Monday , June 22 2026
DON'T MISS

Scam 1992: The Harshad Mehta Story (2020) [E05] Sinhala Subtitles | ඔවුන් විමසිල්ලෙන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E05] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

හර්ෂද් දැන් කොටස් වෙළෙදපොලේ ස්ථාවර පුද්ගලයෙක් වෙලා ඉවරයි. මේ ස්ථාවරයට හේතුව තමා එයාගේ කොටස්වල ආයෝජනය කරලා තියෙන විශාලා ප්‍රාග්ධන ප්‍රමාණය. ඒත් මේ ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම ආයෝජකයන් විසින් ආයෝජන කරපු මුදල්ක් නෙමේ. හර්ෂද් බැංකුවලින් ගත්ත විශාල ප්‍රමාණයේ ණය තමා මේ ප්‍රාග්ධනය ඇතුලේ වැඩිපුරම තියෙන්නේ. මේ ණය ගැනීම් වලදී කිසිම සුරැකුම්පතක් හෝ ලෙජර් ගිණුමක් නැතුව හර්ෂාද් ඍජු ගනුදෙනුවලට යනවා බැංකු රිසිට්පත් විතරක් පාවිච්චි කරලා. ඒ ක්‍රමය ලේසි වුණත්, එවකට නීතිත් එක්ක මේ දේවල් නීතියෙන් පිට රාමුවට සනීපයි, ඒවගේම අවදානම්. ඉතින් හර්ෂද් මේ බැංකුවකින් ගත්තු කෝටි 500ක ණයක් එක පාරට බැංකුවේ මුල්‍ය සටහන්වලින් අතුරුදහන් කරනවා. ඒ කියන්නේ දැන් හර්ෂාද් වංචාව පටන්ගත්තා කියන එකද?

කවුද මේ දිල්ලියේ ඉන්න යාලුවෝ?
කතාව බලගෙන යනකොට මට තිබ්බ ප්‍රශ්නයක් තමා මේ නිර්නාමික දිල්ලි යාලුවොයි, කොහෙන්ද කඩාපාත් වෙච්ච සාමිවරයයි කවුද කියන එක. ඒ ගැන මට හිතුනේ නම්,
දිල්ලිය කියන්නේ ඉන්දියාවේ අගනුවර. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට අදාළ ගොඩක් දේවල්, ආයතන තියෙන්නේ දිල්ලිවල. ඉතින් දිල්ලියේ ඉන්න යාලුවෝ පාවිච්චි කරල හර්ෂාද් තමන්ගේ වැඩ ලේසියෙන්ම කරගන්නවා. එතකොට මේ සාමිවරයා, රටක වැඩියෙන්ම බදු ගෙවන පුද්ගලයා වුණහම අනිවාර්යයෙන් ඒ කෙනා ගැන ඕනිම ආණ්ඩුවක් උනන්දුයි. ඉතින් හර්ෂාද් ගැනත් එවකට ඉන්දීය ආණ්ඩුව උනන්දුවෙන් වැඩ කරනවා. අනික මේ සාමිවරයාට ප්‍රශ්නෙකටම මොකක් හරි විසදුමක් තියෙනවා. ඉතින් ඒ හැම විසදුමක් ගන්නේම එයාට තියෙන බලය නිසා. ඉතින් රටක වැඩිපුරම බලය තියෙන්නේ ආණ්ඩුවකට. ඒ කියන්නේ අගමැති, ඇමතුවරු, මන්ත්‍රිවරු සහ තව ලොකු ලොකු රජයේ නිළධාරීන්. ඉතින් මේ කතාවේදි ඍජුවම ඒකාලේ තිබ්බ ආණ්ඩුවල, අගමැතිවරුන්ගේ, ඉහළ තනතුරු දරපු කට්ටියගේ නම්,ගම් විස්තර දාලා මේ කතාව හැදුවා නම් මේ ටීවී සීරිස් එක ඉන්දියාවේ විකාශනය කරගන්න බැරි වෙනවා කියලයි මට හිතුනේ. ඒ නිසා පොඩි අතිශෝක්තියක් එක්ක සාමිවරයෙක්ගෙන් ඒ කාලේ තිබ්බ රජයයි, ඒ තනතුරු ටිකයි පෙන්නවා වෙන්න පුලුවන්.

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *