Monday , August 3 2026

Flight (2021) Sinhala Subtitles | දිවි ගලවාගැනීමේ පියාසැරිය! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Flight (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.1/10

Stars :  Mohit Chadha, Ishita Sharma, Pawan Malhotra

Language :  Hindi

Director :  Suraj Joshi

2021 අප්‍රේල් මාසේ තිරඟත වුන වගේම නොවැම්බර් මාසේ අන්තර්ජාලයට පිටපතක් නිකුත් කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ.. මේක දෙන්න කියලා ඉල්ලිම් කිහිපයක්ම තිබ්බ නිසා තමයි ඉතින් සබ් එක කරලා අරන් ආවේ.. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ සුරාජ් ජෝෂි විසින්.. ප්‍ර‍ධාන චරිත ලෙස Mohit Chadda,Pavan Malhotra
,Zakir Hussain හා Shibani Bedi රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම චිත්‍ර‍පටිය ආරම්භ වෙන්නේම ගුවන් අනතුරකින්.. මේ අනතුර නිසා මේ යානාවේ ගමන් ගත් මගින් 225න් 100කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා. මේ ගුවන් යානාව අයිති සමාගම තමයි අදිත්‍ය එවියේෂන් කියන්නේ. රන්වීර් කියන්නේ අදිත්‍ය එවියේෂන් එකේ පාලනය කරන කෙනා. තමන්ගේ පියා නැති උනාට පස්සේ ඔහු තමයි මේ ආයතනය පාලනය කරන්නේ. කොහොම හරි රන්වීර් හොයාගන්නවා තමන්ගේ කම්පැනියේ ගුවන් යානාවේ දෝෂයක් නිසා තමයි මේ විදියට ගුවන් යානාව කඩා වැටුනේ කියලා. ඒක බ්ලැක් බොක්ස් එකේ අවසන් හඩ පට වල පවා සදහන් වෙනවා. රන්වීර් මේ වැරැද්ද තමන්ගේ කම්පැනි එකේ කියලා පිලිගන්න ලැස්ති උනත් අදිත්‍ය එවියේෂන් එකට ආයෝජනය කරන ව්‍යාපාරිකයන් නම් මේකට කැමැති වෙන්නේ නැහැ. මොකද මේකෙන් එන නරක නාමය නිසා ව්‍යාපාරය බංකොලොත්වේවි කියලා. නමුත් රන්වීර් නම් කියන්නේම ඇත්ත පිලිගන්න ඕනි කියලා. කොහොම හරි රන්වීර් මේ ගැන තියන රැස්විමක් වෙනුවෙන් ඉන්දියාවේ ඉදලා ඩුබායි වෙනකම් තමන්ගේ පෞද්ගලික ජෙට් යානාවේ යන්න පිටත් වෙනවා. කොහොම හරි ගමන ආරම්භ කරද්දි ඔහු ටිකක් ගිමන් හරින්න කියලා නිදාගන්නවා. ඇහැරිලා බලද්දි ඔහු දකින දෙයින් තමයි පුදුමයට පත්වෙන්නේ. ගුවන් යානාවේ සේවකයන් සේරම මරලා දාලා. තමන් විතරක් මේ යානාවේ පට පිටින් ඉන්නවා. කවුද මේක කරන්න ඇත්තේ? රන්වීර් තනියම මේ යානාවේ දිවි ගලවා ගනිවිද? ප්ලේන් එකක් පදවන්න කිසිම දෙයක් නොදන්න රන්වීර් යානාව පාලනය කරගන්නේ කොහොමද? ඒ අස්සේ යානාවේ පිපිරිමකුත් වෙනවා. මේ හැම එකෙන්ම රන්වීර් දිවි ගලවා ගන්නේ කොහොමද කියලා බලන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා. කොහොමත් 2022දි මෙහි දෙවැනි කොටස එනවා කියලා තියනවා. මොකද චිත්‍ර‍පටිය නවතින තැනින් තව එකක් එන්නම ඕනි නිසා. එහෙනම් බලන්නකෝ අපි ගියා.

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *