Friday , March 29 2024
DON'T MISS

My First Client (2019) Sinhala Subtitles | අභිරහස් පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

My First Client (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.3/10

Stars :  Dong-hwi Lee, Seon Yu, Myung-Bin Choi

Language :  English

Director :  #

මගේ මුල්ම උපසිරැසිය විදිහට අරගෙන ආවේ කොරියන් ෆිල්ම් එකක්.. ෆිල්ම් එකේ නම තමයි My First Client (2019), 2013 දී සිදු වූ සත්‍ය ,සත්‍ය කතාවක් ඇසුරෙන් නිමවූ මේක අයිති වෙන්නේ crime/Drama කියන කාණ්ඩයට. මේකේ රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Kyu-sung Jang කියන අධ්‍යක්ෂකවරයා.

අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු..
ජුන්ග් යූප් කියන්නේ සෝල්හි නීති සමාගමක නීතිඥයෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන කෙනෙක්. ඔහු ඉන්නේ කුඩා නගරයක නිසා ඒක එතරම් පහසු නෑ. මේ අතර ඔහු ගමේ ළමා සුභසාධන මධ්‍යස්ථානයක වැඩ ආරම්භ කරනවා. ඔහු ළමා සුභසාධන මධ්‍යස්ථානයේ සිට සම සේවකයෙකු සමඟ පොලිසියට ගොස් 10 හැවිරිදි ඩා බින් හමු වෙනවා. තම සුළු මව වන ජි සූක් තමාගේ ගෙල සිර කළ බව දැරිය පොලිසියට වාර්තා කළ නමුත් ජුන්ග් යූප්ට කළ හැකි කිසිවක් නැති අතර, ඩා බින්ව නැවත ඇගේ පවුල වෙත භාර කරනවා. ඩා බින් සහ ඇගේ 7 හැවිරිදි සහෝදර මින් ජූන් දිනපතා ළමා සුභසාධන මධ්‍යස්ථානයේ ජුන්ග් යූප් හමු වෙනවා. ඔහු තම රැකියාව කරගෙන යාමට, ළමයින් සමඟ කාලය ගත කිරීමට උත්සහ කරනවා. මෙම දරුවන් කුඩම්මා විසින් අපයෝජනයට ලක් කරන බව ජුන්ග් යූප් දන්නා නමුත්, ඒ ගැන කිසිවක් කරන්න පුළුවන් කමක් නෑ. ටික දිනකින් ජුන්ග් යූප්ට දැනගන්න ලැබෙනවා ඔහුව සෝල්හි නීති ආයතනයක් විසින් බඳවාගෙන ඇති බව. ඩා-බින් සහ මින්-ජුන් ගෙන් සමු නොගෙන ඔහු සෝල් බලා යනවා. ටික දවසකින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා
ඩා- බින් ඇගේ බාල සොහොයුරා වන මින් ජුන් මරා දමා ඇති බවට.

ඩා බින් එහෙම කලේ ඇයි කියලා ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්න..

එහෙනම් තවත් ෆිල්ම් එකක සිංහල උපසිරැසියකින් හමුවෙමු..
හැමෝටම බුදු සරණයි.

මම අසේල රත්නායක
[email protected]

Check Also

Operation Valentine (2024) Sinhala Subtitles | වැලන්ටයින් මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  5.1/10 Stars :  Varun Tej, Manushi Chhillar, Navdeep Language :  Telugu …

8 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:
    Escape from Mogadishu (2021) – IMDb

  2. Good job brother
    Aruna

  3. thanks for subtitle

  4. nishani wijesingha

    Thnks for subtitle ❤️

  5. Thanks Brother….🥰😘😘

  6. Thanks for subtitles

    requests:-

    The Last House on the Left (2009)
    arlington road (1999)
    The Devil’s Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)
    K Pax (2001)
    The Lincoln Lawyer (2011)
    five fingers (2006)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *