Tuesday , June 23 2026
DON'T MISS

Jupiter’s Legacy (2021-) [S01: E01] Sinhala Subtitles | පුරාවෘතයක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Jupiter's Legacy (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021 –

IMDB Rate :  6.9/10

Stars :   Josh Duhamel, Ben Daniels, Leslie Bibb

Language :  English

Director :   Steven S. DeKnight

ඔන්න එහෙනම් මේ දවස් වල දර්ශක අතර ඉහළින්ම වැජඹෙන සුපර් හීරෝ කැටගරියට අයිති වෙන ටීවී සීරිස් එකකට උපසිරැසි අරන් එන්නයි මේ සූදානම.
මේකේ කතාව ගැන මන් කියනවටත් වඩා, ඉතා දක්ෂ වගේම ජනප්‍රිය යූටියුබ්කරුවෙක් වෙන ශෙනාල් ගුණසේකර සහෝදරයා මේ කතාව ගැන අපූරු විචාරයක් කරලා තිබ්බා.

“සුපර් හීරෝ කතන්දර වලට වෙනස් අප්‍රෝච් එකක් දෙන්න හිතාගෙන දැන් වැඩ කිහිපයක්ම සිද්ධ වෙනවා. ඒ අතරට තමයි නෙට්ෆ්ලික්ස් එකෙන් ‘Jupiter’s Legacy’ රිලීස් කරන්නේ. ඉමේජ් කොමික්ස්ලාගේ ග්‍රැෆික් නවල් සීරීස් එකකින් හදපු ජුපිට’ස් ලෙගසි ආව ගමන්ම බැලුවේ බලන්න ආස වෙන විදිහට ට්‍රේල එක හොඳට කපලා තිබ්බ නිසා.

ස්පොයිල් නොවෙන්න සරලවම කිවුවොත් මෙතන තියෙන්නේ සුප’හීරෝස්ලාගේ කතාවක්. වැඩිහිටි සුප’හීරෝස්ලා හයදෙනෙක්ගේ යුනියන් එකක් තියෙනවා. මේ කතාවේ හැටියට ඒ අය තමයි ලෝකේ මුල්ම සුප’හීරෝස්ලා. දැන් ඒගොල්ලෝ පෙන්ෂන් යන කාලේ. ඒගොල්ලන්ගේ ළමයි සහ යූත් එක දැන් සුප’හීරෝ සීන් එකට බැහැලා. එතකොට ඉස්සර වැඩිහිටි සුප’හීරෝස්ලාට තිබ්බ ධර්මතා එක්ක අද කාලේ ලෝකෙ පරිස්සම් කරන්න අමාරුයි. මෙන්න මේ ජෙනරේෂන් ගැප් එකයි පවුල් ප්‍රශ්නයි ධර්මතා ගැටලුයි හීරෝ සහ විලන් ෆයිට්ස් එක්කයි යන සීරිස් එකක් තමයි ‘ජුපිට’ස් ලෙගසි’.

අද කාලේ අලුත් සුප’හීරෝ කතාවක් හදනකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ අයගේ සුප’ පව’ස්. මේන්ස්ට්‍රීම් සුප’හීරෝස්ලා අපිට කල්ප කාලාන්තරයක් තිස්සේ හුරුපුරුදු නිසා අපි දැන් එකම පව’ස් ටික ආයෙ ආයෙත් දැකලයි තියෙන්නේ. පියාඹන එක, ඇඟේ හයිය හත්තිය තියෙන එක, වේගෙන් දුවන එක, ඇස්වලින් ලේස බීම්ස් යවන එක, හිත් කියවන එක, බිත්ති අස්සෙන් යන එක, ශේප් ශිෆ්ටිං, මේ වගේ හුඟක් සුප’ පව’ස් දැන් අපිට හුරුයි. ඒ වගේම ඒවා එක්ක ඒ ඒ කැරැක්ට’ස් අපේ ඔලුවේ රෙජිස්‍ට වෙලා ඉන්නේ. එහෙම තත්ත්වයක් උඩ අපි කොහොමද අලුත් සුප’හීරෝ කෙනෙක් අලුත් ප්ලොට් එකකින් මිනිස්සුන්ට මතක හිතෙන විදිහට දෙන්නේ කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒක කඩාගත්ත හොඳම වැඩක් තමයි ඇමසෝන් එකෙන් කරපු ‘The Boys‘ සීරීස් එක. පව’ස් තියෙන මිනිස්සු ලෝකෙට පේන්න හිනාවෙලා පපුව පුම්බං හිටියට, හිත් අස්සේ කුණු තියාගෙන තමන්ගේ පව’ස් අවභාවිතා කරන හැටි, ඒක බිස්නස් එකක් කරගන්න හැටි, පොලිටික්ස් කතන්දරේකුත් එක්ක අමුණලා, අපි මෙච්චර කල් සුප’හීරෝස්ලා ගැන හිතේ මවාගත්ත හැම ආතල් එකක්ම උස්සලා පොළේ ගහන්න ‘බෝයිස්’ එකට පුළුවන් වුණා. ඒකෙත් තියෙන්නේ එකම සුප’ පව’ස් ටික තමයි. නමුත් ඒ ප්ලොට් එක සැරයි. ඒ නිසා එපාවීමක් නෑ. ‘බෝයිස්’ එක්ක බලද්දී ‘ජුපිට’ස් ලෙගසි’ තියෙන්නේ ගව්ගාණක් පිටිපස්සේ.

‘ජුපිට’ස් ලෙගසි’ එකේ රියල් විලන් කවුද කියන එක නං මුල එපිසෝඩ් එක බලද්දිම තේරුණා. මැදක් හරියෙදි ඒක එහෙම නෙවෙයිද කියලා පොඩි සැකයත් ආවත් සීසන් ෆිනාලේ එකෙන් වැඩේ කන්ෆ’ම් වුණා. ඒ නිසා ඒකේ එච්චරම කික් එකක් නෑ.

සුප’හීරෝස්ලාගේ ළමයින්ට ජානවලින් පව’ස් එන්න පුළුවන්. නමුත් කතාව පුරා තව තව අලුත් කොල්ලෝ කෙල්ලෝ එනවා අහඹු ලෙස පව’ස් පත්තු වුණු අය. මේ ප්ලොට් එකේ හැටියට පිට මිනිස්සුන්ට කොහොමද පව’ස් ආවේ කියන එක ප්‍රශ්නයක්, මොකද සීරීස් එක බැලුවම තේරෙයි මුල හයදෙනාට පව’ස් එන්නේ මොනතරම් දුක්ඛිත සිද්ධි සීරීස් එකකට පස්සෙද කියලා. එහෙම ගත්තාම ඒගොල්ලන්ට රිලේට් නොවන අයට පව’ස් එන්න විදිහක් නෑ. සමහරවිට ඊළඟ සීසන් එකේදී ඒකට උත්තරයක් තියෙයි.

උත්තරයක් ලැබෙන්නේ නැතුව මිස් වුණු තැන් ගොඩක් සීරීස් එක බලලා ඉවර වුණාම මතක් වෙනවා. ඒවා ඊළඟ සීසන් එකට ඉතුරු කරගත්‍ත ලින්ක්ස්. නමුත් සමස්ථයක් වශයෙන් ‘ජුපිට’ස් ලෙගසි’ වැඩේ අල්ලගන්න හිතෙන තැන් කිහිපයක්ම කතාව පුරා තියෙනවා. ඇනිමේෂන් සහ ඉෆෙක්ට්ස් පැත්ත, වෙබ් සීරීස් එකක් විදිහට ගත්‍තාම ඉතාම හොඳ ලෙවල් එකක තියෙනවා. වර්තමාන ප්ලොට් එක යන ගමන් බැක්ස්ටෝරි එකකුත් පෙන්නන එක ඔලුවට වදයක් වෙන්නැති විදිහට එකතු කරලා තියෙන විදිහත් හොඳයි. කැරැක්ට’ස් අතින් ගත්තහම කතාවේ මේන් හීරෝ යූටෝපියන්, එයාගේ යාලුවා ජෝජ් සහ යූටෝපියන්ගේ දුව ක්ලෝයී කියන කැරැක්ට’ස් ටික කතාව දුවන්න ලොකු වැඩ කොටසක් කරනවා.

බලලා නැත්තං බලන්න. හිතපු තරම් එච්චරම ලොකු සීන් එකක් නෑ. මැද්දේ සමහර තැන් ටිකක් ඇදෙනවා වගේ. හැබැයි ෂේප් එකේ බලන්න පුළුවන්. මං හිතනවා කොමික් එක මීට වඩා ආතල් ඇති කියලා.”

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *