Year : 2021
IMDB Rate : 7.6/10
Stars : Malavika Mohanan, Joseph Vijay, Vijay Sethupathi
Language : Tamil
Director : Lokesh Kanagaraj
ඉතින් මම මගෙ 200 වන උපසිරැසි ගැන්වීම තමයි අද අරන් එන්නේ, ඉතින් මම මුලින්ම මගේ මිත්‍රයා පයිරේට් අයියට ස්තූති කරන්න ඕනෙ, මෙච්චර කල් මගේ සබ් දාලා මට සහයෝගයක් දුන්නට, ඉතින් මට කමෙන්ට් දාපු හැම කෙනාටම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා, මොකද එයාලා නැත්නම් මට මෙච්චර දුරක් එන්න වෙන්නේ නැහැ, තව කට්ටිය හිටියා මගේ හැම එකටම කමෙන්ට් දාන සමහරු හිටියා එකකට විතරක් කමෙන්ට් දාන ඒ කොහොම දැම්මත් මම එයාලට හදපිරි ස්තූතිය පුද කරනවා. තව කියන්න ඕනේ මේ මගේ 200 නෙමෙයි ඇත්තටම 200 දැන් පැනලා තියෙන්නේ, මම ඉතින් මේකට සබ් කරන් හිටියා මේක ඇවිල්ලා දවස් 2කට පස්සේ ඉතින් මම මේක සිනමාශාලාවේ ගිහින් බැලුවා මොකද එච්චරටම නියම ෆිලුමක් නිසා, ඉතින් අද තව කියන්න දෙයක් නැහැ හැමෝටම ස්තූති කියලා තමයි කියන්න තියෙන්නේ, එහෙනම් අපි දැන් කතාව ගැන සාරාංශෙකට යමු.
මේක තමයි 2021 වසරේදි දැනට ලබාදුන්න නියමම සහ හොඳම ෆිලුම කියලා කියන්න පුළුවන්, ඉතින් මේක මාස ගානක් තිස්සේ ඇදිච්ච ෆිල්ම් එකක් මොකද කොවිඩ්-19 තත්වය නිසා මෙහි අධ්‍යක්ෂකවරයා වන ලොකේෂ් කනගරාජ් මෙය ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් නොකරනවා කියා සිටියා, ඔහුට අවශ්‍ය වූයේ සිනමාශාලාවල තලපති විජෙයිගේ ෆිලුමක් පෙන්වා, මිනිස්සුන්ට විනොදාස්වාදයක් ගෙන්වා දීමටයි, ඒකයි ඔහු මේක ගොඩක් කල් යැව්වේ, ඉතින් අන්තිමේදි එහේ රටවල්වල සිනමාශාලා අරින්න දුන්න නිසා මොහු මේක තව කල් නොයවා ඉක්මනින්ම ගේන්න සැලැස්සුවා, සාමාන්‍යයෙන් මේ වගේ ෆිල්ම් එකක් ආවාම කොපිය තමයි එන්නේ, ඉතින් මේකෙත් ආවා, හැබැයි කොපියක් සාමාන්‍යයෙන් මාස 3ක් යනකන්වත් රඳා පවතිනවා, ඊටපස්සේ අධ්‍යක්ෂකවරු තමන්ට අවශ්‍ය මුදල උපයාගත්තට පස්සේ ඩිජිටල් මාධ්‍යයට දෙනවා, මේක නිකුත් කරන්න. ඉතින් දැන් අපි මේ කතාව ගැන පොඩ්ඩක් කතා කරමු, මේ Master (2021) කියන ෆිල්ම් එක දැන් ගොඩක් අය දන්නවා ඒවගේම මගබලන් හිටියේ මේක එනකන් ඒක නිසයි මම ඉක්මනින්ම අරන් එන්න හිතුවේ, ඒකත් මගෙ 200 වන උපසිරැසියට ඉතින් මේකේ IMDB අගය ලැබිලා තියෙනවා 7.6ක්, ඒ කියන්නේ හොඳ අගයක්, ඉතින් මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ ලොකේෂ් කනගරාජ්ය. ඒවගේම මෙහි ලේඛකයා වෙන්නෙත් ලොකේෂ් කනගරාජ්ය. මේකේ තව සුවිශේෂත්වයක් තමයි අපි දන්නම විජේලා දෙන්නෙක් තමයි රඟපාන්නේ, ඒ තලපති විජේ සහ මක්කල් සෙල්වන් විජේ සේතුපති ඉතින් විජේ සේතුපතිගේ ෆිල්ම් බලලා තියෙන අය දන්නවා එයා සුපිරිම නළුවෙක් කියලා, තවද මෙහි රංගනයෙන් දායක වන පිරිස් තමයි මලෙයිවිකා මෝහනාන්, ඇන්ඩ්‍රියා ජෙරෙමියා, අර්ජුන් දාස්, ගෞරි කිෂන්, රම්‍යා සුබ්‍රමනියම්, ශන්තුනු බග්‍යරාජ් ආදී අය තමයි. තව බොහෝ පිරිසක් ඉන්නවා ඒත් එක්ක.
ඉතින් තව කියනවා නම් මේකේ අධ්‍යක්ෂවරයා නියම දක්ෂයෙක් මේ වගෙ ෆිල්ම් එකක් හදන්න, මොකද කිසිම කම්මැලිකමක් නැතුව තුන් හතර පාරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, මේකේ එන සිංදු ටිකත් ඒවගේ තමයි, මේකේ තියෙන හැම සිංදුවක්ම මාරම ලස්සනයි, සිංදු ටික අහන්නත් පුළුවන් ෆිල්ම් එකත් බලන්න පුළුවන් එච්චරටම ලස්සනයි. මේ සිංදු ඉතින් ලබාදී තියෙන්නේ ඉන්දියාවේ ජනප්‍රිය සිංදු ලේඛකයෙක් වන අනිරුද් රවිචන්දර්ය. මේක නිෂ්පාදනය කරපු ෆිල්ම් සමාගම XB Films Creators කියන සමාගමයි. මේක ගැන තව කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් මම කියන්නේ ෆිල්ම් එක බැලුවා නම් තමයි වඩා හොඳ මොකද මේ වගේ ෆිල්ම් එකක් මඟහැරගන්න හොඳ නැහැ. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ජේඩි කියන්නේ බේබද්දෙක්, කොයිවෙලෙත් වෙරි වීගෙන තමයි ඉන්නෙ, එයා බොන්න හේතුව එයාගේ හොඳම යාළුවා හදිසි සෞඛ්‍ය හේතුවක් නිසා මිය ගිය එක, ඒත් එක්කම මෙයා කොලේජ් එකක ප්‍රොෆෙසර් කෙනෙක්, කොලේජ්වල ළමයි ඉතින් තමන්ගේ ජාතියෙම ප්‍රොෆෙසර්ලට ගොඩක් කැමතිනේ, ඒක නිසා කොලේජ් එකේ ගොඩක් අය මෙයාව අනුගමනය කරන්නේ, මෙයාලා වෙනුවෙන් මේ සර් ඉන්නවා වගේ, සරුත් ඕන වෙලාවක මෙයාලා වෙනුවෙන් ඔට්ටුයි, අනිත් පැත්තෙන් ඉන්නේ බවානි, මෙයාගේ අම්මයි තාත්තයි මෙයා පුංචි කාලෙදිම සතුරෝ ටිකක් මරලා දානවා, ඒත් ඒ හතුරෝ ටික මෙයාව මරන්නේ නැතුව ශෝධනාගාරෙකට යවලා මෙයාට වද හිංසා කරනවා, ඉතින් ටික ටික ලොකු වෙද්දි මෙයාට පලිගන්න කාලෙත් එනවා, ඒත් එක්ක මෙයා දරුණුම ගණයේ මැරයෙක් වෙනවා, ඉතින් මෙයා මෙයාගේ අපරාධ වැඩක් කරාම එයා යටත් වෙන්නේ නැතුව විවිධ අපරාධ නිසා ශෝධනාගාරෙට යවන ළමයි තමයි මෙයාගේ අපරාධවලට යටත් කරවන්නේ, ඉතින් ඔහොම යද්දි දවසක් ජේඩිට මේ ශෝධනාගාර ඉස්කෝලෙට යන්න හුවමාරුවක් හම්බෙනවා, ඉතින් මෙයා යනවා ඒත් ඒ ළමයි ගැන මෙයා එච්චර බලන්නේ නැහැ මොකද උන් උන්ගේ වැඩක් කරගන්නවා මෙයා මෙයාගේ වැඩක් කරගන්නවා, දවසක් ඔහොම යද්දි එකපාරටම ළමයි දෙන්නෙක්ව පන්ති කාමරේ එල්ලලා තියෙනවා, ඒකෙන් පස්සේ තමයි මෙයාගේ ඇතුළේ හිටිය හොඳ කෙනා එළියට ඇවිත් බීම නතර කරන්නේ, මෙයාට ගොඩක් අභියෝගවලට මූණ දෙන්න වෙනවා ඊටපස්සේ ඒ කියන්නේ ඒ ශෝධනාගාරේ ඉන්න ළමයින්ගේ නරක හැසිරීම හොඳ පැත්තට හරවන්න, ඒ අස්සේ බවානිගේ අයත් මෙයාට බාධා එල්ල කරනවා. මෙතනින් එහාට කිව්වොත් කතාවේ කිසි ගතියක් නැහැ එහෙනම් මම අදට සමුගන්නවා, ආපහු අලුත් ෆිල්ම් එකක් ආවාම හම්බෙමු.
එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! කොමෙන්ටුවක් දාන එක ඔයාලට භාරයි!!! ස්තූතී!!!!!
Racaty Links
මෙම උපසිරැසි Proper HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thnx සුපිරියට මහන්සි වෙලා කරනවා. .
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request :
The White Tiger (2021)
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
Tnx bro.❤️
Master movie 1080p eke sound nahane ai e 😥
https://www.youtube.com/watch?v=wr03V5H6l3Y
මේ වීඩියෝ එකේ තියෙනව හදන විදිය.
ගොඩ්ක් ස්තූතියි සහෝදරයා…. Good luck & Keep it up…
Meka banna bhene🙄
Download karanna bhane meka ai e
File is not available kiyl enw bro download krnn dennh
Fixed!
Thank you very much
master,bigil,
vidio eka telygram group ekata danavada.plz
File not available