Saturday , April 13 2024
DON'T MISS

Interstellar (2014) Sinhala Subtitles | ලොව සුපිරිම විද්‍යා ප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Interstellar (2014) Sinhala Subtitles

Year :  2014

IMDB Rate :  8.6/10

Stars :  Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain

Language :  English

Director :  Christopher Nolan

Interstellar දෙන පණිවිඩය කුමක්ද

Interstellar චිත්‍රපටය ගැන ඒකෙ වෙන්නෙ මොකක්ද කියන එක පැහැදිලි කරල ඕන තරම් ලිපි මේ සමූහයේ පළවෙලා තියෙන නිසා ඒ ගැන කතා නොකර වෙනස්ම පැත්තක් ගැනයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඇත්තටම Interstellar කියන්නෙ තරු අතර පවතින කියන එක (situated between stars). මේක නාම විශේෂණයක්. තනි වචනයක් තියෙන චිත්‍රපටයක නමට සාමාන්‍යයෙන් නාම විශේෂණ පාවිච්චි වෙනව අඩුයි. නාම පද තමයි පාවිච්චි වෙන්නෙ. ගොඩක් චිත්‍රපටවල විද්‍යාව ගැන කතා කරන්නෙ ධනාත්මක අදහසකින් නෙමේ. භයානක පරියේෂණ කරන සල්ලි, ජනප්‍රියත්වය සහ බලය පස්සෙ දුවන හරිම දුෂ්ට Frankenstein වගේ චරිත තමයි විද්‍යාඥයො කියල අපිට පෙන්නන්නෙ. මේකට හේතුව ගොඩක් දුරට චිත්‍රපට තිර රචනයට සම්බන්ධ උදවිය කලාවට බර විද්‍යාව නොදන්න අය වීම වෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් ගැන හොඳක් කියනව නම් ඒ චරිතාපදානයක (biography) තමයි. ඒ වගේම අනාගතයේදී විද්‍යාව නිසා වෙන විනාශය ගැන හැදෙන චිත්‍රපටත් සෑහෙන්න ජනප්‍රියයි (used future). කොහොම නමුත් Christopher Nolan මේ සම්ප්‍රදායෙන් පිට පනිමින් ගැටළුව තිබෙන්නේ විද්‍යාවේ නොවන බවත් එය භාවිතා කරන මිනිසාගේ බවත් ඇතිවුණු ප්‍රශ්නවලට විද්‍යාවෙන්ම විසඳුම් සොයාගැනීමට හැකියාව තිබෙන බවත් පෙන්වන්න උත්සාහ කරනව. NASA ආයතනයේ හිටපු ගගණගාමියෙක් වුනු Cooper (Matthew McConaughey) ගොවියෙක් විදිහට ජිවත්වුණත් ඔහුගේ දැනුම හැමවිටම ජීවිතය පහසු කරගැනීමට පාවිච්චි කරන විද්‍යාව ගැන හැමවිටම විශ්වාසයෙන් සිටින මනුස්සයෙක්. පහත දෙබස නිදසුනකට ගමු.
Ms Hanley – මර්ෆ් දක්ෂ ළමයෙක්. ඒ වුනාට එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනව…. (හැන්ලි මේසය මත පොතක් තබමින්)…. එයා මේ පොත ගෙනාව ඉස්කෝලෙට ඒකෙ හඳ ගමන තියෙන කොටස අනිත් ළමයින්ට පෙන්නුව.
Cooper – ඔව් ඒක මගේ පරණ අච්චු පොතක්. එයා පින්තුර වලට කැමතියි.
Ms Hanley – මේක පරණ ෆෙඩරල් අච්චු පොතක්. අපි ඒක අලුත් ඒවායින් නිවැරැදි කරල තියෙන්නෙ.
Cooper – නිවැරදි කරල ?
Ms Hanley – ඇපලෝ මෙහෙයුම් කියන්නෙ බොරුවක් සෝවියට් සංගමය බංකොලොත් කිරීමට කරපු.
Cooper – එතකොට ඔයා විශ්වාස කරන්නෙ නෑ අපි හඳට ගියා කියල.
Ms Hanley – (ඉවසිලිවන්ත සිනාවක් නගමින්) මං හිතන්නෙ ඒක හොඳ දක්ෂ කුමන්ත්‍රණයක්. රුසියානුවො බංකොලොත් වුණා රොකට් සහ අනිත් වැඩකට නැති යන්ත්‍රවලට සම්පත් යොදවල.
