Sunday , April 14 2024
DON'T MISS

Shadow and Bone (2021) [S01: E01] Sinhala Subtitles | ග්‍රීශා විශ්වයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Shadow and Bone (2021) [S01: E01] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

ඉතින් ඔන්න මං අද අරන් ආවේ හැමෝම පුන පුනා බලන් හිටිය ටෙලිකතාමාලාවේ පළවෙනි දිගහැරුමයි, ඉතින් නමින් මේක Shadow and Bone (2021) වනවා. මෙහි IMDB අගය 8.2ක් වෙනවා. ඒවගේම Netflix හරහා තමයි අපිට මේක ගේන්නේ, ඉතින් මේක ගොඩක් අය කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බා මං ඒක නිසාමයි මේක ගේන්න තීරණෙ කරේ, තව මේක අයිතිවෙන්නේ Action, Drama, Fantasy යන ගණයන්වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Toland Krieger යන කෙනායි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Jessie Mei Li , Archie Renaux , Freddy Carter , Amita Suman , Kit Young , Ben Barnes ආදි අයයි. ඒත් එක්ක මේකේ එපි 8ක් තියෙනවා, මං පුළුවන් පුළුවන් ඉක්මනින්ම ඔක්කොම ගේනවා, එහෙනම් දැන් පළවෙනි දිගහැරුමට පොඩ්ඩක් හැරෙමු……..

ඉතින් මේකේ ෆෝල්ඩ් කියලා තැනක් තියෙනවා, ඒ තැන් ගැන කතාව බලද්දි තේරුම් ගන්න පුළුවන්, ඉතින් මේක්දි මේ ෆෝල්ඩ් කියන තැන පහුකරන්න බැහැ කිසිම කෙනෙක්ට, එතන හරිම අඳුරු තැනක් ඉතින් එතන පහු කරන්න පුළුවන් ඉර කැඳවන්නෙක් හිටියොත් විතරයි, ඒත් ඒ වෙලාවෙදි එහෙම කෙනෙක් එයාලට නැහැ, මේකේ එක එක නගර තියනවා, ඒ හැම එකක්ම ඔයාලට බලලා අඳුරගන්න පුළුවන් ඒවගේම කතාව ගැන තව කියන්නත් බැහැ මොකද මේකේ කිසිම රස වින්ඳනයක් නැතුව යනවා… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! ඊළඟ එපියෙන් හම්බෙමු

වැඩිදුර දැනුමට..

පහුගිය සිකුරාදා සෑහෙන්න විශේෂ දවසක්. ස්ට්‍රීමින් වල දැවැන්තයෝ ටික එයාලගෙ ප්‍රධානම නිර්මාණ කීයපක් රිලීස් කලා වගේම එතකම් ස්ට්‍රීම් උන නිර්මාණයක අවසානයත් එදා සිදුවුනා. ෆැල්කන් ඇන්ඩ් ද වින්ටර් සෝලජර් සීරීස් එකේ එන්ඩ් එක සහ මෝටල් කොම්බැට් ෆිල්ම් එකේ රිලීස් එකත් අස්සේ නෙට්ෆ්ලික්ස්ලත් එයාලගෙ අලුතම සීරීස් එක එලියට දැම්මා. අර දෙකේ හයිප් අස්සේ මේක ටිකක් යට ගියාට ඒ දෙකටම වඩා හොදයි කියන්න පුලුවන් වැඩක් තමා මේ. දන්නවානේ නෙට්ෆ්ලික්ස් එකේ වැඩ.. සීරීස් එකේ නම Shadow and Bone. සුපුරුදු විදියට නවල් සීරීස් එකක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. නවල් සීරීස් එක කියවලා නැති කෙනෙක් විදියට මේකේ පළවෙනි එපිය බලනකොට අණ්ඩර දෙමළ වගේ. සිරාවටම තේරෙන්නෙ නෑ මොකක්ද මේ වෙන්නේ කියලා. ගොට්, විචර් එහෙම බලපු අය දන්නවා ඇතිනේ ඒ ෆීලින් එක. හැබැයි එපිසෝඩ් දෙක තුනක් බලනකොට වැඩේ ෆීල් වෙනවා. ඒත් කතාවේ වට පිටාව එහෙම හරියටම දැනගෙන බලනවා කියන්නේ වෙනම ආතල් එකක්. ඒක නිසා මේකේ විස්තර ටිකක් හොයන්න ගත්තා එපිසෝඩ් 3 වෙනකම් බලලා.. ඒ ටික තමා මේ කියන්න යන්නේ. ලිපියේ කිසිම මේජර් ස්පොයිල් එක්ක නෑ. හිමිහිට කියවන් යන්න පහලට. ඒ වගේම මේ සීරීස් එකට අදාල කතාව වෙන ලෝකේ මැප් එකත් මං දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ. ලිපිය කියවලා ඒක බලන්න. ලිපියේ කියන ගොඩක් දේවල් එකේ තියෙනවා සහ කියපු දේවල් ටික හරියටම තේරේවි ඒක බලනකොට.

ඊශ්‍රායල්-ඇමෙරිකානු ලේඛිකාවක් වෙන Leigh Bardugo (ලෙයි බර්ඩුගෝ) රචනා කරපු Shadow And Bone නවකතාව ඇසුරෙන් තමා මේ සීරීස් එක නිර්මාණය වෙන්නේ. මේක තනි නව කතාවක් නෙමේ. ට්‍රිලොජියක්. ඒ ට්‍රිලොජියේ කතා තුන මෙහෙමයි 👇

♦️ Shadow and Bone (2012)
♦️ Siege and Storm (2013)
♦️ Ruin and Rising (2014)

එතකොට මේ තුනට විතරද ග්‍රීශාවර්ස් එක කියන්නේ.. නෑ.. මේ ග්‍රීශා ට්‍රිලොජියෙන් පස්සේ තවත් ඩුලොජියක් (දෙකක්) රචනා කරන්න Leigh පටන් ගන්නවා. ඒ දෙක මෙහෙමයි 👇

♦️ Six of Crows (2015)
♦️ Crooked Kingdom (2016)

ඔන්න ඔය දෙකට තමා Six of Crows Duology කියන්නේ. එතකොට අපි දැන් මේ කතා වෙන Shadow and Bone සීරීස් එක හැදෙන්නේ ඔය දෙකේම එකතුවක් විදියට. ඒ කියන්නේ ඔය පොත් පහේම තියෙන කතාවල හයිබ්‍රිඩ් වර්ශන් එකක් තමා මේ. පොත් කියවලා නැති නිසා ඒක වෙන්නේ මෙහෙමයි කියලා මට හරියටම කියන්න බෑ. පොත් ටික කියවපු කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං දැනට හොයපු විස්තර අනුව ශැඩෝ & බෝන් නවල් එකේ ඉන්න චරිත සහ සික්ස් ඔෆ් ක්‍රෝස් නවල් එකේ ඉන්න චරිත සහ ඒ කතා දෙකම මේ සීරීස් එකේ සමාන්තරව යනවා. මීට අමතරව Leigh තවත් ඩුලොජියක් රචනා කලා. ඒ පොත් දෙකේ කතාවනම් මේ සීරීස් එකට දැනට සම්බන්ධ වෙලා නෑ.

කොහොමහරි මේ ශැඩෝ & බෝන් නවල් ට්‍රිලොජිය කියන්නේ නිව් යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලින් නවල් එකක්. එතනින් එහාට කියන්න ඕනි නෑනේ මේක කොච්චර ජනප්‍රියද කියලා. ඒ නිසාම තමා මේකේ සීරීස් එකක් හැදෙන්නෙත්. ඒ වගේම Leigh දැනට රචනා කරලා තියන ඔය නවල් හතටම තමා ග්‍රීශාවර්ස් (ස්නයිඩර්වර්ස්, මන්ස්ටර්වර්ස් වගේ මේකත් යුනිවර්ස් එකක්) එක කියන්නේ. අන්තිම පොත පබ්ලිශ් කලේ මේ අවුරුද්දේ. ගොඩක් දුරට ඉස්සරහටත් මේ නවල් ටික කන්ටිනිව් වෙයි. රිලීස් වෙලා තාම දවස් දෙකක් උනාට සීරීස් එකටත් මේ වෙනකොට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා. IMDb එකේ 8.2ක් සහ රොටේන් ටොමැටෝස් මීටරේ 91%ක් අරගන්නත් මේ සීරීස් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ සේරටම වඩා මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් හරහා ස්ට්‍රීම් වෙන සීරීස් අතරින් ලොව පුරා අංක 01ට එන්නත් ශැඩෝ ඇන්ඩ් බෝන් සීරීස් එකට පුලුවන් වෙලා තියෙනවා. මේ දේවල් වලින් කියවෙන්නේ බොහෝ දුරට මේක ලයිව් ඇක්ශන් යුනිවර්ස් එකක් විදියටත් දිගටම කන්ටිනිව් වෙයි කියලා. එහෙම උනොත් නෙට්ෆ්ලික්ස්ලට එයාලගෙම කියලා මේ ටයිප් එකේ යුනිවර්ස් දෙකක් තියෙනවා. එකක් විචර්, අනික ශැඩෝ & බෝන්. ගොට් එකෙන් පස්සේ මේ ටයිප් එකේ යුනිවර්ස් එකක් හැදුනෙම නැති තරම්. අපි බලමු, විචර් එකත් එක්ක කරට කර ඒ අඩුව පුරවන්න ශැඩෝ & බෝන් එකට පුලුවන් වෙයිද කියලා.

මේ සීරීස් එකේ ශෝරනර් විදියට කටයුතු කරන්නේ Eric Heisserer. මතකද 2016 ආව Arrival ෆිල්ම් එක? අන්න ඒකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ මෙයා. ඒ වගේම ඒ වෙනුවන් හොදම ආදේශිත තිර පිටපත් රචනාවට හිමි ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වෙන්න පුලුවන් උන කෙනෙක්. අති දක්ශ තිර පිටපත් රචකයෙක්. Arrival කියන්නේ පට්ටම ප්ලොට් ටුවිස්ට් එකක් තියෙන ෆිල්ම් එකක්නේ. ආරංචි විදියට මේ ශැඩෝ & බෝන් සීරීස් එකෙත් පට්ටම ටුවිස්ට්ඩ් එන්ඩින් එකක් තියෙනවලු 🤩 ඒ වගේම Strange Things සීරීස් එකේ එක්සෙකෙටිව් ප්‍රඩියුසර් කෙනෙක් විදියට හිටිය Shawn Levy මේකෙත් එක්සෙකෙටිව් ප්‍රඩියුසර් කෙනෙක් විදියට සම්බන්ධ වෙනවා. Night at the Museum ෆිල්ම් සීරීස් එකත් අධ්‍යක්ෂණය කලේ මෙයා. ඒ වගේම David J. Peterson මේ නවල් සීරීස් එකට එකතු වෙලා තියෙනවා භාෂාව පැත්තෙන්. ගොට් බලපු අයනම් අනිවාර්යයෙන් මෙයාව දැනගන්න ඕනි. ගොට් එකේ Dothraki සහ High Valyrian භාශා දෙකේම ප්‍රධාන නිර්මාතෘවරයා තමයි මේ. මේ යුනිවර්ස් එකේ කතාබහ වෙන Ravkan (රව්කන්) ලැන්වේජ් එක නිර්මාණය කරන දෙන්නගෙන් එක්කෙනෙක් තමා මෙයා. පේනවානේ.. හොද දක්ශයෝ ටිකක් තමා මේකට සෙට් වෙලා ඉන්නේ. සීරීස් එක දිගටම කන්ටිනිව් උනොත් පට්ට ඉතිං.. ඒ වගේම සෑහෙන්න ඇකියුරේට් නලු නිලියෝ ටිකක් මේකට එකතු වෙලා ඉන්නවා 👇

♦️ Jessie Mei Li (Alina Starkovl
♦️ Archie Renaux (Malyen Oretsev)
♦️ Freddy Carter (Kaz Brekker)
♦️ Amita Suman (Inej Ghafa)
♦️ Kit Young (Jesper Fahey)
♦️ Ben Barnes (General Kirigan)

ඒ වගේම මේ සීරීස් එකේ රූගතකිරීම් කරලා තියෙන්නේ රුසියාවේ, බෙල්ජියමේ සහ කැනඩාවේ. මාර ලස්සන බැක්ග්‍රවුන්ඩ් ටිකක් එහෙම තියෙනවා. දැන් එහෙනම් මේ සීරීස් එකේ ප්ලොට් එක ගැන ටිකක් බලමු.

මේ කතාවේ මූලිකයෝ වෙන්නේ ග්‍රීශාවරු (“වරු” කෑල්ල දැම්මේ මං. සිංහලෙන් වෙන කියන්න දෙයක් ඔලුවට එන්නෙ නෑ ඒ වචනෙට). සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මෙයාලා විශේෂයි. හේතුව මෙයාලට සුපර් පවර්ස් තියෙනවා. නෑ නෑ.. බයවෙන්න එපා.. මේකත් මේ ටිපිකල් සුපර්හීරෝ සීරීස් එකක් නෙමේ. සුපර් පවර්ස් තිබුනට මෙයාලත් සාමන්‍ය මිනිස්සු වගේම මරන්න පුලුවන්. ඕක ගැන කියවෙන හරි ලස්සන දෙබසක් තියේ මේකේ දෙවෙනි එපිසෝඩ් එකේ. ඒකේ කියන්නේ රයිෆල් එක යුධබිමට එන්න කලින් ග්‍රීශා කෙනෙක් සාමාන්‍ය සෙබලු 50කට සමානයි කියලා (ඒ තරම් බලවත්). ඒත් රයිෆල් එක ආවට පස්සේ ග්‍රීශා කෙනෙක්ගේ වටිනාකම සාමන්‍ය සෙබලු දුසිමක් (12ක්) වෙනකම් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ රයිෆල් එකකින් වෙඩි තියලා ග්‍රීශා කෙනෙක්ව මරන්න පුලුවන් එක. බලේ තිබුනට වැඩක් නෑ මොළේ නැත්තම් 😂 මෙහෙමයි.. ග්‍රීශාවරු මේකට කියන්නේ විද්‍යාව කියලා. මැජික් කියලා නෙමේ. එක අතකට ඒක හරි. මෙයාල කරන්නේ ස්භාවිකව තියෙන දේවල් හසුරවන එක. ඒක මැජික් එකක් නෙමෙයි. කුරුල්ලෙක් උගේ තටු වලින් වාතය පාලනය කරලා පියාඹනවා වගේ දෙයක් මේ. කුරුල්ලෙක් වෙලා ඉපදුනත් ඉපදුන ගමන් පියාඹන්න බෑ. ඒ වගේම පියාඹන හැකියාවට ඕනි කරන දේවල් කුරුල්ලෙක්ට උපතින්ම ලැබෙනවා. ග්‍රීශා කෙනෙක් කියන්නෙත් ඒ වගේ. බලන් යන්නකෝ පහලට.. ග්‍රීශාලා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදනවා 👇

♦️ Corporalki
මෙයාලව හදුවන්නේ මරණය සහ ජීවිතය පාලනය කරන අය විදියට. මෙයාලගෙත් කොටස් තුනක් ඉන්නවා 👇

🔹Heartrenders – මෙයාල තමයි Corporalki වර්ගයේ වටිනාම අය විදියට සලකන්නේ. මෙයාලට පුලුවන් වෙනත් පුත්ගලයෙකුගේ ශරීරය හසුරුවන්න. උදාහරණයක් විදියට මනුස්සයෙක්ගේ හදවත ගැහෙන එක නවත්තන්න වගේම පෙණහලු වලට වාතය ඇතුල් වෙන එක නවත්තන්නත් මෙයාලට පුලුවන්. සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකෙන් අපිට Heartrender කෙනෙක්ව මුලින්ම බලාගන්න පුලුවන්. මේ හදගැස්ම පාලනය කරන එකෙන් එහෙමට දෙයක් කරන්න බෑනේ වගේ එකක් තමා අපිට හිතෙන්නේ. ඒත් මිනිහෙක් බය කරනවට, මරණවට අමතරව සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් පවර් එකක් තමා මේ. බලන්නකෝ සීරීස් එක.

🔹 Healers – මෙයාලට පුලුවන් වෙනත් පුත්ගලයෙකුගේ තුවාල වගේම ශරීරයේ අභ්‍යන්තර හානි සනීප කරන්න. දෙවෙනි එපිසෝඩ් එකෙන්ම හීලර් කෙනෙක්වත් අපිට බලාගන්න පුලුවන්.

🔹 Tailors – මෙයාලනම් නිල වශයෙන් Corporalki කොඨ්ටාශයට අයිති වෙන්නෙ නෑ. කොහොමහරි මෙයාලට පුලුවන් මනුස්සයෙක්ගේ ස්වරූපය වෙනස් කරන්න.

ඔන්න ඔය තුන්ගොල්ල තමා Corporalki කොඨ්ටාශයට අයිති වෙන්නේ. මේ Tailors කෙනෙක් සහ Healer කෙනෙක් කියන්නේ එකම වගේ නේද කියලා හිතෙන්න පුලුවන්. ඒකටත් පට්ට සීන් එකක් තියෙනවා තුන්වෙනි එපිසෝඩ් එකේ මුලම. මේක බලන කෙල්ලො ටිකට එහෙම හිතෙයි ඇත්තටම මේ Tailor කෙනෙක් අහල පහලක හිටියනම් කොච්චර හොදද කියලා 😂🙏

♦️ Etherealki
මෙයාලට පුලුවන් ස්භාවිකව තියෙන දේවල් හසුරවන්න. මෙයාලව Summoners (අණ කරන්නෝ) කියලත් හදුන්වනවා. ගොඩක් වෙලාවට මෙයාල සටන් කරන්නේ යුගල විදියට. ඒ විදියට කලොත් තමා මෙයාලගෙ හැකියාවෙන් හරිම ප්‍රයෝජනය ගන්න පුලුවන්. මේ ප්ලොට් එකේ ප්‍රධාන චරිත දෙක වෙන ඇලීනා සහ ජෙනරල් කිරිගන් කියන්නෙත් එහෙම දෙන්නෙක්. මෙයාලත් කොටස් තුනකට බෙදෙනවා 👇

🔹Squallers – මෙයාලට පුලුවන් වාතය පාලනය කරන්න. මෙයාලත් සීරීස් එකේ මුල ඉදන් අපිට බලාගන්න පුලුවන්.
නිළ ඇදුම – රිදී පාටින් අලංකාර කරපු නිල් ඇදුම්
🔹Inferni – මෙයාලට පුලුවන් විවිධ වායූන් වර්ග පාලනය කරන්න. උදාහරණයක් විදියට මෙහෙම වායූන් වර්ග පාලනය කරලා ගින්දර නිර්මාණය කරන්න මෙයාලට පුලවන්. මෙයාලත් සීරීස් එකෙ මුල ඉදන්ම අපිට බලාගන්න පුලුවන්
නිළ ඇදුම – රතු පාටින් අලංකාර කරපු නිල් ඇදුම්
🔹Tidemakers – මෙයාලට පුලුවන් උෂ්ණත්වය පාවිච්චි කරලා වතුර පාලනය කරන්න (කුණාටුවක් නිර්මාණය කරන්න වගේ).
නිල ඇදුම – ලා නිල් පාටින් අලංකාර කරපු නිල් ඇදුම්
ඔන්න ඔය තුන්ගොල්ලෝ තමා Etherealki කොඨ්ටාශයට අයිති වෙන්නේ.

♦️ Materialki
මෙයාලව Fabrikators ලා කියලත් හදුන්වනවා. මෙයාලට පුලුවන් විවිධ සංයෝග එකතු වෙලා හැදුන භෞතික දේවල් පාලනය කරන්න. උදාහරණයක් විදියට වීදුරු, යකඩ, රෙදිපිළි සහ විවිධ රසායනික සංයෝග. ඇදුම්, ග්‍රීශා යකඩ, විසිතුරු වීදුරු, වෙඩිබෙහෙත් වගේ දෙවල් නිර්මාණය කරන එක තමා මෙයාලගෙ රාජකාරිය. මෙයාලත් කොටස් දෙකකට බෙදෙනවා 👇

🔹 Durasts – මෙයාලා ගණුදෙනු කරන්නේ යකඩ, වීදුරු වගේ ඝණ ද්‍රව්‍ය එක්ක.
නිල ඇදුම – දම් සහ අළු
🔹Alkemi – මෙයාලගේ විශේෂත්වය වෙන්නේ විෂ වර්ග සහ වෙඩිබෙහෙත් නිශ්පාදනය.
නිළ ඇදුම – දම් සහ රතු

ඔන්න ඔහොම තමා ග්‍රීශාවරුන් වර්ග වෙන්නේ. මෙයාලා සේරම අයිති වෙන්නේ Second Army එකට. මෙයාලා රෙජිමේන්තුවක්. මේ සෙකන්ඩ් ආර්මි එකේ ඉන්නේ ග්‍රීශලා විතරයි. ඒ වගේම මෙයාලගේ ප්‍රධානියා වෙන්නේ ජෙනරල් කිරිගන්. ඔන්න ඔතන අවුලක් එනවා.. මොකද ශැඩෝ & බෝන් නවල් සීරීස් එකේ මෙයාට කතා කරන්නේ ඔය නමින් නෙමේ. නවල් සීරීස් එකේ මෙයාට කියන්නේ Darkling (ඩාර්ක්ලින්ග්) කියලා. හැබැයි සීරීස් එකේ පාවිච්චි වෙන්නේ “ජෙනරල් කිරිගන්” කියන නම. කොහොම කතා කලත් මෙයා ඩාර්ක්ලින්ග් කෙනෙක්. මෙයාට තියෙන පවර් එක නිසා තමා මෙයාව ඒ නමෙන් හදුන්වන්නේ. ඒ වගේම මෙයා අමරණීය කෙනෙක්. මෙයා ගැන බේසික් ටික විතරක් කියන්නම්. මොකද ලොකුවට පැහැදිලි කලොත් ස්පොයිල් වෙනවා සීරීස් එක. මෙතනින් එහාට ලිපියේ මාත් මෙයාට කියන්නේ ඩාර්ක්ලින්ග් කියලම තමා. ලිපිය පැහැදිලි කිරීම් වලට ලේසී එතකොට. හැබැයි මතක තියාගන්න.. සීරීස් එකේ මෙයාට කියන්නේ 👉ජෙනරල් කිරිගන්👈 කියලා. මෙයාගේ ඇත්ත නම වෙන්නෙ Aleksender Morozova. ඩාර්ක්ලින්ග් කියන්නේ Shadow Summoner කෙනෙක්. මං උඩදී කියපු Etherealki කොඨ්ටාශයට අයිති කෙනෙක් තමයි මේ. එතනදී කිව්වා වගේ මේ සීරීස් එකේ ප්‍රධාන චරිතෙ වෙන ඇලීනත් එක්ක සටන් කරන කෙනා තමා මේ (යුගලය). මේ දෙන්නා ගැනම තව විස්තර තියෙනවා පහල. මෙයා සෑහෙන්න බලසම්පන්න කෙනෙක්. බෙන් බාර්න්ස් තමා සීරීස් එකේ ඩාර්ක්ලින්ගේ චරිතෙ රග දක්වන්නේ. ඒ වගේම මේ සෙකන්ඩ් ආමි එකේ වාසස්ථානයට තමා Little Palace කියලා කියන්නේ. එතකොට මේ සේරම තියෙන්නෙ කොහෙද? වෙන්නේ කොහෙද?

Ravka (රව්කා) කියන රාජධානිය මූලික කරගෙන තමා ඔය උඩ කියපු සේරම දේවල් ටික වෙන්නේ සහ තියෙන්නේ (පළවෙනි කමෙන්ට් එකේ තියෙන මැප් එක බලන්න). රාජකීය පවුලක් පාලනය කරන (නෑ..නෑ.. ලංකාව ගැන නෙමෙයි මේ කියන්නේ 😂) රාජ්‍යක් තමා Ravka කියන්නේ. මේ රාජධානියේ ආරක්ශාව සපයන්නේ හමුදා රෙජිමේන්තු දෙකක්. එකක් තමා මං උඩ කියපු සෙකන්ඩ් ආමි එක. අනික තමා Firts Army එක. ෆ්‍රස්ට් ආමි එකේ ඉන්නේ සාමාන්‍ය සොල්දාදුවෝ. මෙයාලට කිසිම සුපිරි බලයක් නෑ. මෙයාලා එකට යුධබිමේ සටන් කලාට වෙන වෙනම තමා ඉන්නේ. Ravka රාජධානියේ අගනුවර තමා Os Alta කියන්නේ. ඒ වගේම Ravkan කියන්නේ මෙයාලගෙ භාශාව. අන්න ඒක නිර්මාණය කරන්න තමා අර ගොට් එකේ ලැන්වේජස් නිර්මාණය කරන්න ප්‍රධාන වුන ඩේවිඩ් පීටර්සන් සම්බන්ධ වෙන්නේ. මේ Ravkan භාශාව නිර්මාණය කරන්නේ රුසියානු සහ මොන්ගෝලියානු භාශාවල ආභාසය අරගෙන. ඒත් Ravkan භාශාව සෑහෙන්න දුරට සමානකමක් දක්වන්නේ රුසියානු භාෂාවට. මේ Ravkan භෂාව සීරීස් එකෙත් තියෙනවා හොදේ 😁 ඒ වගේම මේ Ravkan භාෂාවෙන්ම ලියවුන ශැඩෝ & බෝන් පොතකුත් වෙනම තියෙනවා. මේ Ravka රාජධානිය නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නේ 18 වන සියවසේ Tsarist Russia (රුසියානු අධිරාජ්‍ය). ඕනිම ෆික්ශනල් කතාවක් අනිවාර්යයෙන් ඇත්ත ලෝකේ තියෙන දේවල් එක්ක හෝ ඇත්ත ලෝකේ වුන දේවල් වලට බේස් වෙනව. ඒක සාමාන්‍ය දෙයක්. මේ සීරීස් එකේ ඔයාලට ඇහෙයි Kruge (කෲගා) කියලා වචනයක්. මේක මුදල් ඒකකයක්. හැබැයි Ravka වල මුදල් ඒකකය නෙමෙයි මේ. මේක ඇවිල්ලා Kerch රාජ්‍යයේ මුදල් ඒකකය. Kerch කියන්නේ මේ ග්‍රීශාවර්ස් එකේ තවත් රාජධානියක්. ඔන්න ඔය රාජ්‍යයේ කතාවකුත් මේ සීරීස් එකේ පැරලල් යනවා. ඒකේ ඉන්නේ වෙනම සෙට් එකක්. ඒ ගැනත් හොද අවදානෙන් බලන් ඉන්න. විචර් බලපු අයට මතකනේ ටයිම් ලයින් කීපයක ඒ කතාව ගිය විදිය. මේකත් ටිකක් ඒ වගේ. එකම යුනිවර්ස් එකක වෙන කතා උනාට ඒවා වෙන කාලයන් වෙනස් (Non-Liner Timeline). මේ යුනිවර්ස් එකට අදාල එකම රාජ්‍ය Ravka විතරක් නෙමෙයි.. ඒත් ඇයි මේ කතාව Ravka වලට බේස් වෙලා තියෙන්නෙ?

මෙහෙමයි.. Ravka රාජධානිය තමා ග්‍රීශාවරුන්ගේ නිවහන. ඒක නිසා යුධමය පැත්තෙන් මෙයාලට ලොකු බලයක් තියෙනවා. හැබැයි සෑහෙන්න කාලෙක ඉදන් උතුරින් Fjerda රාජධානිය සමගත් දකුණින් Shu Han රාජධානිය සමගත් යුද්ධෙක පැටලිලා ඉන්න රාජධානියක් තමා Ravka කියන්නේ. ඒත් මේ රාජධානි දෙකටම වඩා ලොකු ප්‍රශ්නයකට Ravka රාජධානිය මුහුණ දීලා තියෙන්නේ. ඒ තමයි Shadow Flod. මතකනේ සීරීස් එකේ ට්‍රේලර් එකේ එහෙම තිබ්බා කලු පාට දුමාරයකින් වැහිලා වගේ තියෙන තැනක්. ලොකු තාප්පයක් ගහලා වගේ තිබ්බේ. අන්න ඒකට තමා Shadow Flod කියන්නේ. The Unsea කියලත් හදුන්වන්නේ මේකම තමයි. මේක නිර්මාණය වෙන්නෙ ඩාර්ක්ලින්ග් කෙනෙක් නිසා. එතනින් එහාට ඒ ගැන කියන්න ගියොත් සීරීස් එකේ හොදම පොයින්ට් එකක් ස්පොයිල් වෙනවා. ඒක නිසා මේ ශැඩෝ ෆ්ලොඩ් එකේ ඔරිජින් එක ගැන මීට වඩා නොකියා ඉන්නම්. මේ ශැඩෝ ෆ්ලොඩ් එක අවුරුදු 400කට වඩා පරණයි. මේ ශැඩෝ ෆ්ලොඩ් එක හරහා එහා මෙහා ගමන් කරන එක තමා Ravkan වැසියන්ට තියෙන ලොකුම අභියෝගය. මොකද මේකේ රාක්ශයෝ (මන්ස්ටර්ස්ලා) ඉන්නවා. මුන්ට කියන්නේ Volcra කියලා. හැබැයි උන් විතරක් නෙමෙයි මේක ඇතුලේ ඉන්නේ. තව ගොඩක් දුරුණු රාක්ශයෝ මේකේ ඉන්නවා කියලා තමා සදහන් වෙන්නේ. පළවෙනි එපිය බලන්නකෝ.. මෙයාලා මේක හරහා ගමන් කරන නැව වගේ එකට තමා Skiff කියන්නේ. වැලි වල ගමන් කරන්න පුලුවන් නැවක් වගේ එකක් තමා මේ. මන්ස්ටර් හන්ටර් ෆිල්ම් එකේ, සෝල් ෆිල්ම් එකේ තිබ්බේ කාන්තාරේ යන නැවක් වගේ එකක්. අන්න ඒ වගේ එකක් තමා මේ. මේ ශැඩෝ ෆ්ලොඩ් එක නිසා Ravka රාජධානියේ අගනුවර වෙන Os Alta සහ රාජධානියේ ප්‍රධාන වරාය අතර තියෙන ප්‍රධාන මාරගය අවහිර වෙලා තියෙන්නේ (පළවෙනි කමෙන්ට් එකේ තියෙන මැප් එක බලන්න). ඒ හේතුව නිසා වරායෙන් ලැබෙන දේවල් රාජධානියේ අගනුවරට අරන් එන්න සෑහෙන්න අමාරුයි. පළවෙනි එපිසෝඩ් එකෙන් බලාගන්න පුලුවන් ඔය දේ ගැනත්. ඒ වගේම විශේෂම දේ වෙන්නේ කලයත් එක්ක මේ ශැඩෝ ෆ්ලොඩ් එක වර්ධනය වෙන එක. ඉතිං මේකට ඔහේ ඉන්න දීලා බලන් ඉන්නත් මෙයාලට බෑ. දැන් කියන්නම් සීරීස් එකේ ප්‍රධානම් චරිතේ ගැන විස්තරයක්.

