Year : 2022
IMDB Rate : 7.4/10
Stars : Ayushmann Khurrana, Andrea Kevichüsa, Amir Hossain Ashik
Language : Hindi
Director : Anubhav Sinha
ඉන්දියාව කියන්නේ භූමී ප්‍රමාණයෙන් විශාල රටක්, ඒවගේම ඊට මායිම් වෙලා විශාල රටවල් ගණනක් තියෙනවා. මේ නිසා ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ගැන ලොකු සැලකිල්ලකින් සිටීමේ අවශ්‍යතාව ඉන්දියාවට තියෙනවා. අපි හැමෝම දන්නවා ඉන්දීය-පාකිස්තානු කාශ්මීර යුධ ගැටුම් ගැන. වසර ගාණනාවක ඉදන් මේ රටවල් 2ක කාශ්මීරයේ දේශසීමා වෙනුවෙන් සටන් කරනවා. වර්තමානය වෙනකොට චීනයත් මේ කාශ්මීරයට ඇහැගහගෙන ඉන්නවා.අපේ කතාවේ මාතෘකාව කාශ්මීරය ගැන නම් නෙමේ. ඊසාන දිග ඉන්දීයාව ගැනයි. ඒ කියන්නේ බටහිර බෙංගාලයට නැගෙනහිරෙන් පිහිටලා තියෙන ප්‍රාන්ත 7.
මේ ප්‍රාන්ත 7 ඉන්දියාවට අයිති වුණත් වැඩිවශයෙන්ම සමීප වෙන්නේ ඉන්දියාවට නෙමේ. නේපාලය හා බංගලාදේශය අතර තියෙන “චිකන් නෙක්” කියන 22km පටු ප්‍රදේශයෙන් තමා මේ ප්‍රාන්ත 7 ඉන්දියාවට සම්බන්ධ වෙන්නේ. ඒත් මේ ප්‍රාන්තවලින් බොහොමයක් නේපාලය, චීනය,බංගලාදේශය,භූතානය හා මියන්මාරය කියන රටවල්වල දේශසීමාවන්ට මායිම්වයි තියෙන්නේ.ඒවගේම මේ ඊසාන දිග ප්‍රාන්තවල මිනිස්සුන්ගේ සම්භවය නේපාල, චීන ජාතිකයන්ට සමානයි. සාමාන්‍ය ඉන්දීය පෙනුමක් ඔවුන්ට නෑ . ඒ නිසා ඔවුන් ඉන්දියාව තුළදී ගැටලුවලට මුහුණ දෙනවා. ඒවගේම ඔවුනුත් අතීතයේ සිට තමන් ඉන්දියානුවන් නොවන බවට විවිධ මතවාද , තර්ක ගොඩනගනවා. ඒ නිසා විවිධ කැරළි කණ්ඩායම් රජයට විරුද්ධව මේ ප්‍රදේශයේ ගැටුම් ඇති කරගෙන තියෙනවා.ඒ කොහොම වුණත් අපේ කතාව ප්‍රබන්ධයක්. ඊසාන දිග ප්‍රාන්තවල ඉන්න කැරලි කණ්ඩායමක් එක්ක සාමය පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමේදී ඇතිවෙන්නා වූ සිදුවීම් හා ගැටුම් පිළිබදවයි මේ කතාවෙන් විස්තර වෙන්නේ. ඊට අමතරව පසුබිමෙන් ගලායන තව ගොඩක් සිදුවීම් තියෙනවා.
මේ චිත්‍රපටියට උපසිරස කරන්න ප්‍රධානම හේතුව වුණේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා. Ayushmann Khurrana. මේ අවුරුද්ද Bollywood සිනමාවට එච්චර හොද අවුරුද්දක් වුණේ නෑ. මොකද දකුණු ඉන්දියානූ චිත්‍රපටි ගොඩක් ඉන්දියාවේ පැතිරුණු නිසා. ඒ නිසා Bollywood movies වලට මේ අවුරුද්දේ ඉහළට එන්න ලැබුණේ නෑ. කොහොම වුණත් තරමක් හරි සාර්ථක වෙච්ච චිත්‍රපටියක් තමා මේ Anek චිත්‍රපටිය. Ayushmannට තියෙන තරු ගුණය නිසාදෝ මන්දා Ayushmann ගේ හැම ෆිල්ම් එකක්ම වගේ ගොඩක් සාර්ථක වෙනවා. 2017 අවුරුද්දේ ඉදන් මේ වෙනකන් Ayushmann රගපාපු ගොඩක් ෆිල්ම්ස් Rating වලින් මුල් චිත්‍රපටි කිහිපය අතර අනිවාර්යයෙන් තියෙනවා. නියතයක් වගේ. ඉතින් මේ Film එකටත් IMDb 7.4 ක අගයක් ලැබිලා තියෙනවා.
ඒවගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayushmann ම රගපාපූ Article 15 චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා. ඒවගේම Thappad ,Mulk, RaOne වගේ Films අධ්‍යක්ෂනය කරපු Anubhav Sinha විසින්.
500MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
500MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB | HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Stranger Things sub dennoo
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Thanks pirate team ❤️🔥❤️🔥❤️🔥