Year : 2003
IMDB Rate : 6.6/10
Stars : Bruce Willis, Cole Hauser, Monica Bellucci
Language : English
Director : Antoine Fuqua
අද මම අරගෙන ආවේ ලෝකෙ බිහි වුණ හොඳම යුද්ධ චිත්‍රපටයක්. මේක මම හුඟ කාලෙකට කලින් කරපු සබ් එකක්, චූටි චූටි අඩු පාඩු තිබුණොත් ගනන් ගන්න එපා. මේකෙ ප්‍රධාන චරිතයට රඟපාන්නෙ සුපිරි නළු Bruce Willis ඒ වගේම සුපිරි නිළි Monica Bellucci සහ Cole Hauser යන අයත් දැකගන්න පුළුවන්. Votes 118000කට අධික ගාණකින් IMDB දර්ශකයේ 6.6ක අගයක් මේ චිත්‍රපටියට ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ගොඩක් සංවේදී සහ අමානුෂික දර්ශන ඇතුළත් වෙනවා. ඒක නිසා මේක වැඩිහිටි අය විතරක් බැලුවොත් හොඳයි. ඒ වගේම මේක හොඳට වියදම් කරලා හදපු ෆිල්ම් එකක් ඉතින් ඔයාලට ඇත්තම යුද්ධෙක වගේම බ්ලාස්ට් එහෙම මේකෙ බලාගන්න පුළුවන්. 2003 හදපු ෆිල්ම් එකක් කියල හිතාගන්නවත් බෑ. මම බලපු හොඳටම හදල තියෙන War ෆිල්ම් එකක් තමයි මේක.
ෆිල්ම් එකේ කතාව ගැන බැලුවොත් මේකෙ යන්නෙ මනුස්සකම පාදක වෙච්ච කතාවක්. දකුණු අප්‍රිකාවෙ එක කැලෑබද ප්‍රදේශයක ඉන්න වෙනත් ආගමක් අදහන මිනිස්සුන්ව, නයිජීරියානු හමුදාව විසින් ගොඩක් අමානුෂික විදිහට වද හින්සා කරලා, දූෂණය කරලා මරල දානවා. පොඩි ළමයින්ව පවා. ඉතින් මේ කාලෙදි ඇමරිකාවේ වෛද්‍යවරියක් මේ මිනිස්සුන්ට උපකාර කරන්න ස්වේච්ඡාවෙන් මේ ප්‍රදේශයට ඇවිත් ඉන්නවා. ඉතින් මේ නයිජීරියානු පහරදීම් ඉතාමත්ම උත්සන්න තත්ත්වයකට පත් වෙනවා. ඉතිම් මේ වෛද්‍යවරියව බේරගන්න ඇමරිකානු හමුදාවෙන් ලුතිනන් ඒ.කේ. වෝටර්ස් ඇතුළුව සොල්දාදුවන් හය දෙනෙක් පිටත් කරනවා. ඒත් මේ වෛද්‍යවරිය ඒ අසරණ මිනිස්සුන්ව එහෙ තනි කරලා එන්න නම් කැමති වෙන්නෙ නෑ.. ඊටපස්සෙ මේ හමුදා කණ්ඩායමයි අර මිනිස්සුයි, වෛද්‍යවරියයි මහ කැලේ මැද්දෙන් නයිජීරියන් කාරයින්ට හොරෙන්. හෙලිකොප්ටර් එකට ගොඩ වෙන්න වෙන භූමියකට යනවා.. ඉතින් මේ ගමන නම් ලේසි පහසු වෙන්නෙ නෑ.. සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය කරපු ගොඩක්ම සංවේදී කතාවක් මේක. ඉතින් මිස් කරගන්න එපා මේක නම්, ඔයා ජීවිතේටම බලන හොඳම ෆිල්ම් එකක් වෙයි මෙක අනිවාරෙන්ම. එහෙනම් ඊළඟට The Guilty ෆිල්ම් එකෙන් හම්බෙමු.. ජය!
1.0GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]