මතකනේ මං උඩදී කිව්වා ඩාර්ක්ලින්ග් ගැන. ඩාර්ක්ලින්ග් කියන්නේ Shadow Summoner කෙනෙක්. ඒකෙම විරුද්ධ පැත්ත තමා Sun Summoner කෙනෙක් කියන්නේ. ඩාර්ක්ලින්ග් හසුරුවන්නේ අදුර (හෙවනැලි) වගේම Sun Summoner කෙනෙක් කරන්නේ ආලෝකය හසුරවන එක. Summon කියන වචනේ තියෙන්නෙත් අණ කරනවා වගේ තේරුමක්. මේ දෙන්නම අයිති වෙන්නේ Etherealki කුලයට. Shadow Summoner (ඩාර්ක්ලින්ග්) කෙනෙක් ගැන මේ යුනිවර්ස් එකේ මිනිස්සු දැකලා තිබුනට Sun Summoner කෙනෙක් ගැන මෙයාලා දැකලා නෑ. එයා නිකන් මිත්‍යාවක් වගේ දෙයක්. අන්න එහෙම කාලෙක තමා Alina Starkov මේ කතාවට අවතීර්ණ වෙන්නේ. ඇලීනා කියන්නේ උපතින්ම මේ බලය ලැබුන කෙනෙක්. සාමාන්‍යයෙන් ග්‍රීශා කෙනෙක් එයාලගෙ තරුණ කාලෙට ලගා වෙනවත් එක්කම එයාලට හිමි බලයන් දැනගන්න පුලුවන් වෙනවා (ඉන්වින්සිබල් සීරීස් එක බලන අය ඒ ගැන දන්නවානේ. මාර්ක්ට බලය ලැබෙන්නේ තරුණ කාලෙට එනකොට). මේකට එයාලටම වෙන්වුන පරීක්ෂණයකුත් තියෙනවා. හැබැයි ඇලීනා කවදාවත් මේ පරීක්ෂණයට පෙනී ඉන්නේ නෑ. ඒකට හේතුව තමා සාමාන්‍ය මනුස්සයෙක් වෙච්ච එයාගේ යාලුවා මැල්. පරීක්ෂණයට ඉදිරිපත් නොවුනත් පොඩි කාලෙදිම ඇලීනා දැනගන්නවා එයා ග්‍රීශා කෙනෙක් කියලා. ග්‍රීශා කෙනෙක්ගේ ගති ලක්ෂන ඇලීනගෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ දෙන්නම අනාත දරුවෝ. Ravka වල තියෙන Keramzin කියන පොඩි ගමක තමා මේ දෙන්නා හැදී වැඩෙන්නේ. කොහොමහරි ඇලීනගෙ පරීක්ෂණයට කලින් මේ දෙන්නා මේ ගමෙන් පැනලා යනවා. මොකද ඇලීනා හොදටම දන්නවා එයා ග්‍රීශා කෙනෙක් කියලා අනිත් අය දැනගත්තොත් මැල්වයි එයාවයි වෙන් කරනවා කියලා. ඒ හේතුව නිසා තමා මෙයාලා පැනලා යන්නේ. එහෙම ගිහින් කාලෙකට පස්සේ තමා මෙයාලා ෆස්ට් ආමි එකට සම්බන්ධ වෙන්නේ. ඔතන ඉදන් වෙන දේ ඔයාලට පළවෙනි එපිසෝඩ් එකෙන් බලාගන්න පුලුවන්. බැක් ස්ටෝරි එකත් ඒත් එක්කම පෙන්නනවා. ආයෙත් කියනවා.. මාරම ලස්සනට සීරීස් එක ඩිවලප් කරලා තියෙනව.

පොතේ සදහන් විදියට සූර්යයාට සමාන බලයක් Sun Summoner කෙනෙක්ට තියෙනවා. මේ බලයෙන් පුලුවන් ශැඩෝ ෆ්ලොඩ් එක ඇතුලේ ඉන්න රාක්ශයන්ව පරාද කරන්න. ඒ වගේම ඩාර්ක්ලින්ග්ට එයාගේ බලයන් සමබරව තියාගන්න ඕනිනම් Sun Summoner කෙනෙක් ඕනි. මං ලිපියේ උඩදිම කිව්වේ Etherealki ලා ඉන්නේ යුගල විදියට කියලා. අන්න ඒ නිසයි ඩාර්ක්ලින්ග්ට එයාගේ බලය සමබරව තියාගන්න Sun Summoner කෙනෙක් ඕනි වෙන්නේ. ග්‍රීශාවර්ස් එකේ පළවෙනි Sun Summoner තමා ඇලීනා කියන්නේ. මෙයා සෑහෙන්න සුවිශේෂී කෙනෙක් වෙන්නේ ඒ නිසා. වෙන වෙන බලයන් තියෙන අය කොච්චර හිටියත් ඇලීනට තියෙන බලය තියෙන්නේ එයාට විතරමයි.

ඔන්න එහෙනම් මූලික කරුණු සේරම කිව්වා. පේනවානේ. අවංකව හිතලා බලන්න මේ ටිකවත් නොදැන මේ සීරීස් එක බලන එකේ තේරුම මොකක්ද කියලා. සීරීස් එක ආව ගමන් බලන්න තිබ්බ උණට මාත් මේකේ එපිසෝඩ් 3ක් බැලුවා. හැබැයි මටම තේරුනා මේ කරන්නේ විකාරයක් කියලා. නවල් සීරීස් එකකින් හැදුනා කියලා දැනන් හිටියට මේ තරම් විශාල ග්‍රීශාවර්ස් එක ගැන මෙලෝ දෙයක් දැන්න හිටියේ නෑ මාත්. ඉතිං ෆැන්ඩම් පේජ් එක, යූටියුබ් එක, ස්ක්‍රීන් රෑන්ට් පේජ් එක, විකිපීඩියා එක එහෙම පීර පීර මේකේ විස්තර ටික හෙව්වා. මං වගේම මේක ආසාවෙන් බලන තව කෙනෙක්ට උදව්වක් වෙයි කියලා තමා පැය කීයක් ගියත් කමක් නෑ කියලා මේක ලියන්න ගත්තේ. මේ හැමදේම මටත් අලුත්. ඉතිං සමහරවිට ලිපියේ අඩුපාඩු ඇති. ඊටත් වඩා නොකියපු දේවල් තව තියෙනවා. ඒ සේරම කතා කරමු ඊලග ලිපි වලින්. මේ දේවල් වලට ආස නැති කෙනෙක්ට මේක නිකන් හෑල්ලක් විතරයි. හැබැයි මේ දේවල් වල වටිනාකමක් තියෙන මිනිස්සු ඉන්නවා.

වැඩිය එහෙ මෙහේ නොයා පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න. මීට අවුරුද්දකට කලින් තිබ්බ වටපිටාව ආයෙත් උදාවෙලා තියෙන්නේ අපේම වැරදි නිසා 🙏
ජය ❤️✌️

(ප.ලි – සීරීස් එකේ එපිසෝඩ් වල ටයිටල් කාඩ් එක වැටෙන විදිය හොද අවදානෙන් බලන් ඉන්න. ලිපියේ කියපු එක එක ග්‍රීශා කොඨ්ටාශ රිප්‍රසන්ට් වෙනවා ඒකෙන්)

ලිපි නිර්මාණය හා අදහස – සනිදු ලක්ඛිත ®️🚾
#ShadowAndBone #ReviewWhoCares

Download Menu

 


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Shadow and Bone (2021) [S01: E01] Sinhala Subtitles”

Shadow-and-Bone-2021-S01-E01.zip – Downloaded 9242 times – 21.67 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

22 comments

  1. Ade Thanks Machan….❤️❤️❤️❤️
    Ane bn anith tikath puluwan ikmanata deepn..🙏🙏🙏

  2. Thnxks Bokh…ithuru tikat ikmnata oune..!!

  3. ZeroZeroZero Season 1 Sinhala Subs Denna Puluwanda

  4. nice bro ❤❤❤❤❤❤❤❤

  5. okkoma episode tika download link dandapuluvanda
    sub eka supiri

  6. pissu ah ..kiuwa vithrai damma attatama hoda site ekak meka ,,, fb mz akak damma ,anith pattata ra weddi dala ,thank you ,,anith ewatath danna plz …

  7. Thanks bro

  8. Tnx mchan…denakn hitye

  9. අනිත් එපියෙ සබ් එකත් ඕනෙ

  10. Thanx bro.. ithuru tikath ikmanata denna. Article eka loku udauwak una kathawa therum ganna.

  11. ස්තුතියි…….විස්තරයත් නියමයි..

  12. supiri bro….jaya wewa

  13. Sasinsu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  14. S.K.Ruchiranga

    thanks for the sub

  15. Eranda Ransara

    Thank of the sub bro

  16. ආයෙ කියල වැඩක් නෑ සුපිරියක් තමයි. සුපිරිම web site එකහ්.

  17. විස්තරය නියමයි බන් උබ ගොඩක් වෙලාව කැප කරල ❤️

  18. Supiri Machan Thanks Bro…😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *