Year : 2020
IMDB Rate : 7.5/10
Stars : Fin Argus, Sabrina Carpenter, Madison Iseman
Language : English
Director : Justin Baldoni
ඉතින් කොහොමද යාළුවනේ,මේ කොරෝනා තත්වය උග්‍ර වන අස්සේ ගෙදරටම වෙලා ඉන්න කියලා
කියන ගමන්,අද මං අරන් ආවේ 2020 ඔක්තෝම්බර් 16 වෙනිදා නිකුත් වුන CLOUDS (2020) කියන
චිත්‍රපටයයි,ඉතින් මේක අයත්වෙන්නෙ Drama, Music,Romance ගණයටයි ඉතින් මේ ලස්සන කතාව
IMDB අගය 7.5ක් ලබාගෙන තියෙනවා ඉතින් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ
Fin Argus,Sabrina Carpenter,Madison Iseman වැනි සුපිරි නළු නිළියොයි ඉතින් මේක අධ්‍යක්ෂණය කරන ලද්දේ Justin Baldoni විසිනි. මේ චිත්‍රපටියේ කතාව ඇත්ත ජීවිතයේ සිටි සැක් සොබියක් කියන
කෙනාගේ ජීවිත කතාව වේ,ඉතින් අපි එහෙනම් දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…….
සැක් සොබියක් කියන්නේ ජනප්‍රිය වෙන්න ආසාවෙන් ඉන්න ගීත ගායනා කරන පාසල් යන තරුණයෙකි ඉතින් සැක්ගේ හොඳමම යාළුවෙක් තමයි සැමී බ්‍රවුන් කියන්නේ එයා
සැක් ගැන හොඳින් බලාගන්න කෙනෙක්,ඉතින් දවසක් සැමීට ප්‍රොම් එකේ වේදිකාවේ
ගීතයක් ගායනා කරන්න කතා කරද්දි සෑම්ට බැහැ කියලා සැක් එතනට එයා වෙනුවෙන් යනවා
යද්දි එයාට ඇමී කෙල්ලව හම්බෙනවා ඉතින් එයා එතනට ගිහින් සිංදු කියලා මිනිස්සුන්ව විනෝදයෙන් උද්යෝගිමත් කරා,ඉතින් මේ සැක් ගැන තව පොඩි දෙයක් කියන්න ඕනේ
සැක් කියන්නෙ ලොව දරුණුම සහ දුර්ලබම පිළිකාවක් වන ටර්මිනල් කියන පිළිකාවෙන්
පෙළෙන කෙනෙක් ඉතින් එයා ඒකට චෙමෝ එහෙම නැත්නම් රසායන චිකිත්සාව ඇඟ ඇතුළට
කරනවා ඒක නිසා එයාගේ කොණ්ඩේ වැවේන්නේ නැහැ,එයාට මේ කිසිදෙයක් වැඩක් නැහැ කියලා
කලකිරිලා මේ ඔක්කොම නවත්තනවා,ඉතින් ඊටපස්සේ ඇමී කියන කෙල්ලත් මෙයත් එක්ක යාළු වෙනවා,ඉතින් දවසක් සැක් ලියපු සිංදුවක් සැමී එයයි රෙකෝර්ඩ් කරනවා සැමි ඒක සැක්ට හොරෙන්
යුටියූබ් දානවා ඒ සිංදුවේ නම “CLOUDS” ඉතින් ඒ සිංදුව නිසා මේ දෙන්නා ගොඩක් ජනප්‍රිය වෙනවා
ඉතින් සැක්ට මැරෙන්න කලින් ආසාවන් තුනක් තියෙනවා එකක් උපාධියක් ගන්න කන් ජීවත්වෙන එකයි,කොලේජ් එකකට යාගන්න පුළුවන් වෙන එකයි,ප්‍රොම් එකේ එයා වෙනුවෙන් ලොකු කොන්සට් එකක් කරන එකයි.ඉතින් මම දැන් මෙයාට ඒවා හම්බෙන්නේ කොහොමද අරවා මේවා කියන්න යන්න නැහැ,ඉතින් ඒ ඔක්කොම දැනගන්න මං ආරාධනා කරනවා මේ ලස්සනම ලස්සන ආදරණීය
කතාව නරඹන්න කියලා,ඉතින් අපි තවත් උපසිරැසියකින් හෙට මුණගැහෙමු ඉතින් අතුරුගිරි පැත්තේ එනවනම් විතරක් ඉෂාන් කොම් එකට ගොඩවෙන්න කියලත් කියනවා,සුබ දවසක්!!!
ජයවේවා!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Sinhala subtitles ekata thanks you bro 💚
Beautiful movie..!! ❤️