Year : 2020
IMDB Rate : 6.1/10
Stars : Liam Neeson, Kate Walsh, Jai Courtney
Language : English
Director : Mark Williams
කොහොමද කට්ටිය අද අරන් ආවෙ උණු උණුවෙන්ම රිලීස් වුණ සුපිරිම සුපිරි ෆිල්ම් එකක්. Taken, Non-Stop, The Gray වගේ සුපිරි ෆිල්ම් වලින් දකින්න ලැබුණු Liam Neeson තමයි ප්‍රධාන නළුවා විදියට රංගනයෙ යෙදෙන්නෙ. Kate Walsh, Jai Courtney, Jeffrey Donovan, Robert Patrick වගේ අති සුපිරි නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටියෙ බලාගන්න පුළුවන්. මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Crime, Drama ඝනයට.. ඒ වගේම IMDB දර්ශකයේ මේ වෙනකොට 6.1ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
ෆිල්ම් එකේ කතාව ගැන බැලුවොත් Tom Dolan එහෙමත් නැත්නම් ප්‍රධාන චරිතෙ නම ගිය බැංකු මංකොල්ලකාරයෙක්, ඒ වගේම විශ්‍රාමික නේවි සීල් භටයෙක්. ඉතින් මෙයා බැංකු මංකොල්ලකන්නෙ දිළිඳු මිනිස්සුන්ට රජයෙන්, බැංකු වලින් වගේ රාජ්‍ය ආයතන වලින් වෙන අසාධාරනකම් වලට පලිගැනීමක් විදියට. මෙයාගෙ තාත්තා ජල නල කාර්මිකයෙක්ව වැඩ කරන කාලෙදි මෙයාගෙ තාත්තටත් මේ අසාධාරණකම් වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. ඒකට පලිගැනීමක් විදියට මෙයා මේ බැංකු මංකොල්ලකෑවත්, මේ කොල්ලකාපු මුදල් වලින් සතයක්වත් වියදම් කරන්නෙ නෑ.. ඉතින් මෙයා මේ විදියට ජීවත් වෙනකොට මෙයාට දවසක් අපූරු කාන්තාවක් මුණගැහෙනවා.. ඉතින් මේ කාන්තාව මේ මංකොල්ලකාරයගෙ මුළු ජීවිතේම වෙනස් කරනවා. ඒත් ටොම්ට එයා මංකොල්ලකාරයෙක් කියන රහස කේට්ගෙන් (එයාට හමුවුන කාන්තාව) හංගගෙන ඉන්න එක හිතට ලොකු අසහනයක්, වැරදි හැඟීමක් අරන් එනවා. ඒ නිසා මෙයා තීරණය කරනවා. මේ ගැන FBI එකට කියල තමබ්ම භාර වෙන්න, ඒ වගේම මෙයා හොරකම් කරපු සල්ලිත් නැවත භාර දීලා, ඒ වෙනුවට මෙයා මෙයාට හොඳ ජීවිතයක් ගත කරන්න ඉල්ලනවා.. ඒත් මෙයාගෙ සල්ලි දකින FBI නියෝජිතයින් දෙදෙනෙක් කරන වැඩෙන් මෙයාගෙ මුළු ජීවිතේම උඩු යටිකුරු වෙනවා. ඉතින් ටොම්ට එයාගෙ ආදරේ නැති වෙයිද? එයා මෙච්චර කල් හොරකම් කරපු සල්ලි එක තත්පරෙන් නැති වෙලා යයිද? මේ සේරටම පිළිතුරු දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා. එහෙනම් තවත් මේ වගේම සුපිරිම චිත්‍රපටියකින් හමුවෙමු, එතකන් හැමෝටම ජය!!
720p Links
1080p Links
මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for PSArips………….!
…… and .srt subs.
සුපිරියක් තමා.. 😉
ශිට් කියන්න වශන නැ ඉයේ සිංහල උපසිරස දෙන සයිට් කිපයේම බැලුවා මෙක තව වැටිලද කියල … සිරාවටම හිතාගත්ත අනිවාර්යයෙන් මෙහෙන් දෙයි කියල .. අද බල්ද්දි මෙන්න බාන්ඩෙ බස්සල..😍😍💚
Thanks brothers !!!!!
අනිවා තව සුපිරි ෆිල්ම් ගොඩක් ඉස්සරහට දෙනවා.. 😊
Psarips wala honda aluth ewa
nitharama danawa…..thanks..
ඇත්තටම, අනිත් සයිට් වලට වැඩිය ඉක්මනට සබ් දෙනවා. වටිනවා, ඔයාලගෙ උත්සහය අගය කරනවා !