Monday , April 15 2024
DON'T MISS

Yakuza Apocalypse (2015) Sinhala Subtitles | ලේ වගුරන වැම්පයර්වරු [සිංහල උපසිරැසි සමග]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Yakuza Apocalypse (2015) Sinhala Subtitles

Year :  2015

IMDB Rate :  5.5/10

Stars :   Lily Franky, Yayan Ruhian, Yuki Sakurai

Language :  Japanese | English

Director :  Takashi Miike

ඔන්න ඉතින් නිකම් ඉන්න ගමන් තව එකකට Sub එකක් ගහන්න ඕනෙ කියලා හිතුනා. මේ පාර නම් අරගෙන ආවේ සුපිරිම පිලුමක්. ඇත්තම කිව්වොත් විවේකයක් නොගෙන බලන්න පුළුවන් එකක්. හරි එහෙනම් අපි හැරෙමු පිලුම දිහාවට.
මේකේ නම Yakuza Apocalypse. තිරගත වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. මේක වැටෙන්නෙ Action, Comedy, Horror ගණයට. Action පිලුමක උනත් Comedy සීන් ටිකක් තිබුනෙ නැත්තම් වැඩක් නෑනෙ. ඒත් මේක නම් නියමෙටම තියනවා. ඒ වගේම මේ පිලුම IMDB දර්ශකයේ 5.5ක අගයක් ලබාගන්නටත් සමත් වෙලා තියනවා. ඒ වගේම මෙය Takashi miike ගේ අධ්‍යක්ෂනයක්. කතාව ලියලා තියෙන්නෙ Yoshitaka Yamaguchi. මේකට රංගනයෙන් දායක වෙන්නේ Yayan Ruhin, Mio Yuki, Lily Franky, Hayato Ichichara ඇතුළු රංගන ශිල්පීන්. ඒ වගේම මෙය 2016 වර්ෂයේ තිබුන සම්මානයකටත් නිර්දේශ වෙලා තියනවා.

කතාව කෙටියෙන් කිව්වොත්, Yakuza කිව්වම දන්නවනෙ ඉතින්. ෆයිට් ගැන තමයි තියෙන්නෙ. මේ යකූසා කියන කල්ලියත් Ninja වගේ තමයි. මේ කල්ලිය ඉන්නෙ ප්‍රංශයේ. මේ කට්ටියට ඉන්නවා ලොක්කෙක්. එයාගෙ නමක් නම් සදහන් වෙලා නෑ. හැමෝම එයාට කියන්නෙ බොස් කියලා. ඉතින් මේ බොස් තමයි නගරයේ ඉන්න වීරයා. ඒ වගේම මේ බොස් ළග ඉන්නවා කගෙයාමා කියලා කෙනෙක්. මේ කගෙයාමා ගොඩක් යටහත් පහත් සේවකයෙක්. බොස්ගෙ දකුණු අත වගේ ඉන්නෙ. ඒ වගේම බොස්ගෙ පිටේ තියනවා Tatoo එකක්. කගෙයාමාත් කවදා හරි මේ වගේ Tatoo එකක් ගහනවා කියලා තමයි හිතාගෙන ඉන්නෙ. ඒත් මේ කතාවෙ මුල් හරියෙදි බොස් මැරෙනවා. ඉතින් මේ බොස් මැරෙන වෙලාවෙදි තමයි කගෙයාමා එතනට යන්නෙ. ඒත් එතකොට පරක්කු වැඩියි. එතනදි බොස්ව මරන්න ආපු කෙනා කගෙයමෙටෙත් වෙඩි තියනවා. ඒත් කගෙයාමා මැරෙන්නෙ නෑ. මේ ආපු කෙනා කගෙයාමා මැරුණා කියලා හිතාගෙන යන්න යනවා. ඒත් ටික වෙලාවකින් කගෙයාමා නැගිටලා බලනවා. එතකොට බොස්ගෙ ඔළුවයි, කදයි වෙන වෙනම තියෙන්නෙ. ඒත් බොස් කතා කරනවා. බොස් ඒ වෙලාවෙදි මෙයාට අමුතු බලයක් බලා දෙනවා. ඒත් එක්කම එයාට අර Tatoo එකත් එනවා. මේ ලබාදෙන බලය මොකක්ද? ඇයි බොස්ව මරන්නෙ? කවුද බොස්ව මරන්නෙ? කියලා දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. වැඩිපුර කිව්වොත් රසය අඩු වෙන නිසා බොහෝම කෙටියෙන් කිව්වෙ. එහෙනම් කතාව බලලා සබ් එකේ අඩුපාඩුත් කියන්න. ඊළග එක මීට වඩා හොදට දෙන්න බලන්නම්.

Thiwanga Sandaruwan (MRT97)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

One comment

  1. Niyamai……. Sub akata thanks…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *