Wednesday , April 16 2025
DON'T MISS

The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | දේශපාලනික සිරකරුවෙකුගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Photographer of Mauthausen (2018) Sinhala Subtitles

Year :  2018

IMDB Rate :  6.7/10

Stars :  Mario Casas, Richard van Weyden, Alain Hernández

Language :  English

Director :  Mar Targarona

Mar Targarona ගේ අධ්‍යක්ෂණයෙන් සහ Netflix හී සම ප්‍රචාණයෙන් 2018 වසරේදී විකාශනය වූ The Photograher of Mauthausen දෙවන ලෝක යුද්ධ සමයේ ඔස්ත්‍රියාවේ පැවති Mauthausen සිර ගෙදර සිදුවූ සත්‍ය සිදුවීම් මාලවක් ඇසුරෙන් නිර්මාණය වූ ස්පාඤ්ඤ චිත්‍රපටියක්.

දේශපාලනික සිරකරුවෙක් වශයෙන් මේ සිරගෙදර ඡායාරූප ගැනීම් සිදුකල ෆැන්සිස් බොශ් mauthausen හී දී නාසී පාලනය විසින් සිදුකරන ලද සාපරාධී සිදුවීම් වල ඡායාරූප විනාශයට පත් නොවී ආරක්ෂා කරගැනීමට දරණ උත්සහයක් තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ. ස්ටාර්ලින්ගාඩ් සෝවියට් හමුදා යටත් කරගැනීමෙන් පසුව මේ ඡායාරූප වල තිබූ සාක්ෂී නාසී හමුදාවන්ට අනතුරක් වූ නිසාවෙන් ඔවුන් ඒවා විනාශ කරන්න උත්සහ කළත්, බොශ් සහ මේ සිරකදවුරේ සිටි ඇතැමුන් ඒ සාක්ෂි විනාශ වීමට නොදී සඟවා ගත් ආකාරයත් ඔවුන්ට ඇති වුණු බාධකත් මේ චිත්‍රපටියේ අන්තර්ගතයි. අවසානයේ සෝවියට් හා විමුක්ති සටන්කාමින්ගේ ප්‍රහාර හමුවේ ඔස්ත්‍රියාවට නාසී පාලනයෙන් ගැලවීමට හැකියාව ලැබෙනවා. ෆැන්සිස් බොශ්ගේ උත්සහයන් නිසා මේ අදටත් Mauthausen හි සිදු වෙච්ච අදුරු මතකයන් ලෝකයාට දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අධිකරණය හමුවේ නාසීවරුන්ට විරුද්ධව සාක්ෂී හැටියටත් මේ ඡායාරූප වැදගත් වෙලා තියෙනවා.

මේ තියෙන්නේ Boix කැමරාවට හසුකරගත් සත්‍ය චායාරූප

Bioxට ඡායාරූප පටි සැගවීමට උදව් වූ පිරිසෙන් කීපදෙනෙක්
Boixගේ ඡායාරූප පටි
ගුසෙන් වල මරණයේ පඩිපෙළ
Mauthausen සිරගෙදර සෝවියට් හමුදා පලනයට ගත් පසු
SS නිලධාරින් විසින් මරා එල්ලූ සිරකරුවෙක්

Check Also

The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා…[සිංහල උපසිරැසි සමඟ]

Year : December 17, 2004 (United States) IMDB Rate :  7.5/10 Starring: Leonardo DiCaprio ,Cate Blanchett, …

4 comments

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. upali weerasekara

    ඉතාම අගෙයි.මෙවන් සිනමාපට තව තවත් ලබා දීමෙන් මෙම අඩවියට ගෞරවාන්විත පිලිගැනිම තවත් වැඩිකරගන්න හැකියි.ස්තිතියි පරිවර්කට

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.d

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply to Buddhika laKMal Cancel reply

Your email address will not be published. Required fields are marked *