Monday , April 28 2025
DON'T MISS

Serious Men (2020) Sinhala Subtitles | හොදම දේ දරුවන්ට [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Serious Men (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.8/10

Stars :  Nawazuddin Siddiqui, Nassar, Aakshath Das

Language :  Hindi

Director :  Sudhir Mishra, Sachin Krishn(segment director)

2020 වසරේදී Netflix හරහා විකාශනය වුණු චිත්‍රපටියක් තමා Serious Man . චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමා Nawazuddin Siddiqui. ඉතින් Nawazuddin Siddiqui ගේ චිත්‍රපටියක් මොන වගේද කියලා අමුතුවෙන් සිනමා රසිකයෙක්ට කියන්න වුවමනා නැහැයි කියන එක තමා මගේ අදහස. මේ කතාව මේ වෙද්දී IMDb දර්ශකයේ 6.8 ක අගයක් ලබා ගෙන තියෙනවා

කතාව සම්පූර්ණයෙන් ගලා යන්නේ තාත්තා කෙනෙක් හා පුතෙක් අතරයි. ඕනි ම තාත්තා කෙනෙකුට තමන්ගේ පුතාව ඉහළ තැනකට ගෙනියන්න ඕනි වගේ,අපේ කතාවේ ඉන්න තාත්තට වුවමනා කරන්නෙත් ඒ දේමයි. හැබැයි මෙයා ඇත්තෙන්ම ” සීරියස්” කෙනෙක්. ඒ නිසා වුවමනා කරන්නේ තමන්ගේ පුතාව ගොඩක් විශේෂ කරන්න. ඉතින් මේ තාත්තාගේ අරමුණ සාධාරණයි, ඒත් ක්‍රියාව නම් ගැලපෙන්නේ නෑ. ඉතින් මෙච්චර හිතන “සීරියස්” තාත්තට අවසානේට මුහුණ දෙන්න වෙන්න ප්‍රශ්න මොනාද කියලා කතාව බලලා ම දැනගන්න.

බොලිවුඩ් සිනමා නිර්මාණ දැන් අවුරුදු කිහිපයක ඉදන් සම්ප්‍රදායික සිනමා නිර්මාණවලින් බැහැර වෙලා, වෙනස් විදිහේ සිනමා නිර්මාණ කරනවා. ඉතින් මේ චිත්‍රපටියත් ඒවගේ එකක් කියලයි මට නම් හිතෙන්නේ, Drama, Comedy කියන Categories වලට අයිති වෙන මේ ෆිල්ම් එකේ, හැමතැනකම වගේ උපහාස්‍ය (sarcasm) රසය ඉස්මතු කරලා තියෙනවා. මේ චිත්‍රපටිය සදහා Asian Academy Creative Awards 2021 සම්මාන උළලේදී හොදම සිනමාකරණයට හිමි සම්මානයත්, Filmfare සම්මාන උළලේදී Web Original Film යටතේ හොදම නළුවා සම්මානය දිනා ගන්න Nawazuddin Siddiquiට හැකියාව ලැබිලත් තියෙනවා.

Check Also

Mickey 17 (2025) Sinhala Subtitles | වැය කළ හැකි මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 7, 2025 (USA) IMDB Rate :  6.9/10 Starring: Robert Pattinson,Anamaria Vartolomei,Mark Ruffalo Language : …

2 comments

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Buddhika laKMal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *