Year : 2021
IMDB Rate : 6.7/10
Stars : Matt Damon, Camille Cottin, Abigail Breslin
Language : English
Director : Tom McCarthy
මේ අරගෙන එන්නෙ මේ වසතේ මමත් ඇතුළුව බොහෝදෙනෙක් නරඹන්නට මගබලමින් සිටි චිත්‍රපටයක සිංහල උපසිරැසියත් සමග. මේ මැට් ඩේමන් රංගන ශිල්පියාගේ නවතම චිත්‍රපටය Stillwater (2021). මුලින්ම කියන්නට අවශ්‍යයි මේ චිත්‍රපටය යම් තරමක දැඩි මතභේදයකට තුඩුදුන් එකක්, ඊට හේතුව මෙය ඇමන්ඩා ක්නොක්ස්ගේ ජීවිත කතාවට යම් තරමක සමානකමක් දැක්වීම. එම නිසාම ඇයගේ දැඩි විවේචනයට මේ චිත්‍රපටය බඳුන් වුණා. විදෙස් සිනමා පුවත් පිලිබඳ නිතරම යාවත්කාලීන වන ඔබ මේ පිලිබඳව හොඳින් දන්නා ඇති නමුත්, එසේ නොමැති අයගේ දැනගැනීම පිණිස මම මුලින්ම ඒ ගැන ඔබව දැනුවත් කර සිටින්නම්.
ඇමැන්ඩා ක්නොක්ස් (Amanda Knox)
ඇමැන්ඩා ක්නොක්ස් 2016 වසරේදී
1987 වසරේ ඇමරිකාවේ සියැටල්හි උපත ලද ඇය අද ලේඛිකාවක්. මෙම චිත්‍රපටයේ එන තරුණිය මෙන්ම ඇමැන්ඩාද විදේශ රටක, එනම් ඉතාලියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් පසුව සිරගතවන්නට සිදුවනවා, ඒ වනවිට ඇයට වයස අවුරුදු 20ක්. ඇය සිරගතවීමේ සිට සියලු සිදුවීම් චිත්‍රපටයට උකහා ගෙන තිබෙන කතාව අපට පිලිගන්නට සිදුවෙනවා, එකම වෙනස සිදුවීම සිදුවූ රට පමණයි. එය මෙහි සඳහන් කරන්නට යාම ඔබේ රසවින්දනයට සෘජුවම බාධාවක් විය හැකි නිසා මම එය සඳහන් කිරීමෙන් වැලකී සිටිනවා. ඔබට අවශ්‍යනම් ඇමැන්ඩා ක්නොක්ස් ලෙස අන්තර්ජාලයේ සෙවුමක් කිරීම මගින් ඒ පිලිබඳ වැඩිදුර කරුණු සොයාබැලියහැකියි. කෙසේ මේ චිත්‍රපටය නිකුත්වීමෙන් පසු කලෙක ඇය ට්විට්ර්හි සටහනක් තැබුවා මෙලෙස.
“මගෙ නම මට අයිතිද? මගෙ මුහුණ? මගෙ ජීවිතය? මගෙ කතාව? ඇයි මගෙ අදාලත්වයක් නොතිබූ දේකට මගෙ නම ගාවන්නෙ? මගෙ කැමැත්ත නැතිව අන් අය මගෙ නමින් ලාභ උපයන නිසයි මම මේ ප්‍රශ්ණ අහන්නෙ. මෑතකදිම එය කලේ ස්ටිල්වෝටර් චිත්‍රපටය”
ඇයගේ කෝපය සාධාරණ ඇති නමුත් චිත්‍රපටය නරඹන අප එය බාධාවක් කර ගත යුතු නෑ. මක්නිසාද යත් මෙය ප්‍රංශ සිනමා විලාශය කැටිකරගත් මෑතකාලයේ ඉතා දුර්ලභ පන්නයේ හොලිවුඩ් චිත්‍රපටයක් වන නිසා. එය තවත් වර්ණවත් වනවා මැට් ඩේමන් ඇතුළු පිරිසගේ රංගන ප්‍රතිභාවෙන්. පුරා හෝරා දෙකකුත් මිනිත්තු දහනමයක් දිගු නමුත් අවසානය තෙක් කිසිදු විඩාවකින් තොරව අපව රඳවාගන්නට සමත් එම වෑයම.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අතිදක්ෂ සිනමාකරුවකු සේ ගැනෙන ටොම් මැකාති විසින්. තිර රචනය ඔහුත් සමගින් මාකස් හින්චි සහ තෝමස් බිඩ්ගේන්ගෙන්. රංගනයෙන් දායක වන්නේ : මැට් ඩේමන් (බිල් බේකර්),කැමිල් කොටින් (වර්ජිනී), ඇබිගේල් බ්‍රෙස්ලින් (ඇලිසන්), ලිලූ සියාවුඩ් (මායා), ඩියානා ඩුනගන් (ෂැරොන්),ඉදිර් අසෝග්ලි (අකීම්), ඇන් ලෙ නි (ලෙපාක්), මෞසා මාස්ක්‍රි (ඩිරෝසා) ඇතුළු පිරිසක්. මෙය මේ වනවිට (2021:අගෝස්තු:28) IMDb වෙතින් 6.7 අගයකුත්, Rotten Tomatoes වෙතින් 75%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 60%ක අගයකුත් ලබා තිබෙනවා.
කතාවට කෙටියෙන් ඇරඹුමක් ගැනීමට පෙර තවත් කරුණු…
• බිල් බේකර් යනු වෘතියෙන් රෆ්නෙක් (Roughneck)වරයෙක්. මේ රෆ්නෙක් යනු තෙල් ලිං විදුම් (Oil rg drilling) කටයුතු බාර තැනැත්තන්ව පොදුවේ හඳුන්වන නම. විශේෂයෙන්ම කතාව දිවෙන්නේ ඔක්ලහෝමා ප්‍රාන්තය පසුබිම් කරගෙන. එය මෙකී තෙල් ලිං කැනීම්වලට බොහෝ ප්‍රසිද්ධයි. ඇත්ත වශයෙන්ම මේ චරිතය වෙනුවෙන්ම අධ්‍යක්ෂ ටොම් මැකාති සහ මැට් ඩේමන් ඔක්ලහෝමා බලා ගොස් තිබෙනවා රෆ්නෙක්වරයෙක්ගේ ජීවිතයේ වටපිටාව පිලිබඳ යම් වැටහීමක් ලබා ගැනීම සඳහා. එම අත්දැකීම ටොම් මැකාති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ : ” මැට් සහ මම ඔක්ලහෝමා වෙත යන්නට පටන්ගත්තා එම පලාතත් ජනතාවත් ගැන යම් වැටහීමක් ලබාගන්නටත්, විශේෂයෙන්ම රෆ්නෙක්වරුන් සමග කල් ගෙවීමට. ඔවුන් අපව ඔවුන්ගේ ලෝකවලටද පවුල් වෙතද සාදරයෙන් පිලිගත්තා. කතාව හැඩගැස්වීමට පවුන් මහත් උපකාරී වුණා” ලෙස.
රෆ්නෙක්වරුන් සේවයේ
• මෙහි ඇලිසන් බේකර්ගේ චරිතයට පණපොවන ඇබිගේල් බ්‍රෙස්ලින් මෙම චරිතය සඳහාමයි තම රියදුරු බලපතට ඉල්ලුම් කර තිබෙන්නේ, ඒ රූගත කිරීම ඇරඹෙන්නට සති දෙකකට පෙර.
• මෙහි විදහාපාන රංගන කෞශල්‍යය වෙනුවෙන් 74වන කැනස් සිනමා සම්මාන උළෙලේ මෙය තිරගතකල අවස්ථාවේ නැරඹූ පිරිසෙන් මිනිත්තු පහක අත්පොලසන් නාදයක් හිමිවෙනවා, ඒ තම අසුන්වලින් නැගිට (Standing Ovation).
කතාවට කෙටි ඇරඹුමක්…
බිල් බේකර් යනු වෘතියෙන් රෆ්නෙක්වරයෙක්. කෙසේවෙතත් මේ වනවිට එම රැකියාව අහිමිව සිටින ඔහුට තිබෙනවා මහා ගැටලුවක්. ඒ තමයි ප්‍රංශයේ අධ්‍යාපනය ලැබීමට මීට පස් වසරකට පෙර පිටත්ව ගිය තම දියණිය වන ඇලිසන් බේකර් යම් වරදකට ප්‍රංශයේදීම බන්ධනාගාරගතවීම. ඔහු ඉඩ ලැබෙන විට ප්‍රංශයට යනවා තම දියණියගේ සුවදුක් බැලීමට. කෙසේ වෙතත් මෙවර ඔහු යන ගමනේදී ඔහුට යම් හෝඩුවාවක් ලැබෙනවා තම දියණිය සිර දඬුවමින් නිදහස් කර ගැනීමට හැකිවන ආකාරයේ. ඉන් ඉදිරියට කතාව නරඹන ඔබට බාරයි. එසේම පැවසිය යුතුයි මෙය බොහෝදෙනා මැට් ඩේමන්ව දකින්නට බලාපොරොත්තුවන ආකාරයේ සත්‍යයෙන් බොහෝ ඈත ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි, නාට්‍යමය ආකාරයෙන් සෙමින් ගලායන, බොහෝදුරට සැබෑ ලෝකයට සමීපව ගලායන එකක්. නමුත් කිසිදු කම්මැලිකමකින් තොරව අවසානය තෙක් නැරඹිය හැකි බව සහතික විය හැකියි. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
තොරතුරු සහ ඡායාරූප Wikipedia
චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වය ඇතුලත්ය. ප්‍රංශ භාෂා කොටස් ඉංග්‍රීසි උපසිරැසියේ නොමැති නමුත් කාලරාමු සකසා එම දෙබස් සියල්ලම පාහේ පරිවර්තනය කර සම්පූර්ණ උපසිරැසියක් ලෙස ඔබ වෙත ලබාදී ඇත. ඉංග්‍රීසි නොවන දෙබස් වෙන්කර දැක්වීම සඳහා ( ) වරහන් යොදා ඇත.
850MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p PSA WEBRip All links
850MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Check Also
The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා…[සිංහල උපසිරැසි සමඟ]
Year : December 17, 2004 (United States) IMDB Rate : 7.5/10 Starring: Leonardo DiCaprio ,Cate Blanchett, …
Patta Sub eka Brother
Sub eka pennane nehe. Mehema una 1st time meka..
sub weda karn ne
IDX nisada