Year : 2020
IMDB Rate : 5.4/10
Stars : Anne Hathaway, Octavia Spencer, Stanley Tucci
Language : English
Director : Robert Zemeckis
ආයුබෝවන් කියලා ඉතින් මං අද මේ කොරෝනා උග්‍ර වන අස්සේ මම මගේ 100 වෙනි උපසිරැසි ගැන්වීමත් අරන් ආවා ඉතින් මම ෆිලුම පැත්තට යන්න කලින් මං ගැන ටිකක්
කියලා ඉන්නම්,ඉතින් මම ඉන්නේ අතුරුගිරිය ප්‍රදේශේ,ගොඩක් අය දන්න පැත්තක්,ඉතින් මම උපසිරැසි ගහන්න පටන්ගත්තේ මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවලා තිබ්බ වෙලාවේ
ඉතින් මේක විනෝදයක් විදිහට අරගත්ත මම අද 100ක් වෙනකන් ගහලා තියෙනවා ඉතින් තව දෙයක් කියන්න ඕනෙ මේ මගේ 100 වෙනි එක නෙමෙයි හරි විදිහට බැලුවොත් මේ
මගේ 106 වන උපසිරසිය මම මගෙ 100 ගැහුවේ Barberians කියන කතාමාලාව අතරතුරේදි ඉතින් හොඳ ෆිලුමක් තිබ්බේ නැති නිසා තමයි මම ටිකක් කල් යවලා 100 වෙනි එක
අරන් එන්න හිතුවේ ඉතින් තව දෙයක් කියන්න ඕනේ මට මේ උපසිරසි කරණයට වැඩිපුර අත දුන්නේ මගේ අම්මයි තාත්තයි තමයි ඒවගේම පයිරෙට් වෙබ් අඩවියේ ඇඩ්මින් අයියාටද ස්තූති කරනවා මොකද එයා එයාගේ ඉගෙනීම් කටයුතු අස්සේ මේ මගේ උපසිරැසි ඔයාලට දෙන්නෙ බොහෝ සේ වෙහෙස මහන්සි වුනා. ඉතින් මගේ පළවෙනි ෆිලුම
වුනේ Proximity (2020) කියන ෆිලුම ඉතින් ඒක පළවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු තිබ්බ ෆිල්ම් එකක් කියලා මතක් කරන්නත් ඕනේ ඒවගේම දැන් අද මම 100 ගෙනාවේ ඔයාලා
මගේ උපසිරැසි බාගෙන බලන නිසයි,ඒත් කියන්න කනගාටුයි ගොඩක් අය කොමෙන්ටුවක් නම් දෙන්නේ නැහැ,මම ඉතින් ගොඩක් අය ඉල්ලන උපසිරසි දෙනවා ඉතින් ඒත් බොහෝ
අය කොමෙන්ටුවක් දෙනවා නම් අඩුයි,ඉතින් ඒක ඔයාලගෙ තීරණේ නේ මම ඒකට විරුද්ධවෙන්නේ නැහැ,ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ මම 10 ශ්‍රේණියේ ඉගෙනගන්න පුංචි
කොල්ලෙක් කියලා,ඉතින් ඒ අස්සේ තමයි ඔයාලට උපසිරසි 106කුත් අරන් ආවේ,ඉතින් මේ කියලා මම මගේ ඉගෙනීමේ කටයුතු වැඩ පාඩු කරගත්තේ නැහැ..
අපි දැන් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට යමු,,,,ආහ් තව දෙයක් කියන්න ඕනේ පුළුවන්නම් කොමෙන්ටුවක් දෙන්නත් කියලා මතක් කරනගමන් අපි යමු ෆිලුමට……
ඉතින් මං අද ඔයාලට මගේ 100 වෙනි උපසිරැසිය හැටියට අරන් ආවේ The Witches (2020) කියන චිත්‍රපටයයි ඉතින් මේක නිකුත් වුනේ මේ මෑතකදි තමයි ඒ කියන්නේ
ඔක්තෝම්බර් 22 වෙනි දින ඉතින් මේ ෆිලුම පැයයි විනාඩි 46ක් පුරා දිවයද්දි කිසිම කම්මැළි කමක් නැතුව බලන්න පුළුවන් ෆිලුමක් ඉතින් මේක නිකුත් කරේ HBOMAX හරහා තමයි,ඉතින් මේ
කතාව ජනප්‍රිය නවකතාවක් වන The Witches (1983) කියන පොතෙන් තමයි ෆිලුම පාදක කරගෙන තියෙන්නේ,ඉතින් පොතේ රචකයා වෙන්නෙ රෝල්ඩ් ඩාල් කියන කතුවරයයි ඉතින්
ඒ පොත ෆිලුමක් හැටියට හරවලා අපිට අරගෙන ආවේ රොබර්ට් සෙමෙකික්ස් කියන අධ්‍යක්ෂකවරයාය.ඉතින් මේක අයත්වන ගණය වන්නෙ Adventure,Mystery,Family කියන ගණයටයි
ඉතින් මේ ෆිලුමේ IMDB අගය නම් 5.4ක් වගෙ තමයි තියෙන්නේ ඒවගේම Rotten Tomatoes අගය 51% වන අගයක තියෙනවා එහෙම මේ අගයන් බලලා ෆිලුමවල් බලන්න ගියොත් එහෙම
දැනට ඇවිත් තියෙන ගොඩක් සුපිරි ෆිලුම් මගැහැරගන්න තමයි වෙන්නේ.ඉතින් මේකේ ඔයාලාට රංගනයෙන් දායක වන්නෙ Anne Hathaway,Octavia Spenser,Stanley Tucci වැනි දක්ෂ
නළු නිළියන්ය,ඉතින් මම Anne Hathway කියන්නේ කවුද කියලා මතක නැති අයට පොඩි මතක් කිරීමක් කරන්න පල්ලෙහා තියෙන්නේ ඇය රංගනයෙන් දායක වුන ෆිලුමවල් සහ එහි
ඇය රඟපෑ චරිතයන්ය,(ඇන හෑත්වේ ගේ පින්තූරයක්)
1.Dark Night Rises (Catwoman- සෙලීනා කයිල්)
2.Interstellar (ඇමෙලියා බ්‍රෑන්ඩ්)
3.Ocean’s 8 (ඩැෆ්නි ක්ලගර්)
4.Rio (ජූල්)
5.Rio 2 (ජූල්)
6.Serenity (කෙරන් සැරියැක්ස්)
7.Alice Through the Looking Glass (සුදු රැජින නැතිනම් කණ්ණාඩියේ සිටින කෙනා)
8.Don Jon (එමිලි ලොම්බාර්ඩෝ)
ඉතින් අපි මෙතනින් වැඩිපුරම ඇයව දන්නේ කැට්වුමන් විදිහට ඒ බැට්මෑන් ෆිලුමෙන් ඉතින් ඇයගෙ තව බොහෝ චිත්‍රපටි තියෙනවා ඉතින් මම එතනින් චුට්ටක් තමයි ඔයාලට හැඳුන්වන්න ගත්තේ
ඉතින් අපි දැන් චුට්ටක් කතාව පැත්තට හැරෙමු….(Witches චිත්‍රපටේ පින්තූරයක්)
ඉතින් මේක යන්නේ පුංචි මීයෝ 3න් දෙනෙකුයි එයාලගේ ආච්චි ගැනයි තමයි ඉතින් මේකේ මෙයාලගේ මෙහෙයුම වෙන්නේ මුළු ලෝකෙම ඉන්න මායාකාරියෝ විනාශ කරන එක තමයි
ඉතින් ඒ මොකද මේ මායාකාරියො කියන්නේ ළමයින්ව පෙන්නන්න බැරි කොට්ඨාසයක් ඉතින් මෙයාලට ඕනේ ළමයින්ව මේ ලෝකෙන් තුරන් කරන්න ඉතින් එයාලාගේ ප්‍රධාන මායාකාරිව
හඳුන්වන්නේ ඉහළ ප්‍රධානි මායාකාරි කියලා ඉතින් මෙයා තමයි අනිත් මායාකාරියන්ට අණ දෙන එකම ප්‍රධානියා මෙයාලව හඳුන්වන විදිහ ෆිලුමේ ලස්සනට කියනවා,
ඉතින් මම මේ මායාකාරියෝ ගැන වැඩිය කියන්නේ නැහැ,ඉතින් මේ ඉහළ ප්‍රධානි මායාකාරිට ඉන්නේ Anne Hathaway තමයි.
ඉතින් මෙයාගෙ අරමුණ තමයි මේ ලෝකේ ඔක්කොම ළමයි එයාටයි එයාගෙ කණ්ඩායමටයි එකපාර ඉවරයක් කරන්න බැහැනේ,ඉතින් මෙයා පොඩි සැලස්මක් හදනවා ඒ මේ හැම මායාකාරියකටම
අයිති ප්‍රදේශයක් තියෙනවා ලෝකේ වටේම ඉතින් මේ ප්‍රධාන මායකාරි කියන්නේ එයාලාට තමන්ගේ පුංචි නගරෙට ගිහින් පැණි රස ජාති විකුණන කඩයක් අරින්න කියලා ඒ කියන්නේ
ටොපි කඩයක් ඉතින් මායාකාරියෝ කොහොමත් ළමයින්ව අල්ලගන්නේ ටොපි දීලා තමයි ඉතින් මේ දේ තමයි මායාකරිගේ අරමුණ ඒත් මේකේ ආච්චිට ඉන්න කෙන මේ මායාකාරියෝ ගැන
හැමදේම තම මුණුබුරාට කියනවා ඉතින් මුණුබුරා ඒවත් දැනගන්නවා දවසක් ආච්චි ඒ දේවල් කියන්න කලින් මෙයාට මායාකාරියක් හම්බෙනවා එ මායාකාරි මෙයාට ටොපියක් දෙන්න හදද්දි
ඒ මයාකාරි එතනින් නැතිවෙනවා එතකොට ඒ ළමයා ගොඩක් බය වෙනවා,ඉතින් ආච්චි පොඩ්ඩක් අසනීපෙන් ඉන්න කෙනෙක්,ඉතින් මෙයාට ඒක වෙන්නේ සාප්පුවක් ඇතුළේ ඉද්දි තමයි
ඉතින් මෙයාලා ඒ සාප්පුවේ ඉඳල ගෙදර ගියාම ආච්චි මේ වෙච්ච දේ ගැන ඒ ළමයාගෙන් අහනවා එතකොට ආච්චි එයාට එයාගේ යාළුවා ඇලිස් බ්ලූව මායාකාරියක් අල්ල ගත්ත
හැටි කතාව කියනවා,ඉතින් ඒ කතාව කිව්වාම මතක් වෙනවා මායාකාරියක් ජීවිතේට ආවොත් එයාලව අයින් කරන්න බැහැ කියලා,ඉතින් ආච්චි ඉක්මනින්ම තම මුණුබුරාවත් අරගෙන
යනවා තරු පහේ හෝටලේකට ඉතින් එහේ නැවතිලා ඉද්දි මෙයාලා දන්නේ නැතුවම මායාකාරියෝ ඔක්කොමලා එතනට එනවා ඒ හෝටලේ නවාතැන් අරගෙන තමන්ගේ ඉදිරි සැලැස්ම
ගැන හොඳින් කතා කරගන්න ඉතින් මෙයාලා මේ සම්මුඛ සාකච්ඡාව කරන වෙලාවේ එ ළමයා එතන හැංගිලා ඉන්නවා එතකොට මෙයාලට එයාව අහුවෙලා මෙයාලා ඒ ළමයාව මීයෙක්
කරනවා….තව දෙයක් කියන්න ඕනේ මෙයාලට ඕනෙ හැම ළමයෙක්ම පුංචි මීයෝ කරල චප්ප කරලා දාන්න තමයි වෙන මුකුත් නෙමෙයි…..ඉතින් මම මෙතනින් මගේ කතාව ඉවර කරනවා…
මේ කතාවේ මොනවා වෙයිද කියන කුතුහලේ ඔයාලට භාරයි ඔයාලා බලලා යටින් කොමෙන්ටුවක් දෙන්න කියලත් මම කියනවා.
තව දෙයක් කියන්න ඕනේ ඔයාලට කුමක් හෝ චිත්‍රපටයක් හරි නැතිනම් ටෙලිකතාමාලාවක් හරි ලබාගන්න අවශ්‍ය නම් අතුරුගිරියේ පිහිටි ඉෂන් කොම් එකටත් ගොඩ වෙන්න කියනවා,
ඉතින් අපේ ලිපිනය වෙන්නේ නො.118 කඩුවෙල පාර,අතුරුගිරිය.ඉතින් මාව මේ උපසිරැසි කරණයේ තියන්න ඔයාලා මට උදව්වක් වෙයි කියලා මම හිතනවා!!! එහෙනම් මේ කොරෝනා රෝගින්ටත්
සුවය ප්‍රාර්ථනා කරලා මම ඔයාලාගෙන් සමුගන්නවා!! සැමටම ජය වේවා!!! සුබ දවසක්!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Maru malli thanks .
ජයවේවා බොක්ක.. බොහොම ස්තූතියි මාවත් මතක් කළාට..
අපිට සෙට් උන සුපිරිම කොල්ලෙක් තමයි, ඉක්මණටම ඊළඟ කඩයිමට යන්න ලැබෙන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. කොල්ල පොඩි උනාට පට්ටම ස්පීඩ්.. සබ් ගහන ගමන් ඉස්කෝලෙ වැඩ ටිකත් අතපසු නොකර කරගන්න කියල කියන ගමන් එහෙනම් ඔන්න ෆිල්ම් එක බානව. Thank you very much!!
Metike balapu gadok ewa oyage sub malli.. bohoma sthuthi.. puluwannam narcos Mexico s02 ekata sub denna
අඩ්ඩෙහ් බලන බලන තැන ඉෂාන්ගෙ ෆිල්ම්නෙ තියෙන්නෙ. සුපිරි කොල්ලො ඔයාගෙ සබ් වලින් තමයි මේ ටිකේම ෆිල්ම් බලන්නෙ. සිරාවටම සුපිරි වැඩ්ඩෙක් තමයි ඈ.. ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් අරන් එන්න ජය.
ඔව් ඇත්තටම උඩ කමෙන්ට් එකේ තියෙන්නේ ඇත්ත ,බලන බලන මුවි එක දැම් මල්ලිගෙ නම තියෙනවා …නියමයි සුභපැතුම් ඉදිරියටත් සිංහල සබ් දන්න ❤️❤️❤️❤️
Jayaweva saho….
obage idiri nirmana katayuthu saarthaka wevai pathanawa…….
Congratulations malli. Budusaranai!!
100 සුභ පැතුම්! උපසිරසිකරණයේ දිගටම යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
බොහෝම ස්තූතියි උපසිරැසියට… පොඩි කොල්ලෙක්නේ…. ඉගෙනීමේ වැඩකටයුතුත් සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා මල්ලී……
Thanks bro
congratulations
congratulations and thank you very much