Year : 2019
IMDB Rate : 8.2/10
Stars : Willem Dafoe, Julianne Nicholson, Christopher Heyerdahl
Language : English
Director : Ericson Core
ආයුබෝවන්..! ඉතින් හුඟ කාලෙකින් ෆිල්ම් එකකට සබ් එකක් අරන් ආවා.. මේක දවස් කිහිපයකට කලින් නිකුත් වුණ Disney ලගෙ චිත්‍රපටියක්.. ආදරය, දුක, සතුට කියන හැම හැඟීමක්ම අවුස්සන පට්ටම ලස්සන චිත්‍රපටියක්.. චිත්‍රපටියෙ ප්‍රධාන නළුවාගේ චරිතයට රඟ දක්වන්නෙ ජනප්‍රිය රංගන ශිල්පී Willem Dafoe.. ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වියදම් කරල හදපු මේ චිත්‍රපටිය, IMDB දර්ශකය 8.4 කට කරකවන්න සමත් වෙලා තියෙනවා.. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ෆිල්ම් එක ගැන.. ඒ වගේම කියන්න ඕනි මේක ඉතාමත්ම සංවේදී සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Daredevil (2003) චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරපු Ericson Core කියන අධ්‍යක්ෂකවරයා..
• Willem Dafoe … Leonhard Seppala
• Julianne Nicholson … Constance Seppala
• Christopher Heyerdahl … Mayor George Maynard
• Richard Dormer … Dr. Curtis Welch
• Adrien Dorval … Bill Clark
• Madeline Wickins … Sally Burdett
• Michael Greyeyes … Amituk
ඉතින් ෆිල්ම් එක ගැන කෙටියෙන් කිව්වොත්, ඇලස්කාවෙ නගරයකට වසංගතයක් හැදිල ඒකෙන් ගොඩක් ළමයි මරණාසන්න වෙනවා.. ඉතින් මේකට ප්‍රතිජීවක බෙහෙත් තියෙන්නෙ මේ නගරයට ගොඩක් දුරින් තියෙන පළාතක.. මේ අස්සෙම ශීත කාලෙ උදා වෙලා තියෙන අතර මේ නගරය ලොකු කුණාටුවක් එනවා.. ඉතින් මේ නිසා අර කලින් කියපු වසංගතය හොඳ කරන්න පුලුවන් ප්‍රතිජීවකය අරගෙන එන්න ක්‍රමයක් නැති වෙනවා.. ඉතින් මේ ප්‍රතිජීවකය අරගෙන එන්න ලියොන්හාඩ් සෙප්ලා සහ එයාගෙ සුනඛයින් කණ්ඩායම ඉදිරිපත් වෙනවා.. තද කුණාටුව මතින් ජීවිත රැසක් බේරාගැනීමට සෙප්ලා සහ ඔහුගේ සුනඛයින් දරණ උත්සාහය සාර්තක වේවිද? අවසානයේ ඔවුන්ගේ ඉරණම් කෙසේ විසඳේවිද?
සියල්ලටම පිළිතුරු ඔබ සතුයි.. ඉක්මණින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු..
480p Links
Racaty Links
Dropapk Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
– චරිත් ප්‍රමෝද්‍ය –
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks bro sub ekta
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