Year : 2021
IMDB Rate : 6.5/10
Stars : Noomi Rapace, Hilmir Snær Guðnason, Björn Hlynur Haraldsson
Language : Icelandic
Director : Valdimar Jóhannsson
අපේ කණ්ඩායම නිතරම උත්සාහ කරන්නෙ අන්තර්ජාතික සිනමා ලෝකය පුරාම ඔයාලව එක්ක යන්න. ඒ අනුව අපි ඔයාලට ගෙනාවා පසුගිය 2021 සැප්තැම්බර් 24 දින අයිස්ලන්තයේදී තිරගත කිරීම ආරම්භ කල තවත් අපූර්වතම අයිස්ලන්ත සිනමා නිර්මාණයක්. ඒ තමයි Lamb. ‘බැටළු පැටියා’ කියන තේරුම. මේකෙ අයිස්ලන්ත නම Dýrið. ඒ කියන්නෙ “සතා” කියන තේරුම. භාෂාවත් අයිස්ලන්ත. මිනිත්තු 106 ක් පුරාවට දිග හැරෙන Drama, Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මුලින්ම තිරගත කිරීමක් කරල තියෙන්නෙ 2021 ජුලි 13 දින, ප්‍රංශයේ පැවති 2021 Cannes Film Festival සම්මාන උළෙලදි. හොලිවුඩ්හී පැවැත්වෙන 94th Academy Awards සම්මාන උළෙලේ Best International Feature Film අංශය සඳහා අයිස්ලන්තය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේද මේ චිත්‍රපටයයි. 2021 ඔක්තෝබර් 8 දින ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය ඇරැඹි Lamb, සිනමා ශාලා 583 ක තිරගත කරමින් පළමු සති අන්තයේම හත් වෙනි තැනට පත්වෙමින්, ඇ.ඩො.මිලියන 1 ක බොක්ස් ඔෆීස් ආදායමක් වාර්තා කරගෙන ඇත්තේ, එදා මෙදා තුර අයිස්ලන්ත සිනමා පටයක් ඇමරිකාව තුලදී පළමු සති අන්තය තුල උපයාගත් ඉහළම ආදායම ලෙසට වාර්තා පොත් අතරට එක්වෙමින්. උපයාගත් සමස්ත බොක්ස් ඔෆීස් අදායම ඇ.ඩො.මි. 2.7 ක් ලෙසයි වාර්තා වෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ දක්ෂ, ජනප්‍රිය ස්වීඩන් රංගන ශීල්පිනියක් වන Noomi Rapace. ඇයව ඔයාලට මතක ඇති The Girl with the Dragon Tattoo [2009], Close [2019] සහ The Trip / I onde dager [2021] යන නිර්මාණ වලින් මතක හිටින රංගනයන් ඉදිරිපත් කලා. ඇය මෙහි මරියාගෙ චරිතයට පණපොවන අතර අනෙක් චරිත වලට Hilmir Snær Guðnason (ඉන්ග්වාර්) සහ Björn Hlynur Haraldsson (පීතූර්) යන ශීල්පින් එකතු වෙනවා. නූමි කුඩා කාලයේ අයිස්ලන්තයේ ජීවත්වී ඇති අතර ඇය අයිස්ලන්ත භාෂාව කතා කරන ප්‍රථම චිත්‍රපටය හැටියටයි සඳහන් වෙන්නෙ.
හරි කතාව දෙසට හැරෙමු. මරියා සහ ඉන්ග්වාර් කියන්නෙ අයිස්ලන්තයේ පිටිසර කඳුකර ප්‍රදේශයක ගොවිපළක් පවත්වාගෙන යන අඹුසැමි යුවළක්. මෙයාලට ළමයි නෑ. එක පාරක් බබෙක් ලැබෙන්න ඉඳලත්, මළ දරුවෙක් තමයි ලැබිල තියෙන්නෙ. මෙයාලගෙ ඉන්නවා බැටළු රැළක්. එක පාරක් මේ රැළේ බැටළු පැටියෙක් උපත ලබනවා. හිතාගන්නවත් බැරි විදිහේ අසාමාන්‍ය බැටළු පැටියෙක්. ඉතින් මේ දෙමාල්ලො දෙන්නා, මේ පැටියව එයාළගෙ ගෙදරට ගෙනත් එයාලගෙ ළමයෙක් වගේ හදාගන්නවා. එයාට දාන්නෙත් එයාලගෙ මැරුණු දරුවට දාපු “ආදා” කියන නම. එයාල ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. එයාල හිතන්නෙ ආදා, එයාලගෙ ජීවිතේට ලැබුනු තෑග්ගක් කියල. ඒත් ඒක එහෙමම වෙයිද? ඒ වගේම මේ චිත්‍රපටයෙන් අම්මල දෙන්නෙකුගෙ අනුවේදනීය මව් සෙනෙහසක් ඔයාලගෙ හදවත මොහොතකට හෝ සසල කරාවි. ඉතින් මේ ලස්සන නිර්මාණය බලන්න කියලා ආරාධනය කරනවා. තප්පර 50 ක විතර පොඩි සෙක්ස් කෑල්ලක් තියෙනවා. අපරාදෙ. නැත්නම් ළමයින්ටත් බලන්න තිබුනා.
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip All links
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Woh supiriyk tm. Thnq Bro. Bs