Tuesday , April 22 2025
DON'T MISS

Jurassic World Camp Cretaceous (2021) Complete Season 05 Sinhala Subtitles | ඩයිනොසෝරයන් වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Year :  September 18, 2020

IMDB Rate :  7.5/10

Stars :  Evan Peters, Richard Jenkins, Molly Ringwald

Language :  English

Director : Steven Spielberg, Colin Trevorrow, Zack Stentz, Frank Marshall

ආයුබෝවන්! 🙏😊 කියලා ඔන්න හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මං අද ඔයාලට අරගෙන එන්නෙ Jurassic World Camp Cretaceous පස්වන කතාසමයට උපසිරැසි. පලමු කතාසමයේ කතාංග 8ක්ද දෙවන කතාසමයේ කතාංග 8ක්ද තෙවන කතාසමයේ කතාංග 10ක්ද හතරවන කතාසමයට කතාංග 11ක් වගේම පස්වන කතාසමයට කතාංගය 12ක් ඇතුලත් වෙනවා. හුගක් කට්ටිය මේක ඉල්ලලා තිබුන හින්දම වෙනදා වගේ කොටස ගානේ දෙන්නෙ නැතුව මේ වතාවේ කතාංග 12ම එකපාර දෙන්න කියලා කොල්ලා තීරණේ කළා. කතාංග 12ම නම් කරපු පිළිවෙල ඔයාලට පහලින් බලාගන්න පුලුවන්.

E01 – ආපසු එකතු වීම
E02 – අවසන් පරීක්ෂණය
E03 – සටන් බිම
E04 – වංක ක්‍රියාව
E05 – භූමී සෙලවීම
E06 – කණ්ඩායම් බෙදීම
E07 – පැනීම
E08 – පැනයාම
E09 – මධ්‍ය හරය
E10 – සැබෑ මිත්‍රත්වය
E11 – අවසන් ආධාරකය
E12 – නුබ්ලා සික්ස්

Jurassic Park, Jurassic World අතරට එකතුවුනු Animated කතාමාලාවක් වන මේ Jurassic World Camp Cretaceous සම්පූර්ණ කතාමාලවට IMDb අගය 7.5/10 ක අගයක්ද Rotten Tomatoes අගය 92%ක අගයක් සහ ගූගල් පරිශීලක අගය 90%ක් ලබාගෙන තියෙනවා. ඩයිනසෝර්ලා ගැනම සඳහන් වෙන නිසාම මං හිතුවා ඔයාලාට ඩයිනසෝර්ලා කීපදෙනෙක් ගැන පොඩි විස්තරයක් අරගෙන එන්න. පින්තූරත් එක්ක පහලින් තියෙනවා එහෙනම් කියවලා බලන්නකො.

01. ටිරානෝසෝරස් රෙක්ස්

ටිරානෝසෝරස් රෙක්ස්, එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න විදිහට “ටී-රෙක්ස්” කියලා කියමුකෝ. මෙයාගේ නමේ තේරුම තමයි “ටයිරන්ට් කටුස්සා” කියන එක. එහෙමත් නැත්තම් විශේෂිත නම විදිහට “උරග රජු” කියලත් හඳුන්වනවා. මං කලින් සඳහන් කළා වගේ ටිරානෝසෝරස් රෙක්ස්ගේ කේත නාමය තමයි “ටී. රෙක්ස්” කියන්නෙ. මාංශ භක්ෂකයෙක් වෙන මේ ටී. රෙක්ස් ගේ උස මීටර් 3.4-4 (උකුලේ අඩි 11-13) දිග මීටර් 11.5-13.2 (අඩි 37.8-43.3) බර ටොන් 9.8/රාත්තල් 19,555 කුත් වෙනවා. බිත්තරයෙන් උපත් වර්ගයට හිමිකම් කියන ටී. රෙක්ස්ව හොයාගෙන තියෙන ස්ථානය විදිහට උතුරු ඇමෙරිකාව සඳහන් වෙනවා. මොවුන්ගේ පරාසය විදිහට ‘ඉස්ලා නුබ්ලා, ඉස්ලා සෝර්නා, මැන්ටා කෝර්ප් අයිලන්ඩ්, කැලිෆෝනියා, බයෝසින් වෙලි’ කියලා තමයි සඳහන් වෙන්නෙ.

02. ස්කෝපියස් රෙක්ස්

ස්කෝපියස් රෙක්ස් කියන මෙයාගේ නමේ තේරුම වෙන්නෙ “ස්කෝපියස් රජු” කියන එකයි. කේත නාමය විදිහට හඳුන්වා දීලා තියෙන්නෙ “E750” කියලා. මාංශ භක්ෂක ගණයට අයත් වෙන ස්කෝපියස් රෙක්ස් දෙමුහුන් ගණයට තමා අයත් වෙන්නෙ. ඒකට කානෝටෝරස් [1] + ටිරානෝසෝරස් + වෙලෝසිරැප්ටර් + ගස් ගෙම්බා + ස්කෝපියන්ෆිෂ් විදිහට සඳහන් වෙනවා. උප-වැඩිහිටි උස 2.4-2.6 මීටර් (අඩි 8-8.5) වගේම වැඩිහිටි උස 3.3-3.5 මීටර් (අඩි 11 සිට 11.5 දක්වා) වර්ධනය වෙනවා. ඒවගේම ස්කෝපියස් රෙක්ස්ගේ බර නම් සඳහන් වෙලා නෑ. පාර්ටිනොජෙනිස් බිත්තර වර්ගයට තමා උපත් වර්ගය සඳහන් වෙන්නෙ. ඉස්ලා නුබ්ලා පරාසය තුළ වඳ වී ගොස් ඇති බවටත් සඳහන් වෙනවා.

දැනට නම් මෙයාව අපිට දැකගන්න පුලුවන්කම ලැබෙන්නෙ, Jurassic World: Camp Cretaceous කතාමාලාවෙදී විතරයි.

03. බැරියෝනික්ස්

බැරියෝනික්ස්ට නම වැටෙන්නෙ හේතුවෙලා තියෙන්නෙ එහෙමත් නැත්තම් මෙයාගේ නමේ තේරුම වෙන්නෙ “Heavy Clow/බර නියපොතු” කියන එක. “බැරි” කියන කේත නාමය යෙදෙන මේ බැරියෝනික්ස් අයත් වෙන්නෙ මාංශ භක්ෂක ගණයට. හැබැයි ඒකට මාළු කෑම අර්ධ වශයෙන්. බැරියෝනික්ස් කකුල් වලින් උස මීටර් 2.5ක් විතර වෙනවා. ඒවගේම දිග මීටර් 7.5-10 වෙනවා අඩි වලින් ගත්තොත් අඩි 24-33ක් අතර වෙනවා. මෙයාගේ බර ටොන් 1.3-1.9 (රාත්තල් 2,645-3,800) වෙනවා. හොයාගත් ස්ථාන විදිහට එංගලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය, පෘතුගාලය සහ බෙල්ජියම සඳහන් වෙනවා. මෙයාගේ උපත් වර්ගයත් වෙන්නෙ බිත්තර. බැරොයෝනික්ස් ගේ පරාසය “ඉස්ලා සෝර්නා, ඉස්ලා නුබ්ලා, කැලිෆෝනියා, මැල්ටා” කියලා තමයි සඳහන් වෙන්නෙ.

04. කානෝටෝරස්

කානෝටෝරස් ගේ නමේ තේරුම තමයි “Meat-eating bull” එහෙමත් නැත්තම් “මස් කන ගොනා” කියන එක. කානෝටෝරස් ගේ ආහාර වේල වෙන්නෙ මාංශ භක්ෂක. උපත් වර්ගය බිත්තර. උස මීටර් 3-3.6 (අඩි 10-12) දිග 5.8-9 meters (19.2-30 feet) වගේම බර ටොන් 1 (රාත්තල් 2,000) කියලා තමයි සඳහන් වෙන්නෙ. මෙයාව හොයාගෙන තියෙන ස්ථානය දකුණු ඇමරිකාවේ ආර්ජන්ටිනාවල. කානෝටෝරස් ගේ පරාසය “ඉස්ලා නුබ්ලා, ඉස්ලා සෝර්නා, කැලිෆෝනියාව, මැල්ටා, මැන්ටා කෝර්ප් දූපත විදිහට තමයි සඳහන් වෙන්නෙ.

05. ඩිලෝෆසෝරස්

ඩිලෝෆසෝරස් ගේ නමේ තේරුම වෙන්නෙ “ද්විත්ව ලාංඡන කටුස්සා/උරගයා” කියන එක. මෙයාගේ කේත නාමය වෙන්නෙ “ස්පිටර් හෝ ඩිලෝ.” උපත් වර්ගය බිත්තර වන ඩිලෝෆසෝරස් ගේ ආහාර වේල මාංශ භක්ෂක වන අතර උස මීටර් 3 (අඩි 10)ක්ද දිග මීටර් 6 (අඩි 20)ක්ද බර ටොන් 1 (රාත්තල් 2,000) ක්ද වශයෙන් සඳහන් වෙනවා. මෙයාව හොයාගෙන තියෙන්නෙ ඇරිසෝනා වල. ඩිලෝෆසෝරස් ගේ පරාසය “ඉස්ලා නුබ්ලා, ඉස්ලා සෝනා [3], මැන්ටා කෝර්ප් දූපත, බයෝසින් වෙලි” යනුවෙන් සඳහන් වෙනවා.

ඉතින් මං ඔයාලට ඒ අරගෙන ආවේ ඩයිනසෝර්ලා පස් දෙනෙක්ගේ විස්තර ටිකක් විතරයි. මොකද හැම ඩයිනසෝර් කෙනෙක්ගෙම විස්තර සඳහන් කරන්න අපහසු නිසා. Jurassic World: Camp Cretaceous හතර වෙනි කතාමාලාවටත් උපසිරැසි අරගෙන ආපු මම, ඒකෙ පස්වෙනි කතාමාලාවටත් උපසිරැසි අරගෙන එන්න හිතුවා. Netflix ඔස්සෙ දිගහැරුණු මේ කතාමාලාවේ අවසානය, මේ කතාසමයෙදී සනිටුහන් කරනවා කියලත් ඔයාලට මතක් කරන්න ඕනෙ. ලිපිය අද පොඩ්ඩක් දිග වැඩිවුන හින්දම මේකත් ඔයාලට බලන්න භාර කරලා මං අදට මෙතනින් නවතිනවා. පුලුවන් හැමෝම කමෙන්ට් එක ගානේ දාගෙන යන්න. ජය!

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Download Menu

 

 

 

 

Complete Episodes Bulk

1.6GB 720p Complete WEBRip

1.6GB 720p Complete WEBRip

1.6GB 720p Complete WEBRip

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Jurassic World Camp Cretaceous (2021) Complete Season 05 Sinhala Subtitles” Jurassic-World_-Camp-Cretaceous-S05-Complete.zip – Downloaded 1206 times – 109.52 KB

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

2 comments

  1. Tnx ruka😍

  2. Iye Jurassic world chaos theory release una eke sub ekath ikkanatama oni🥹❤️

Leave a Reply to Sandaru Nimsara Cancel reply

Your email address will not be published. Required fields are marked *