Monday , June 22 2026
DON'T MISS

One Shot (2021) Sinhala Subtitles | තුරුම්පුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

One Shot (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.1/10

Stars :  Scott Adkins, Ashley Greene, Ryan Phillippe

Language :  English

Director :  James Nunn

ඔන්න අදත් ෆිල්ම් එකක් අරගෙන ආවා, එසේ මෙසේ එකක් නෙවෙයි අපි කවුරුත් දන්න බොයිකා ඉන්න පට්ටම ඇක්ෂන් ෆිල්ම් එකක්. බොයිකා එහෙමත් නැත්නම් Scott Adkins සුපිරිම මාෂල් ආට් කෙනෙක්, ඇක්ෂන් ෆිල්ම් බලන අය නම් මෙයාව නොදන්නව වෙන්න බෑ. ඒ වගේම ජනප්‍රිය Shooter කතාමාලාවෙ ප්‍රධාන නළුවා වෙන Ryan Phillippe මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රඟපානවා. මේ වෙනකොට IMDB දර්ශකයේ 6.1ක අගයක් ලැබිල තියෙනවා. ඉතින් Scott ගෙ පහුගිය දව්ස් වල නිකුත් වුණ චිත්‍රපටි නම් එච්චර ජනප්‍රිය උනේ නෑ. හැබැයි මේ ෆිල්ම් එක නම් තරමක් සාර්ථකයි කියල කියන පුළුවන්. ෆිල්ම් එකේ ස්ටෝරියත් හොඳයි.

කතාව ගැන බැලුවොත්, නේවි සීල් කණ්ඩායමකට, ඇමරිකානු රජයට අයත් අපරාධකාරයින්ව රඳවලා තියාගන්න බේස් එකක් තියෙනවා දූපතක. ඉතින් මේ දූපතේ ඉන්න එක රැඳවියෙක්, රජයට අවශ්‍යම කරන තොරතුවක් දැනගෙන ඉන්නවා. ඉතින් මේ නේවි සීල් භටයින්ව තවත් මනෝ විශ්ලේෂක කාන්තාවකුත් එක්කම මෙයාලා ඒ බේස් එකට යවනවා හෙලිකොප්ටරයකින්. අර රැඳවියාව රජය අරගෙන එන්න කියලා. මේ රැඳවියා දැනගෙන ඉන්න රහස තමයි ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් නගරෙට බෝම්බ පහරදීමක් සිද්ද කරන්න මේ ත්‍රස්තවාශීන් සූදානම් වෙලා ඉන්නවා, ඉතින් ඒ බෝම්බෙ තියෙන්නෙ කොහෙද කියල දන්නෙ මේ රැඳවියා විතරයි. ඉතින් මේ සීල් කණ්ඩායම මේ දූපතට ගොඩ වෙලා, මේ රැඳවියව අරන් යන්න මේ බේස් එකේ ප්‍රධානියගෙන් අවසර ඉල්ලුවත් එයා නම් වැඩිය ඒකට කැඑමති වෙන්නෙ නෑ. ඒත් එක්කම නොසිතූ දෙයක් සිද්ද වෙන්න ගන්නවා. ඊටපස්සෙ තමයි සටන පටන්ගන්නෙ. ශූටින් වගේම කපන කොටන සීන් එහෙමත් ගොඩක් තියෙනවා.. එහෙනම් අරගෙන බලන්න මේ ඇක්ෂන් පැක් එක. ඉස්සරහට තවත් මේ වගේ ෆිල්ම් වලට උපසිරැසි ඕනි නම්, අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න, එහෙනම්, ජයවේවා!!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *