Year : January 15, 2023 (USA)
IMDB Rate : 9.5/10
Stars : Pedro Pascal ,Bella Ramsey
Language : English
Director : Craig Mazin ,Neil Druckmann
ආයුබෝවන්! 🙏 කියලා හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. ඔන්න ඉතිං අද මං උණු උණුවෙම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුතින්ම ආපු තවත් සුපිරිම සුපිරිම කතාමාලාවක්. ඔව්.. ඒ තමා THE LAST OF US’ කතාමාලාව. ප්‍රසිද්ධම සොම්බි කතාමාලාව වන The Walking Dead කතාමාලාව අවසානය සනිටුහන් කරද්දී, ඒ අඩුව, එහෙමත් නැත්තම් ඒ හිස්තැන පුරවන්න ආපු කතාමාලවක් තමයි The Last Of Us කිව්වොත්, මම හිතන්නෙ මම වැරදි නෑ. වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන ගොඩ නැගෙන මේ කතා මාලාව එනකං කොච්චර පිරිසක් බලන් හිටියද කිව්වොත්, පලවෙනි කොටස නිකුත් උනාට පස්සෙ විශාල පිරිසක් නරඹන්න ගියපු හේතුවෙන් HBO Max වෙබ් අඩවිය බිඳ වැටිලා පවා තියෙනවා. හිතාගන්න පුලුවන් නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොම වෙන්න ඇති ද කියලා.
ඉතිං මම කලින් සඳහන් කළානේ TLOU කියන්නෙ වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච කතාමාලාවක් කියලා. ඔය පහලින් ඔයාලට බලාගන්න ලැබෙන්නෙ වීඩියෝ ගේම් එකෙ පෝස්ටර් එකක්.
ඔන්න ඉතිං මට හිතුනා TLOU ගේම් එක ගැන අදහසක් නැති අයට මේ කතාමාලාව බලන්න කලින් දැන ගන්න ඕන කියල හිතෙන කරුණු කීපයක් ගැන කතා කරන්න. නමුත් මේ ලිපියෙන් මම ගේම් එකෙ ස්ටෝරිය ගැන කියන්න යන්නෙ නෑ. අපේ කතාවට අදාල දේවල් ටිකක් සඳහන් කරන්නම්.
කතාමාලාව බලන ඔයාලට දකින්න ලැබෙයි, සොම්බිලා, ෆයර්ෆලයිස්ලා සහ ෆෙඩ්‍රා එක. මේ ලිපියෙන් ඔයාලට ඒ එක් එක් කරුණ ගැන විස්තර කරන්නම්. ඒ හින්දා මේ ලිපිය පොඩ්ඩක් දීර්ඝ වෙන්න පුලුවන්.
ඉතිං අද මුලින්ම කතා කරන්නෙ ෆයර්ෆ්ලයි ලා/Fireflies ගැන. TLOU trailer එක බැලුවනම් ඔයාලා දකින්න ඇතිනෙ දෙබරෙක්ගෙ වගේ සලකුණක් එක්ක “Look for the light” කියලා තිබුනා. ඒ තමා ෆයර්ෆ්ලයි ලගෙ ලාංඡනය සහ සටන් පාඨය වෙන්නෙ. මේ ඔයාලට පහලින් දකින්න ලැබෙන්නෙ ෆයර්ෆ්ලයි ලගේ ලාංඡනය 👇
එතකොට කවුද මේ ෆයර්ෆ්ලයි ලා කියන්නෙ? 🤔
🐝 ෆයර්ෆ්ලයි ලා කියන්නෙ ගේම් එකට අනුව පැතිරීම කාලේ රජයට විරුද්ධව නිර්මාණය වෙච්ච යුධ කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකයා වෙන්නෙ “මර්ලින්.” ෆයර්ෆ්ලයි ලා ඇමෙරිකාව වටේ තිබ්බ නිරෝධායන කලාප වල සිද්ධ වෙන හමුදා වැඩ කටයුතු වලට විරුද්ධව ක්‍රියා කරනවා.
මේ අතරෙ ෆයර්ෆ්ලයි ලා ෆෙඩ්‍රා/FEDRA එක්ක පරාජිත යුද්ධයකුත් යනවා.
FEDRA? 🤔 මොකක්ද මේ ෆෙඩ්‍රා/FEDRA කියන්නෙ?
FEDRA යන වචනය හැදිලා තියෙන්නෙ වචන හතරක එකතුවකින්. ( FEDRA – Federal Disaster Response Agency එහෙමත් නැත්තම් සාමූහික ආපදා ප්‍රතිචාර ඒජන්සිය) ඇමරිකා රජයේ ආයතනයක්. නිරෝධායන කලාප වල සිද්ධ වෙන හමුදා වැඩ කටයුතු පාලනය කරන්නෙ ෆෙඩ්‍රා/FEDRA එක විසින්.
මේ හින්දම නිරෝධනය කලාප වල ඉන්න මිනිස්සුත් ෆයර්ෆ්ලයි ලට එකතු වෙනවා. ඒත් එක්කම ෆයර්ෆ්ලයි කණ්ඩායම එන්න එන්නම ලොකු වෙනවා. ඒ වගේම තමයි එන්න එන්නම අවුල් ජාලයක් වෙනවා.
නමුත් ෆයර්ෆ්ලයි ලා සෑහෙන්න බලසම්පන්න උනා. එයාලගෙ අරමුණ උනේ රජයෙන් පාලනය කරන නිරෝධායන කලාපයන් තමන්ගෙ අතට ගන්න එක. මේ හේතුම නිසාම ෆයර්ෆ්ලයි ලා ෆෙඩ්‍රා එක අතර සෑහෙන යුධ ගැටුම් ඇති වෙනවා. මේ යුද්ධ වලදී ඇත්තම ෆයර්ෆ්ලයි ලා සාමාන්‍ය මිනිස්සු ඉත්තො කරගත්තු අවස්ථාත් තිබුණා.
අන්න ඒ හේතුව මුල් කරගෙන මිනිස්සු ෆයර්ෆ්ලයි ලට විරුද්ධ උනා. ගොඩනැගීගෙන ආපු ෆයර්ෆ්ලයි කණ්ඩායම එන්න එන්න දුර්වල අතට හැරුනා. මේකෙන් ප්‍රයෝජනයට ගත්ත ෆෙඩ්‍රා එක ෆයර්ෆ්ලයි ලව තව තවත් දුර්ලව කළා. ෆයර්ෆ්ලයි තිප්පොල වල් එකින් එක වැහෙන්න පටන් ගත්තා.
තවත් කරුණක් තමයි කලින් ෆයර්ෆ්ලයි ලා රජයට විරුද්ධව ක්‍රියා කරපු එකට අමතරව සොම්බි පැතිරීමට හේතු උන මොළ ආසාදනයට බෙහෙතක් හොයන්නත් පටන් ගත්තා.
ෆයර්ෆ්ලයි ලා ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි චරිත කීපදෙනෙක් ඉන්නවා.
පලවෙනියා තමා “මර්ලින්.” මර්ලින් කියන්නෙ ෆයර්ෆ්ලයි කණ්ඩායමේ නායකයා. මර්ලින් තමා ජෝල්’ට එලී’වත් අඳුන්වලා දෙන්නෙ.
දෙවෙනියා තමා ටොමී. ටොමී කියන්නෙ ජෝල්’ගේ මල්ලි වගේම සුපිරිම වැඩ්ඩෙක් වෙච්ච හිටපු-ෆයර්ෆ්ලයි කෙනෙක්. ටොමී, ඉවුගීන් කියන කෙනා එක්ක එකතු වෙලා බෝම්බ පුපුරවලා ෆෙඩ්‍රා එක විනාස කරපු කෙනෙක්. ඒත් පස්සෙ ටොමී ෆයර්ෆ්ලයි ලගෙන් අයින් වෙලා ජැක්සන් වලට ගිහින් තමන්ගෙ බිරිඳත් එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා.
ඔන්න ඕක තමයි ෆයර්ෆ්ලයි ලගෙ කතාව.
ඉතිං අපිට මේ කතාමාලාවේ ඒ වගේ වැදගත් කරුණු දෙකක් කතා කරපු එකෙ TLOU කතාවට අදාලම, එහෙමත් නැත්තම් ප්‍රධානම මාතෘකාව වෙන 🧟♂️ සොම්බිලා ගැන කතා නොකර කොහොමද?! 😃
ඇත්තටම මේ TLOU කතාව ඇතුලෙ මුන්ට නම් කීපයක් කියනවා. ඒ කියන්නෙ මේ සොම්බිලගෙ ප්‍රධානම අදියරයන් හතරක් තියෙනවා. ඒ හතරට වෙන වෙනම නම් හතරක් කියනවා.
මේ අදියරයන් හතර ගැන කතා කරන්න කලින් සඳහන් කරන්නම ඕන දෙයක් තමයි මේක ආසාදනය වෙන විදිය.
සාමාන්‍යයෙන් අපිට සොම්බිලා කිව්වම ඔලුවට එන්නෙ වෛරස් එකක්නෙ. නමුත් මේ කතාවෙදි ලෙඩේට හේතුව වෙන්නෙ වෛරස් එකක්නම් නෙවෙයි. ඒක කෝඩිසිප්ස්/Cordyceps කියන කෘමියන්ට භයානක විදිහට බලපාන නමුත් මිනිස්සුන්ට කිසිසේත්ම බලපෑමක් වෙන්නෙ නැති දිලීරයකින් නිර්මාණය වෙච්ච විකෘති දිලීරයක ප්‍රභේදයක්. මේකෙන් තමයි මිනිස්සුන්ව සොම්බිලා වෙන්නෙ. (මේ ගැන කතාව මුලදිම සඳහන් වෙනවා ඔයාලට බලාගන්න ලැබෙයි 🐜 )
කාලයත් එක්ක එන්න එන්න මේ දිලීරය දුර්වල වෙනවා. ඒ කියන්නෙ දිලීරයේ බලපෑම 100% ක්ම තමා. ඒ උනාට ආසාදනය වෙන කාලය අඩු වෙනවා. ඒ කියන්නෙ පැතිරීම උන දවස්වලම තව කෙනෙක්ව හපපු ගමන් ඒ මනුස්සයා සොම්බි යෙක් වෙනවා. ඒත් පහුවෙන්න වෙන්න හැපීමකට දවසකට පස්සෙ වගේ යනවා ආසාදනය වෙන්න.
මේ දිලීරයෙන් බලපෑමක් ඇති කරන්නෙ මොළේට, දිගින් දිගටම දිලීරය මිනිස්සුගේ ඇටකටු, මස්, හම වලටත් බෝ වෙලා සම්පූර්ණයෙන් විකෘති වෙනවා.
ඔයාලට මතක ඇති මං කලින් සඳහන් කළා මේ සොම්බිලගෙ අදියරයන් හතරක් තියෙනවා කියලා. දැන් අපි ඒ ගැන කතා කරලා ඉමු. අදාල අදියරයන් පහලින් තියෙන පින්තූරෙන් ඔයාලට පුලුවන් ස්වරූපයන් බලාගන්න.
පලවෙනි අදියර – Infected Runners
මේ පලවෙනි අදියරේ අයට කියන්නෙ ඉන්ෆැක්ටඩ් රනර් ලා කියලා. මේ අය ගොඩක්ම All of us are dead එකේ වගේ අයට සමානකමක් තියෙනවා. පෙනුමෙන් මනුස්සයෙක් වගේ ඒ විදියටම හිටියත් නහයෙන්, කණින්, කටින්, ඇහෙන් ලේ පෙරාගෙන තමා ඉන්නෙ. මේ කාලෙදී තමා දිලීරය මොලේ ඇතුලෙ වැවෙන්න ගන්නෙ. මේ හින්දා සාමාන්‍යයෙන් මුන් වේදනාවෙන් කෙඳිරි ගගා ඔලුව අල්ලගෙන තමයි ඉන්නෙ. ඉන්ෆැක්ටඩ් රනර් ලා තමයි ඉන්න වේගවත්ම සොම්බිලා. හුගක් වෙලාවට මුන් කැමති රොත්ත පිටින් ඇවිල්ලා පහර දෙන්න තමයි. ඇස් පෙනීම තිබුනත් ආලෝකයට සංවේදී නෑ. ඉන්ෆැක්ටඩ් රනර් කෙනෙක්ට අවුරුද්දක් හෝ දෙකක කාලයක් ඇතුලත තමයි දෙවෙනි අදියරට යන්නෙ.
දෙවනි අදියර – Stalker
ස්ටෝකර් ලා තමා හම්බෙන පීඩාකාරීම සෙට් එක. ඒ වගේම තමයි IQ එක වැඩිමත් මුන්ගෙ. මුන් නිකං අතරමැදි අවස්තාවක හිර වෙච්ච උන් වගේ. ඔලුව පැලිල දිලීරය වැවීගෙන එලියට එන්න පටන් ගන්න කාලෙ තමා ස්ටෝකර් ලා හැදෙන්නෙ. මනුස්ස පෙනුම එන්න එන්න වෙනස් වෙනවා. ඇටකටු වෙනස් වෙන්න ගන්නවා. මස් එන්න එන්න හයි වෙන්න ගන්නවා. මූණ වෙනස් වෙනවා. ඇස් පෙනීම නැති වෙනවා. ශබ්දයට තියෙන සංවේදීතාවයත් වැඩි වෙනවා. මේ නිසා මුන් ඉඳලා හිටලා හරියට නිකන් වවුලෙක් වගේ clicking sounds වලින් පාර හොයා ගන්නවා. ඒ වගේම මුන්‍ට මාරම ශක්තියකුත් තියෙනවා. මුන්ගෙ IQ එක වැඩි නිසා මුන් මාරම කපටියි. කලින් වගේ රොත්ත පිටින් යනවට වඩා මුන් කැමති තනියෙන් තමන්ගෙ දඩයම හොයාගෙන යන්න. ඒ නිසා ස්ටෝකර් ලා හැංගිලා ඉඳලා එක පාරටම කඩා පාත් වෙලා පහර දෙන්න තමා වැඩියෙන්ම දක්ෂ.
තුන්වන අදියර – Clicker.
ක්ලිකර් ලා කියන්නෙ සරලවම ස්ටෝකර් කෙනෙක්ගෙ වෙන පරිවර්තනය සම්පූර්ණ උන කෙනාට. මූටත් තියෙන්නෙ පට්ටම ශක්තියක්. පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔලුව මැද්දෙන් පැලිලා ලොකූවට මල් පෙති දෙකක් නැත්තම් හත්තක් වගේ දිලීරය වැවිලා තියෙන්නෙ. මස් එහෙම මාර විදියට ශක්තිමත්. ඇටකටු පවා ශක්තිමත්. මුන්ගෙ වේගය සෑහෙන්න අඩුයි. ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ හින්දා clicking sounds පාවිච්චි කරලා තමයි වටපිටාව ගෙන අදහසක් ගන්නෙ.
හතරවෙනි අදියර – Shramblers / Bloaters
ශ්‍රැම්බ්ලර් ලා එහෙමත් නැත්තං බ්ලෝටර් ලා කියන්නෙ අවසාන අදියර. පෙනුම සහ හැසිරීම ක්ලිකර් කෙනෙක්ට සමානයි. වෙනස කියන්නෙ මූ ක්ලිකර් කෙනෙක්ට වඩා තුන් හතර ගුනයක් විශාලයි. ඒ වගේම පට්ටම පට්ටම බලසම්පන්නයි. බිත්ති කඩාගෙන එන්නෙ බණ්ඩිගෙඩිය හොල්ල හොල්ල. 😅 හැබැයි මුන් ටිකක් මන්දගාමීයි. ඒ වගේම මුන්ගෙ ඇගේ ධූලක එහෙමත් නැත්තං විෂ වායුවක් හදනවා. ඒවා හරියට බෝල වගේ ඒවා අස්සට දාලා ඒ වගෙන් බෝම්බ ගහනව වගේ පහර දෙන්නෙ. බ්ලෝටර් කෙනෙක් මැරුවම ඌ පුපුරලා වායුව අහක් කරනවා. කල් යන්න යන්න බ්ලෝටර් ලට පුලුවන් ක්ලිකර් ලව හරි ස්ටෝකර් ලව හරි තමන්ගේ ඇඟේ අලව ගන්න, කොටසක් කරගන්න.
ඉතිං මේ The Last Of Us කතාමාලාව කතාංග 9 කින් සමන්විත් වෙනවා. ඔයාලට පහලින් දකින්න ලැබෙන්නෙ ඒ කතාංග වලට අදාල ධාවන කාල සීමාවන්.
Episode 1 – 81 minutes
Episode 2 – 53 minutes
Episode 3 – 76 minutes
Episode 4 – 46 minutes
Episode 5 – 59 minutes
Episode 6 – 59 minutes
Episode 7 – 59 minutes
Episode 8 – 51 minutes
Episode 9 – 43 minutes
ඉතිං ඔන්න ඔය විදිහට අද ලිපිය ඉවර වෙනවා. අද ලිපිය කලින් කිව්වා වගේම ටිකක් දීර්ඝ එකක් උනා. සුපිරි කතාමාලාවකට සුපිරි පැහැදිලි කිරීමක් එක්ක ලිපියක් ගේන්න ඕන හින්දමයි අද ලිපිය ටිකක් දිග්ගැස්සුනේ. ඒ කොහොම උනත් මමත් මේ හොයාගත්තු කරුණු කාරණා කීපයක්. ඉතිං ඒ හින්දා එයාලටත් Credit එකක් යන්නම ඕන. ඉතිං අද ලිපියෙන් ලොකු දෙයක් දැනගන්න ලැබෙන්න ඇති කියලා හිතනවා.
එහෙනම් අදට මං මෙතනින් නවතිනවා දෙවනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා!! 🙏🫡
මතක ඇතුව පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. 😉
720p Links
430MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න430MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
430MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2160p Links
2.1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න2.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Last of Us (2023-) [S01: E01] Sinhala Subtitles” The-Last-of-Us-2023-S01-E01.zip – Downloaded 3836 times – 30.10 KBIf you have any complains about our contents, please email us at [email protected]
ගොඩක්ම ස්තූතියි රුකා සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
thanks bro
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
*srt 💜
ithuru tikath ikmant ona
Thanks bro❤️
Me site eka witrai piliwalak atuwa lassanata maintain kragena yanne. baiscope ekanan jarawak. oyata puluwannan twd eke episode 19 idala 24ta dennako. mara watinwa. digatama sub denna bro srt widihta. adarei bokkemma.
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න. ඒ වගේම තමයි The Mandalorian Season 03 එනවා ලගදිම ඒකත් දෙන්න ❤😍
The Last Kingdom S05 danne nadda sago
Thanks aiya ❤❤
The Last Kingdom S05 danne nadda sago
thnsk mcn sub tikata 🖤💪