Monday , March 18 2024
DON'T MISS

The Lost Symbol (2021-) [S01: E01] Sinhala Subtitles | සැඟවුණු සංකේතය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Lost Symbol (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.0/10

Stars :  Ashley Zukerman, Eddie Izzard, Valorie Curry

Language :  English

Creators :  Jay Beattie(developed for television by), Dan Dworkin(developed for television by)

ඔයා පොත් කියවන කෙනෙක් නම් ඔයාට Robert Langdon පොත් සෙට් එක මිස් වෙන්න විදියක් නෑ. Dan Brown ලියපු මේ පොත් ටික මේ වෙද්දි භාෂා පනහකට වඩා පරිවර්තන වෙලා ලොව පුරා පාඨකයන් අතර අතිශය ජනප්‍රියට පත්වෙලා තියෙනව. තාම මේ පොත් කියවල නැති අය ඉන්නව නම් කියවන්න ගන්න. පොත් ඔක්කොගෙම සිංහල පරිවර්තන තියෙනව.

01. Angels & Demons (2000)
භූතාවේෂය
02. The Da Vinci Code (2003)
ඩා වින්චි කේතය
03. The Lost Symbol (2009)
සැඟවුණු සංකේතය
04. Inferno (2013)
නිරය
05. Origin (2017)
සම්භවය

මේ පොත් වල තුන්වෙනි පොත වෙන The Lost Symbol එකෙන් හැදෙන අලුත්ම ටීවි සීරීස් එකෙ පළවෙනි එපිසෝඩ් එක තමයි මේ අද අරගෙන ආවේ. පළවෙනි සීසන් එකට ඔක්කොම එපි 10 යි. මේ වෙනකොට IMDB දර්ශකයේ 7.1ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නලු නිළියන් විදිහට Ashley Zukerman, Eddie Izzard සහ Valorie Curry යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මේ කතාව Dan Brown ගේ පොත් ආශ්‍රයෙන් නිපදවුන චිත්‍රපට සියල්ලටම වඩා අති සුපිරියක් කියල තමයි මුල් එපිසෝඩ් දෙක බලපු අය නම් කියල තියෙන්නෙ..

මේ පොත් වලින් Movie Trilogy එකකුත් හැදෙනව. බලපු නැති අය ඉන්නව නම් බලන්න. කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන Robert Langdon ට රංගනයෙන් දායක වෙන්නෙ Tom Hanks. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු.. ජයවේවා! කමෙන්ට් එකකුත් දාගෙනම යන්න!

වැඩිදුර දැනුමට!


ලංකාවේ කතෝලික බිශොප් සබාවේ ඉල්ලීම උඩ එකල ජනාධිපති ලංකාවෙ පෙන්නන එක තහනම් කරපු 2006 ආපු ටොම් හෑන්ක්ස් හිටපු ඩා වින්චි කෝඩ් ෆිල්ම් (The Da Vinci Code) එක එහෙම ඔයා බලලා තියෙද? බලලා තියෙනවා නම් මේක අම්මෝර් // වෙන්නෙ නෑ ඔයාට… මං දන්න විදියට ලංකාවෙ ඒ ෆිලුම බලලා නෑ ගොඩක් අය… ඉතින් කුපිරිම ආතල් එකක් ගන්න පුලුවන් මේ කියන්ඩ යන සීරීස් එකෙන් ඔයාලට… අරක බලලා තිබ්බත් කමන්නෑ අනිවාර්යයෙන් මේක බලන්ඩ…

(The Da Vinci Code ෆිලුම)


රූපවාහිනියෙ ගිය මැක්ගයිවර් බලලා තියෙනවා නේද? 100%ක්ම නැතත් මේකෙ ඩෑල් එක ඒ වගේ පොරක්. අමු වැඩ්ඩෙක්, ඇවිදින මොළයක්. පොර මහාචාර්ය කෙනෙක්. බුවා ඇවිල්ලා මාර දැනුමත් තියෙන පොරක්. පසල් එහෙම විසඳනවා සං සං ගාලා… ආයෙ ඉතින් #ඝැම්මක් තමයි… සංකේත චිත්‍ර පරණ සංස්කෘතික දේවල්, ලතින් වගේ භාශාවල් එහෙම වගේ ලෝකෙ වටේම දැනුම පාවිච්චි කරලා එහෙම කරන්නෙ… හෙනම ආසයි බලන් ඉන්ඩ… ඩෑල් ඒකගෙ නම රොබට් ලැන්ග්ඩන්.

(මේ සීරීස් එකේ ඩෑල් එක, රොබට් ලැන්ග්ඩන්)


මේ ලොස්ට් සිම්බල් සීරීස් එක, ආයෙ උඩ කීව ඩාවින්චි කෝඩ් එක එහෙම කුපිරිම නවල් සීරීස් එකකින් තමයි හැදිලා තියෙන්නෙ. පොත් වල නමින්මයි ෆිල්ම් ටිකයි සීරීස් එකයි ඇවිත් තියෙන්නෙ. ටොම් හෑන්ක්ස් මේ රොබට් ලැන්ග්ඩන් චරිතෙ ෆිල්ම් තුනකද කොහෙද කරා මට මතක විදියට. පොරට වයසයිනෙ. මේ මං කියන සීරීස් එකේ ඉන්නෙ රොබට් ලැන්ග්ඩන්ගෙ තරුන කාලෙ චරිතෙ, ඩාවින්චි කෝඩ් එකෙත් ඉන්නෙ මේ චරිතෙමයි කියලා කිව්වනෙ මං, ඩාවින්චි කෝඩ් ෆිල්ම් එකේ සීන් වලට කලින් වෙන සීන් එකක් මේක… කුපිරිම නළුවෙක් ඉන්නෙ චරිතෙටත්… මතකද නෙට්ෆ්ලික්ස් එකෙන් ආපු කුපිරිම ෆියර් ස්ට්‍රීට් ෆිල්ම් ට්‍රිලොජියෙ පොලිස් ඩෑ එක, නික්? අන්න එයා ඉන්නෙ…  නම ඈශ්ලි සකර්මන්…
 

(ඈශ්ලි ෆියර් ස්ට්‍රීට් එකේ)

මොකක්ද එතකොට මේ කතාවෙ වෙන්නෙ? වෙන දේටත් වඩා වෙන විදියකට මේක කියන්නම්, අපිට ඉන්නෙ අපි හැමෝම ආස චරිතයක්, එයා වගේ වෙන්ඩ ඕනි එහෙම කියලා හිතෙන නළුවෙක් ගායකයෙක් ලේකිකාවක් වගේ කවුරුහරි, එයා ජනප්‍රිය කෙනෙක් නොවෙන ඔයාට උගන්නන ගුරුවරයෙක් නැත්තං හොඳ සක්සස් උන නෑදෑ වෙන කෙනෙක් වෙන්ඩ පුලුවන්… ඔයා හරි ආසයි එයා එක්ක කතා බහ කරන්ඩ එහෙම, එයාගෙන් අලුත් දේවල් ඉගෙන ගන්න එහෙම… ආන් එහෙම කෙනෙක් ඉන්නවා අපේ කතා නායක රොබට් ලැන්ග්ඩන්ටත්… ආන් එයාගෙන් රොබට්ට කෝල් එකක් එනවා… ඔතනින් පටන් අරන් කෙනෙක්ගෙ ජීවිතයක් ඇපයට අරන් කෙනෙක් රොබට්ට තර්ජනය කරනවා යමක් හොයන්ඩ කියලා පොරගෙ ඔය කිව්ව පසල් එහෙම විසඳන්න තියෙන දැනුමෙන්, ඕන් ඕක හොයන් යන කුපිරිම ගමන තමයි මේකෙ තියෙන්නෙ…

(කුපිරිම පසල් එකක් මෙතත් විසඳන්නෙ, බල්න්ඩකො ඔයාලා)

එක එපිසෝඩ් එකක් බලන්ඩ, ඔයා නොකා නොබී මේක බලන්නෙ, ඒ තරං ත්‍රිලර් සීරීස් එක. වෙන්නෙ මොකක්ද කියලා බලනකන් ඉවසිල්ලක් නෑ… ඔයා ඒ එපිසෝඩ් එක ඉවර කරන්නෙ මට පිං දිදී… ඒ තරං ආතල් සීරීස් එක… ඕනි කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් බය නැතුව මේ සීරීස් එක… ඉතින් හෑලිම නැතුව අපේ ඩෑල් එක, රොබට් ලැන්ග්ඩන් බොසා මේ ලෝකෙට ආපු නවල් සීරීස් එක ගැන විස්තරයක් පහලින් දාන්නම්…

භාශා 57කට පරිවර්තනය උන, 2012 වෙනකොට පොත් මිලියන 200කට එහා විකිනුන පොත් සීරීස් එකක් ලිව්ව ඩයල් එකක් තමයි මේ රොබට් ලැන්ග්ඩන් කියන්නෙ චරිතෙ නිර්මාණය කරන්නෙ. රොබට් ලැන්ග්ඩන් නිකන් ශර්ලොක් හෝම්ස් වගේ කියලා හිතන්නකො… මේ රොබට් ලැන්ග්ඩන් චරිතෙ නිර්මාණය කරන්නෙ ඩෑන් බ්‍රවුන් මහත්තයා, සුපිරිම තිලර් නවල් ලිව්ව පොරක් තමයි මෙයා… අපි බලන සීරීස් එකේ නමත් “ඩෑන් බ්‍රවුන්ස් ද ලොස්ට් සිම්බල් (Dan Brown’s The Lost Symbol)” එනිවේ මේක එන්නෙ පීකොක් ස්ට්‍රීමින් සර්විස් එකෙන්… පීකොක් ඔරිජිනල් බලලා නෑනෙ ගොඩක් අය… ඔන්න චාන්ස් එක…


(පොත් ලීව ඩෑන් බ්‍රවුන් මහත්තයා)

මේකෙ කුපිරිම ප්ලොට් ට්විස්ට් එකක් එක්ක කුපිරිම හතුරෙක් ඉන්නවා… නම මලාඛ් මිනිහත් මරු ඩෑල් එක… මේ ඉන්නෙ…


ඉතින් සීරීස් එක ගැම්මට බලන්ඩ IMDb නම් 6.6ක් තියෙන්නෙ. එව්වා අදාල නෑ සුපිරියටම 8ක් වගේ දෙන්ඩ පුලුවන් මට නම්. ඒ තරං ආතල් සීරීස් එක… ඩාවින්චි කෝඩ් ඔලුවෙ තියන් බැලුවොත් නම් කොහොමද දන්නෑ ඉතින්. තනි සීරීස් එකක් විදියට ඔලුවට දාගෙන බලන්ඩ මේක… ඔයා ජීවිතේ බලමු සුපිරිම ත්‍රිලර් සීරීස් එකක් වෙයි… …


ඉතින් ආයෙ ආයෙ කියන්නෙ ඝැම්මට බලලා දාන්ඩ… දෙවෙනි සීසන් එහෙකුත් එයි අනිවාර්යයෙන්…

Sachin Bhagya – RWC

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

7 comments

  1. නවීන් සිතාර

    ❤ Eka maru… 2nd Epiyath one ikmntama ❤

  2. Sub eka supiri bro

  3. Thanks sub ekt

  4. Ravindu Rathnayaka

    sub file is damaged

  5. Thanks brother …

  6. da vinci code movie ekata sub karannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *