Tuesday , June 23 2026
DON'T MISS

The Flash [S08: E20] Sinhala Subtitles | මේකද අවසානය? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E20] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! කොහොමද ඉතිං හැමෝටම? 🙏😋 ඔන්න අද තමයි! The Flash අටවෙනි කතාසමයේ අවසානය. එහෙම කියද්දිත් පොඩ්ඩක් විතර හිතට දුකයි 😢 මොකද රබර් පටිය වගේ තව කොච්චර දුරක් ඇදෙන කතාමාලවක් උනත්, මිනිත්තු 840 කට ආසන්න එහෙමත් නැත්තන් පැය 14 ක සම්පූර්ණ කතාසමයක කොටස් 20ක අවසානය අදින් අවසන් වෙන නිසා. හුගක් අයට එපා කරපු series එකක් විදිහට The Flash series එක පත්වෙද්දී… ආසම Hero Character නිසාම තාමත් කරුමෙට බලනවා 😵‍💫 ඒ නිසාම මගදි අතැරෙන මේ series එකට season 7 වෙනි එකේ ඉඳලා උපසිරැසි දෙන්න මම තීරණය කරනවා. හරිම ආසාවෙන් උපසිරැසි ගන්වපු The Flash season 8 වෙනි එක අවසානය උනාට The Flash හි නිර්මාණකරුවෙක් වෙන Eric Wallace ළගකදී මාධ්‍ය ප්‍රකාශනයකදී කියලා තිබුණා ඉදිරියෙදී නිකුත් වෙන්න නියමිත The Flash හි season 9 පසු ෆ්ලෑෂ් අවසන් කරන්නට අදහසක් නෑ කියලා, මම ඒ ගැන කලින් කොටසකත් සදහන් කලා ඔයාලට මතක ඇතිනේ. 😅 “අම්බෝ ඇති නැද්ද බං?” 😵‍💫 ඔව්, ඉතිං ඒ ආරංචිය අහපු හුගක් අයට කියවුනේ ඒක වෙන්නැති. හැබැයි ඉතිං ඒ තීරණෙදී ඔන්න වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. CW The Flash කතාමාලාව season 9 ඉවර කරන්න CW එක තීරණය කරලා තියෙනවා. 2023 වසරේ The Flash චිත්‍රපටය නිකුත් වෙන්න සති කීපයකට කලින් The Flash කතාමාලාවේ අවසනය සිදුවෙන බව නිවේදනය කරලා තියෙනවා. කොටස් 15 කින් ඔ වන කතාසමය අවසන් කිරීමට නියමිතව තිබුනත් පසුව කොටස් 13කට සීමා වී ඇති බව නිලවශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඉතිං අදට කියන්න තියෙන්නෙ ඔච්චරයි. ළගදිම තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම ගිහිල්ලා එන්නම්.

“විනාඩි 840 ක් පැය 14 ක් කොටස් 20 ක් සමගින් මෙතෙක් මා හා එකතු උන ඔබ සැමට බොහොම ස්තූතියි! ” 🫡🫡

හැමෝටම සුබ දවසක්! ජය වේවා!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *