Year : 2022
IMDB Rate : 4.7/10
Stars : Ava Michelle, Griffin Gluck, Sabrina Carpenter
Language : English
Director : Emily Ting
ඔන්න හා හා පුරා කියල මගේ දෙවෙනි sub එකත් ඔන්න දෙන්නයි යන්නේ..
ඇත්තටම.. මේ සුබ එකේ විශේෂයක් තියෙනවා..මම හෙනටම ආඩම්බර වෙනවා මුළු ලෝකෙන්ම මගේ මේ පුංචි රටට තවත් ජයග්‍රහණයක් ගේන්න පුළුවන් වෙච්චි එකට..මම ඇත්තටම ගිනස් ලෝක වාර්තාවක් තියනවා ලෝකේ වැඩිම කාලයක් භාවිතා කරමින් කල උපසිරැසිය කියන ලේබල් එකෙන්. ඇත්තටම මම මේක පටන් ගත්තේ ගිය පෙබරවාරි වගේ exam ඉවර වෙලා ගෙදර ආපු ගමන් පටන් ගත්තේ මේක..එහෙම ලියල ලියල වැරදි හදල හදල පාට කරලා ඉවර වෙලා ඔලුව උස්සල බලනකොට මෙන්න බොලේ ජුලි වෙලා. අප්පච්චියි සෑරුත් ගෙදර ගිහින්.
දෙයියෝ දෙයියෝ (කොටෝ මෙන්න shout out එකක් 😂) හරි හරි ඉස්සල්ලම ඔයා මේකේ පලවෙනි කොටස බලන්නම ඕන මේක බලන්න නම්..
මේකේ තියෙන්නේ අපේ ආදරණිය ජෝඩි බබාට වෙන සිද්දි ටිකක් නට්ටියකාට්‍ය යනවා අයිස්ක්‍රීම් කනවා ගස් වටේ දුවනවා ඒ වගේ සීන් තමයි. ඒ වගේම මේකෙන් අපේ ජීවිතේට ලොකු පනිවිඩයකුත් දෙනවා. ඒ මොකද කිවොත් කෙනෙක් දෙයක් පටන් ගත්තොත් වටේ ඉන්න ආදරණිය නන්දල මාමල වගේම හිතේ ඉන්න එකෙකුත් කියනවා උඹට බෑ බෑ බෑ කියල. මේ චිත්‍රපටියෙන් අපිට කියන්නෙත් බෑ කියල බැරිය මලේ කියල.. මම මේ සබ දාන්නත් මේ චිත්‍රපටියේ වගේම බෑ බෑ සීන් එකක් ආව.කෝම හරි කරා ඉතින්..අවුලකුත් නෑ නේ..
what are you doing step Bro….ඇත්තටම ඔයා බලනව ඇති මු මොනාද කියන්නේ කියල හොඳයි හොඳයි යන්න කලින් මේ ටිකත් බලලම යන්න..වැදගත් චිත්‍රපටිය රසවිදින්න.ආය මම වරහන් ඇතුලෙත් ලියල ඇති ඒවත් කියවන්න. ආය මම මේකේ සමහර දෙබස් පරිවර්තනය නොකර අනුවර්තනයක් වගේ කරලා තියෙන්නේ.මොකද සමහර ඉංගිරිසි යෙදුම් සිංහලට වරනගන්න අමාරුයි ඒ රසේ තියාගෙනම….ගුණ දොස් කියල සැර කොමෙන්ටුවකුත් දාගෙන් යන්න.
Cats Play
Cats කියන්නේ වේදිකා නාට්ටියක් වගේ එකක්.හැබැයි මේක සංගීතවත් එකක්.ඔපෙරා කියන්නෙ ඒ වගේ එකක්.මේක ලස්සන play එකක් මොකද..මේකේ පුසොත් ඉන්නවා…(hail cats). අපේ ආදරණිය පූස් බබාල ටිකත් මේ එක්කම ආදරෙන් මතක් කරනවා.
Guys and dolls
මේකත් නියම සංගීතවත් play එකක් තමයි.
IKEA
IKEA කියන්නෙ ස්වීඩන් වියාපාර සමුහයක්.ඒක නිකම් කාර්ගිල්ස් එක වගේ කඩ තියෙන්නේ..හ්හබයි ලෝකේ වටේම තියෙනවා.මෙතැනදී මතක තියාගන්න ඕන දේ තමයි..ඒක ස්වීඩන් කියල
හුවමාරු ශිෂ්‍යන්
ඒ කියන්නේ මේ ළමයි වෙන රටකින් තවත් රටකට හුවමාරු ශිෂයෝ විදියට ගිහින් ඉගෙනගන්නවා.ඒක නිකම් පිටරට ගිහින් ඉගෙන ගන්නවා වගේ නෙවේ.නිකම්..හිතන්න ඔයා කොම්පුටර් වැඩ වලට හෙනටම දස්සයි කියල..ass දෙක වහගෙන උනත් software හදනවා. ඔයා ඇඟිල්ලක් තිබ්බගමන් කොම්පුටරේ virus left වෙලා මක බෑ විලා යනවා කියල හිතන්නකෝ.. එක්තකොට ඇමරිකාව බලනවා අඩේ මූ පට්ට අපේ රටට කියල. ඔයාව එයාල රටට අරගන්නවා..ඒක ඔයාටත් හොඳයි අපේ රටට නරකයි. ඔයා වගේ කෙනෙක් නැති වෙනවා.හැබැයි ඔයාට අවස්තාව ලැබෙනවා ඉගෙන ගන්න ලංකාවේ නැති අවස්ථා ලැබෙනවා..
Brushetta
මේ කියන්නේ පාන් වගේ එකක් උඩ බැදපු ළුණු අනික් ඒවා තියල හදන රස ඉතාලි කෑමක්..(බඩගිනි වගේ..)
Toast
Toast කරනවා කියන්නේ ඉංගිරිසි අය ලෝකේ වෙන රටවල අය කරන එකක්.නිකම් සුබපතාගන්නවා මොනාහරි දාපු විදුරු කීපයක් එකට හප්පලා. ලංකාවේ ය ගොඩක් මේක දන්නේ චියර්ස් කියල හප්පන එකනේ.මම මෙතනින් අවස්තාවක් ගන්නම් ඔයාල ඔය මත වතුර මත ද්‍රව්‍ය වලට අහු වෙන්න එපා. මොකද එකෙන් වෙන්නේ නිකම් සල්ලියි ඔයාගේ health එකයි කාලෙයි නාස්ති වෙන එක..
Pasta Primavera
1970 දී ඇමෙරිකාවේ හදිච්ච් කෑමක් කියලයි කියන්නේ.හැබැයි මන් හිතන්නේ ඊටත් ගොඩාරියක් පරණ ඇති. මොකද එඩ්නි බ්ලයින්ටන් මහත්මියගේ පොත් වල සඳහන් වෙනවා පැස්ට කන සිද්දියක්..පැස්ට වලට අලුත් එළවලු ක්‍රීම් සෝස් දාල හදන කෑමක් මේ..මේක ලියන කාලේ නම් හැබැයි අපිට මේවා තියා බත් ඇටයක් ලැබුනත් ලොකු දෙයක් නේද? 😓.අපි අපේ පාලකයෝ පත් කරනකොට ගොඩක් බුද්ධිමත්ව වැඩ කරන්න ඕන ඒ නිසා.මොකද 70/80 දශකේ පරම්පරාව වගේ.(ඔක්කොම නෙවේ දන්නැද්ද ඉතින්.) හනමිටි විදියට පක්ෂ පාට අතැරලා රට හදන්න ඕන කාලයක් මේ.
Parimigiano
ඉතාලියේ හදපු චීස් වර්ගයක් Parmaයි Reggio Emillaයි දෙන්න එකතු වෙලා හදපු නිසා තමයි මේ නම ලැබිල තියෙන්නේ..
High Five
මේ කියන්නේ අපි කිකම් පහක් දාමු කියල දාන එකම තමයි…
Bye Bye Jordie
මේ කියන්නෙත් නියමම play එකක් තමයි..
Maroon 5
මේ කියන්නේ ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක්.මෙයාලගේ සින්දු ගොඩාරියක් ප්‍රසිද්දයි. අපි පොඩ්ඩක් අහල නැතිව ඇති හැබැයි.
BackStreet Boys
කේ කියන්කනත් ප්‍රසිද්දෙ සුංගීත ෙණ්ඩායමේ තමයි..කමයාල ඒ ොකල Hit overload Plus කෙලා උන්කන්.කමයාල
ගැන නේ ඔයා අහල ඇති අනිොකරන්
Carrie Movie
මේ film එක නම් භය හිතෙන එකක්. අහිංසක තැලෙන පොඩිවෙන කෙලි පොඩ්ඩකට කොච්චර නපුරු වන්න පුලුවන්ද කියල මේකෙන් බලාගන්න පුළුවන්..මේකත් බලල ඒකත් බලන්න හැබැයි දවල් වෙලාවක බලන්න හරිද..නැත්තන් ඔයාට භය වෙලා ආය වෙන ප්‍රශ්නයක් වෙයි..
Weak Core
ඔය නිකම් කොන්දේ අමාරු වගේ සීන් එකක්.කොන්දේ ශක්තිය අඩු වීමක් වෙන්නේ.මේක හැබැයි ව්‍යායාම කරලා හදාගන්න පුළුවන් දෙයක්. හා හා ඉතින්.. චිත්රපැටීම බලල හරියන්නේ නෑනේ ළමයෝ යන්න එලිපහලියට පොඩ්ඩක් ඇඟ හොලවන්න..
දවස වැඩ කරලා තිස්සේ මැරිලා මැරිලා නිදහසේ චිත්‍රපටියක් බලන්න ආව ඔයා දැන් :-
Puppy Party
මේ කියන්නේ බලු පැට්ටු එහෙම ගෙනල්ල බල්ලන්ට ආදරේ ය එකතු වෙලා දාන පාටියක්..
Ankle Strap Platform
මේ කියන්නේ ‘අඩි උස සෙරෙප්පු වර්ගයක්..ආ කියන්න අමතක උනා මේ සබ ඇතුලේ මම මේ සෙරෙප්පු වලට සෙරෙප්පු කියල කියන්නේ මොකද ‘අඩි උස සපත්තු’ හිල්ස් කියල කියනකොට කැත නිසා.
Girls Code
මේ කියන්නේ ගෑනු ළමයි අතර තියෙන ගිවිසුමක් වගේ එකක්. මේකෙම තව වර්ග තියෙනවා Boys Code, BFF(Best Friend Forever ) codes වගේ..මේකෙන් කියන්නේ නිකම් නීති මාලාවක් තියෙනවා එයාල අතර.සමහර ඒවා නම් හරි හුරතල් දේවල්.සමහර ඒවා නපුරු දේවල්. Kissing Booth චිත්‍රපටි මාලාවේත් මේ වගේ Friend code එකක් අපිට බලාගත්තකි.ඒකත් බලන්න. මොකද Tall girl එකයි Kissing booth එකයි දෙක එකටම යන්නේ.අනික ඒකෙ ඉන්නේ අපි පොඩි කාලේ බලපු රමෝනා විදියට ඉඳපු නිළිය.(Ramona and Beezus – Joey King )
අමොයි අමොයි මයෙ අත් පොජ්ජත් කැක්කුම් තලනවා.ඔලුවත් left වගේ මේක එක හුස්මට ලියල.මම ඉතින් යන්න යනවා මට යන්න අවසරයි..
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
දිමුතු ප්‍රබෝධ විසින් කල උපසිරැසි ගැන්වීමක්
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank You 🙂
wow … Finally 😊
..බොහෝම ස්තූතියි උපසිරැසියට.
thanku….