Monday , August 3 2026

Scam 1992: The Harshad Mehta Story (2020) [E01] Sinhala Subtitles | ඉන්දියාවේ විශාලතම මූල්‍යමය වංචාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E01] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ tv series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්.1992 දී ඉන්දියාවේ share market එක සහ money market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශාලම චංචාව සිද්ධ වෙනවා.
මේ කතාවේ කතා නායකයා හර්ෂාද් මෙහෙතා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්, විශ්ව විද්‍යාල උපාධිදාරියෙක්, ඒත් ඉගෙන ගන්න කැමැත්තක තිබ්බ කෙනෙක් නෙමේ. Share Market එකෙන් ගොඩ ආපූ කෙනෙක්. ඔයාලා The Wolf of wall street බලලා තියෙනවා නම් ඒකේ මුල් සිදුවීම්වලයි මේකෙයි ලොකු වෙනසක් නෑ. මෙහෙම ගමන පටන් අවුරුදු 10 යන්න කලින් හර්ෂාද් 1992 දී ඉන්දියාවේ ඉහළම බදු ගෙවන්නා වෙනවා. ඒකාලෙදි එයාගේ වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4000ක්,උද්ධමනයත් එක්ක බැලුවොත් දැන් වෙද්දී කෝටි 20000ට වැඩියි. ඉතින් මොකද්ද මේ වෙච්ච වංචාව? කොච්චර ගාණක්ද? ඒක නම් කියන්න පුලුවන් තරමේ සරල දෙයක් නෙමේ. ටිකක් සංකීර්ණයි. ඒක බලලාම තමා දැන ගන්න වෙන්නේ. අනික මේක තනි පුද්ගලයෙකුට විතරක් කරන්න පුලුවන් තරමේ වංචාවකුත් නෙමේ.
මේ කතාව ආකාර 2කින් ඉන්දියාවේ පෙරළියක් කරපු කතාවක්.
පළවෙනි එක මන් කියපු විදිහටම ඉන්දියාවේ ලොකුම මූල්‍ය වංචාව
දෙවනි එක තමා මේ series එක release වෙන්නේ 2020 අවුරුද්දේ. ඒත් තවමත් ඉන්දියානූ ටෙලි සීරිස් එකකට හම්බ වුණ වැඩිම IMDb ratings තියෙන්නේ මේ කතාවට අවුරුදු 2ක් ගත වුණත්. IMDb පරිශීලකයන් 150,000කට ආසන්න මනාප වලින් 9.3 ක IMDb rating point එකක් තියාගෙන ඉන්නවා . මේ කතාව ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නෑ මන් දන්න විදිහට. ඒත් මේකේ intro music එක නම් ඔයාලා ගොඩක් දෙනෙක් කොහේ දි හරි අහලා ඇති.

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *