
කරන්න. පස්සෙ මෙයා “Big M” Maggia (Marvel කොමික් වල
තියෙන Crime Family එකක්.) එකේ
නායිකාව වෙනව. පස්සෙ කාලෙක
මෙයාට වෙන අනතුරක් නිසා මෙයාගෙ මූණට හානි වෙනව. මේකෙන් පස්සෙ මෙයා රත්තරන් පාට Mask එකක් දානව. මේකෙන් තමා
මෙයාට Madame Masque කියල නම
හැදෙන්නෙ. මීට වඩා මෙයාගෙ කතාව කියන්න ගියොත් මේක සෑහෙන ඇදෙනව. ඒ නිසා දැනට මේ ටික
මතක තියාගන්න.
මෙයාට Powers
මුකුත් නෑ හැබයි මෙයා Martial arts, Fire Arms, Disguise, Gymnastics වගේ දේවල් වල
ප්‍රවීණයෙක්.
Powers මුකුත් නැති
උනත් Magical Items කීපයක්ම
හොයාගන්න නිසා මෙයාට Teleportation, Magical
energy වලින් blasts
කරන්න වගේ දේවල් ටිකක් මෙයාට පුළුවන්. හැබැයි Doctor Doom ගෙ වැඩක් නිසා මේ
දේවල් නැතිවෙනව.
Masque කියන්නෙ Mental Attacks වලට ප්‍රතිරෝධී
වෙන්න පුහුණු උන කෙනෙක්. ඒ නිසා මෙයාට ගොඩක් Telepathic attacks වලින් බේරෙන්න
පුලුවන්. ඒ වගේම මෙයා Cerebra-Scanner
එකක් පාවිච්චි කරල මෙයාගෙ මතකයක් දවස්කට වතාවක් Backup කරනව.
Masque ගාව තියෙන Gun එකේ උණ්ඩ වලට අමතරව
ගෑස් වර්ග කීපයක්ම තියෙනව.
කොමික් වලදි Masque එයාගෙම ක්ලෝන් හදාගෙන තියාගන්නව.
Agent Carter සීරිස් එකේ
අපිට Whitney Frost කියන චරිතේ
බලාගන්න පුළුවන් උනා. හැබැයි Agent
Carter Canon කියල කොහෙවත් කියල නෑ. (සීරිස් එක බලල නෑ මම ඒ නිසා
දන්නෙ නෑ වැඩිය)
Facts:-
1) වතාවක් කොමික් වලදි Madripoor වල ඉන්න Hawkeye ව මෙයාගෙ මිනිස්සු
පැහැරගන්නව. ඊට පස්සෙ මෙතෙන්ට කේටි ඇවිල්ල ක්ලින්ට්ව බේරගන්නව. එතන වෙන සටනෙදි Masque ට ඕනෙ කරල තිබ්බ ටේප්
එකක් විනාස වෙනව. මේ නිසා Masque
දිවුරනව කේටි බිශොප්ගෙන් පළිගන්න. කේටි සහ Masque දෙන්නගෙ Rivalry එක පටන්ගන්නෙ ඔහොමයි.
කොටින්ම Hawkeye ල දෙන්න Los Angeles වලට ගියාමත් මෙයා
කේටිගෙන් පස්සෙන්ම එනව.
2) Masque කියන්නෙ Avengers, SHIELD වගේ අයටත්
හිසරදයක් උන චරිතයක්.
මේ උඩ කියපු චරිත තුනම රූමර්ස් ඈ. තාම Confirmed උනේ නැත ඒ නිසා මේවා
අනිවා ඉන්නව කියලනම් හිතන්න බෑ. හැබැයි සීරිස් එකේ ගොඩක් ලොකු Rouge Gallery එකක් තියෙනව
කියල අපිට හිතන්න පුළුවනි.
මේ නිකුත් උන සෙට් ෆොටෝස් වල අපිට කේටිගෙ බල්ල Lucky ව බලාගන්න පුළුවන්
උනා.
ඒවගේ තවත් ෆොටෝ කීපයකම අපිට Santa Clause ව බලාගන්න පුළුවන්.
කොමික් වලනම් සැන්ටා කියන්නෙ Mutant කෙනෙක්. මේ
ඒකට දීපු Easter egg එකක් වෙන්න
පුළුවන්.
ඒ වගේම මේ ෆොටෝ වල සෑහෙන්න හිම තියෙනව. ඒ කියන්නෙ මේ
සීරිස් එක යන Timeline එක තියෙන්නෙ
නත්තල් කාලෙ. එතකොට අර උඩින් කියපු Bishop Family එකේ Ceremony එක Christmas Party එකක් වෙන්න
පුළුවන්.
සීරිස් එක Hawkeye කියල නම් කරල තියෙන්නෙ කේටි බිශොප් ගෙ නමටද
මන්ද. කේටිත් යූස් කරන්නෙ Hawkeye
කියන Codename
එකනෙ. ඒ වගේම මේ Title එක කොමික් වලදි යූස්
කරන්නෙ කේටි බිශොප්ගෙ Hawkeye
Protagonist විදියට ඉන්න කොමික් Issue වල Title එකට. අනේ මන්ද ඒකනම්.
(මේ තියෙන්නෙ) |
කේටිව මේකෙන් Introduce වෙන නිසා ඒ Title එක පාවිච්චි කරා
වෙන්නත් පුළුවන්. කෝමවෙතත් මෙයා
MCU එකේ ලොකු Role එකක් කරාවි. සම්හරවිට Young Avengers ලව ලීඩ්
කරන්නත් පුළුවන්. අම්මාහ්හ් රසය 😻🔥🔥🔥😻
ඒනම් Guys අදට මං කැපුන.
තවත් මේ වගේ ලිපියකින් ඉක්මනටම හම්බවෙමු.
Au revoir!!!
ලිපිය:
Malinda Bandara(RWC)
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks mcn, niyamatema karla. Super