Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
ආයුබෝවන්! 🙏 ඔන්න එහෙම කියද්දිම අදත් ඔයාලා එකතුවෙලා ඉන්නෙ, The Flash නවවන කතාමාලාවේ 4 වෙනි කතාංගය එක්ක. හුඟක් අය ඉක්මනටම උපසිරැසි දෙන්න කියලා ඉල්ලලා තිබුන නිසාම පුළුවන් ඉක්මනට මේ කතාංගයත් ගේන්න ඕන කියලා හිතුවා. හිතුවා උනාට ලැබුන වෙලාව කොහොමහරි වෙන් කරවාගෙන තමයි ඔයාලට මේ උපසිරැසියත් ගේන්න තීරණය කළේ. ඉතිං වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.
පසුගිය කොටසින්:
“ආයෙමත් සැරයක් කරලියට බහින හොර තක්කඩි රැලක් තාක්ෂණික උපාංග වගයක් හොරකම් කරන්න වෑයම් දරනවා. කොහොමෙන් කොහොමහරි ඔවුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගේ අරමුණ ඉටුකරගන්න. තාක්ෂණික උපාංග කීපයක්ම මොවුන් හොරකම් කරන්නෙ’ ට්‍රෙඩ්මිල් එකක් හදන්න කියලා බැරීට තේරුම් යනවා. ඒ ට්‍රෙඩ්මිල් එක හදන එක වළක්වන එකයි ෆ්ලෑෂ් කණ්ඩායමේ නව මෙහෙයුම වෙන්නෙ. තාක්ෂණික උපාංග කීපයක්ම හොරකම් කිරීමෙන් පසු ඊලගට ඔවුන් හොරකම් කරන උපාංගය මොකක්ද කියලා කල්තියාම තේරුම් ගන්න ෆ්ලෑෂ්, මේ හොර තක්කඩි රැලට කලින් ඒක හොරකම් කරගන්න තීරණය කරනවා. ඒ උපාංගය තියෙන්නෙ අධි ආරක්ෂිත කලාපයක. තමන්ට ෆ්ලෑෂ් විදිහට පෙනී හිටලා ඒ උපාංගය ගන්න බැරි නිසා බැරී, හාට්ලිගේ අදහසට අනුව තීරණය කරනවා තමන්ටම කියලා හොර කණ්ඩායමක් හදාගන්න. ඉතිං ඒකට බැරී එක්ක හාට්ලි, ජැකෝ, ගෝල්ඩ්ෆේස් වගේම මාර්ක්ව එකතු කරගන්නවා වැඩේට.”
එතනින් එහාට ටික බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ඊලග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං ගිහිල්ලා එන්නම්.
‘පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා
720p Links
180MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න180MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
180MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
480MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න480MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
480MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E04] Sinhala Subtitles” The-Flash-S09E04.zip – Downloaded 2365 times – 24.84 KBIf you have any complains about our contents, please email us at [email protected]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