Cooper – වැඩකට නැති යන්ත්‍ර ?
Ms Hanley – ඔව් කුපර් මහත්මයා අපිට විසිවෙනි සියවසේ වෙච්ච නාස්තිය ආපහු වෙන එක වලක්වන්න නම් ළමයින්ට උගන්වන්න ඕන මේ ග්‍රහලෝකේ ගැන. ඒක අතහැරල යන එක ගැන නෙමේ.
Cooper – (තරමක නිහැඬියාවකින් පසු හැන්ලි දෙස බලමින්) ඉස්සර හදපු ඔය වගේ වැඩකට නැති යන්ත්‍රයක් තමයි MRI එක. අපිට ඒවා එකක් හරි ඉතුරුවෙලා තිබ්බ නම් ඩොක්ටර්ස්ලට මගේ වයිෆ්ගෙ මොලේ ගෙඩිය හඳුනාගෙන ප්‍රතිකාර කරන්න තිබ්බ එයා මැරෙන්න කලින්. එහෙම නම් එයා තමයි මේ පුටුවෙ ඉඳන් ඉන්නෙ. එහෙම වුනානම් හොඳයි. මොකද එයා මට වඩා සන්සුන්.
මේ දෙබසෙන් Nolan විද්‍යා විරෝධියොන්ට වගේම අභ්‍යවකාශ ගමන් වලට විරෝධය දක්වන්නන්ට කනේ පාරක් දෙනව. ඒ වගේම විද්‍යාව නිසා ලැබුණු අපිට වැදගත් උපකරණයක් ගැන මතක් කිරීමක් කරනව. මේ වගේ එදිනෙදා ජිවිතයට වැදගත් උපකරණ ගොඩක් අභ්‍යවකාශ මෙහෙයුම් වලින් අපිට ලැබිල තියෙනව. NASA spinoff technologies කියල google කරල බලන්න. MRI එක නම් කෙලින්ම NASA spinoff එකක් කියල සලකන්නෙ නැති වුනත් එකත් NASA වෙනුවෙන් වැඩකරන ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ (The Jet Propulsion Laboratory) නිර්මාණයක්. ඒ වගේම ළමයෙකුගේ දැනුම කෙරෙහි රජයේ අධ්‍යපනයේ සහ පෙළපොත් වල බලපෑම ගැන නිදසුනකුත් මේකෙ තියෙනව. මේ වගේ රජය තමන්ගේ මතවාද පැතිරවීම සඳහා පෙළපොත් වලට වැරදි සංකල්ප ඇතුලත් කිරීම සෝවියට් සමුහාණ්ඩුව තියෙන කාලෙ වගේම ඉස්සර චීනයේ ජයටම කෙරුන දෙයක්. අවසානයේ ඔවුන්ටත් සිද්ධවෙලා තියෙනවා ඇත්ත උගන්වන්න. නමුත් තාමත් මේ වගේ ප්‍රොපගැන්ඩා විවිධ රටවල ක්‍රියාත්මක වෙනව. අවසානයේදී මනුෂ්‍ය වර්ගයා බේරාගැනීමට ගොවියෙක් විදිහට ජීවත් වුන Cooper ට වටිනා අවස්ථාවක් ලැබෙනව විද්‍යාවේ අනුහසින්. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න Cooper දුෂ්ට විද්‍යාඥයෙක් වෙනුවට ජනප්‍රිය වීරයෙක් කරමින් අභ්‍යවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව සහ පොදුවේ විද්‍යාව හා තාක්ෂණවේදය ගැන ආසාවක් සහ උනන්දුවක් තරුණ තරුණියන්ට ඇති කරවන්න Nolan සමත් වෙනව. ඒ නිසා Interstellar කියන්නෙ නිකන්ම නිකන් විද්‍යා ප්‍රබන්ධයකට වඩා විද්‍යා අධ්‍යාපනය සහ එහි අනාගතය වගේ සමාජීය කාලීන මාතෘකා ගැන කතා කරන නිර්මාණයක්.

– Sudam Dineetha Kaluarachchi

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Monster Mash (2024) Sinhala Subtitles | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.? .. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  3.4/10 Starring: Ethan Daniel Corbett,Michelle Bauer,Anna DeRusso Language : English …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *