Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
” මං ඔයාලට කියන්න යන තේරුම් ගන්න,
” ඔයාලා මුලින්ම දෙයක් කරන්න ඕනෙ ”
” කරන්න බැරි දේ ඔයාලා විශ්වාස කරන්න ඕනෙ”
” ඔයාලට ඒක කරන්න පුලුවන්ද?”
” මගේ නම තමයි බැරී ඇලන් ”
” ජීවතුන් අතර ඉන්න වේගවත්ම මනුස්සයා ”
” මගේ ජීවිතේ හරි සරල එකක් ”
” ජීවිත කාලෙටම මං කළේ දුවපු එක ”
” ඒ චන්ඩින්ගෙන් බේරෙන්න ”
” වෙලාවකට මං බේරුණා ”
” වෙලාවකට බේරෙන්න බැරිවුණා “
ඔන්න ඔය විදිහට තමයි බැරී ඇලන් නොහොත් මේ ෆ්ලෑෂ්ව අප අතරට මුලින්ම මුණ ගැහෙන්නෙ. හුඟ දෙනෙක් මෙයාව මුලින්ම දැනගන්නෙ “හිරු TV” එකෙන් විකාශය වුණ ‘ArrowFlash’ තුළින්. (කොටින්ම මං පවා දැනගත්තෙ එහෙම 🥺) ඉතිං මේ ෆ්ලෑෂ් කතාමාලාව මුලින්ම විකාශය ආරම්භ කරන්නෙ 2014 ඔක්තෝබර් මස 7 වන දින. ඉතිං අන්න එදා ඒ ආරම්භ වුණ ගමන අද වෙනකොට කතාසමයන් 9 ක් දක්වා ඇදී ඇවිත් තියෙනවා. පලවෙනි කතාසමයේ කතාංග 23 ක්ද දෙවන කතාංගයේ කතාංග 22 ක්ද තෙවන සහ හතරවන කතාසමයන් වල කතාංග 23 බැගින්ද පස්වන කතාසමයේ නැවතත් කතාංග 22 ක්ද සහ මෙහි හයවන කතාසමයේදී කතාංග 19 ක් තෙක් පහල බැසීමකට සිදුවෙනවා එකල උද්ගත වූ කොරෝනා-19 වෛරසය හේතුවෙන්. ඉන්පසු හත්වන කතාසමයේ කතාංග 18ක්ද අටවන කතාසමයේ නැවතත් කතාංග 19ක්ද සහ අවසන් කතාසමය කතාංග 13 කට සීමා කරමින්, ෆ්ලෑෂ් 184 වන කතාංගය විදිහට Arrowverse හි දීර්ඝතම කතාමාලාව බවට පත්වෙමින් Arrowverse හි අවසානය මෙයින් සනිටුහන් කරනවා.
ඉතිං කතාවේ අවසානය සනිටුහන් කරද්දී කතාවේ ප්‍රධාන චරිතයට, ෆ්ලෑෂ්ට පණ පොවපු කෙනා ගැන කතා නොකරම බැහැනේ, ඒ තමයි ගායන ශිල්පී ‘Grant Gustin’. DCU තුල මේ වසරේ මේ මස ෆ්ලෑෂ් චිත්‍රපටයක් නිකුත් වීමට නියමිතව තිබුණත්, අපිට අවුරුදු 9ක කාලයක් තුළ තදින්ම අපේ හිතේ ෆ්ලෑෂ් කියන මතකය රඳවගන්න පුලුවන් වුණේ මේ “ග්‍රාන්ට්” ට විතරයි කිව්වොත් මං හිතන්නෙ මං වැරදි නෑ. මොකද කිව්වොත් මේ ග්‍රෑන්ට් ඉපදිලාම තියෙන්නෙ ෆ්ලෑෂ් වෙන්නම කියලා තමයි බහුතර ප්‍රේක්ෂකයගේ මතය වුණේ. මොකද ඔහුගේ දක්ෂතාවය, කැපකිරීම වගේ දේවල් රූගත කිරීම් අතරතුර වගේ වීඩියෝ දර්ශන වල හුඟක් දකින්න ලැබුණා. ඒ හේතුව නිසාම වෙන්නැති ලොකු පොඩි කාටත් ෆ්ලෑෂ් කිව්ව ගමන් ඔලුවට මැවෙන්නෙ ‘ග්‍රාන්ට්ගේ ෆ්ලෑෂ්ව. ඉතිං 1990 ජනවාරි මස ඇමරිකාවේදී උපත ලබන ග්‍රාන්ට් මේ වෙන විට වයස අවුරුදු 33 ක් සැපිරෙනවා. වෘත්තීමය වශයෙන් ඔහු මේ වෙද්දී නළුවෙක් සහ ගායකයෙක්ද වනවා. ප්‍රේක්ෂකයා ඔහුව වඩාත් හොඳින් ජනප්‍රියත්වයට වැළඳගන්නෙ මේ “The Flash” කතාමාලාව තුලිනුයි.
The Flash හි අවසන් කතාසමය The Flash : The Final Run ලෙස නම් වෙද්දී එක් එක් කතාසමයන්ට අදාලව පෝස්ටර් කිහිපයක්ද නිකුත්වෙලා තිබෙනවා. පහලින් ඔයාලට බලාගන්න ලැබෙන්නෙ අදාල කතාසමයට අදාල පෝස්ටරයන්.
කතාසමයන් නවය පුරාවට අපට එක් එක් දුෂ්ඨයන්ද The Flash කතාමාලාව තුලින් අපිට බලාගන්න අවස්ථාවද ලැබුණා. එයින් ප්‍රධානතම සුපිරි දුෂ්ඨයන් 4 දෙනෙක් හිටියා ඔයාලට මතක ඇති. නම් විදිහට මතක් කළොත්’ රිවර්ස්-ෆ්ලෑෂ්, සූම්, සැවිටාර් සහ ගෝඩ්-ස්පීඩ් යන අය. ඉතිං මේ දුෂ්ඨයන් හතර දෙනාවම ඔයාලට අද කොටසින් බලාගන්න අවස්ථාවද හිමි වෙනවා. ඊට අදාල පින්තූරයක් තමයි ඔයාලට පහලින් තියෙනවා දකින්න ලැබෙන්නෙ. හැබැයි මේ පින්තූරෙදී සූම්ව පේන්නෙ නෑ. හැබැයි සූම් මේ කොටසෙදී ඉන්නවා.
තමන්ගේ දරුවා නෝරාව ලැබුණට පස්සෙ කාලෙකට පුංචි විවේකයක් අරගන්න, බැරී ඇලන් තීරණය කරනවා තමන්ගේ බලය තව අය එක්ක බෙදාගන්න. එයාලගේ නම් එක්ක පහතින් එයාලව ඔයාලට බලාගන්න පුලුවන්.
ෆ්ලෑෂ් කතාමාලාවේ අවසානය කිව්වම, කාට කෙසේ වෙතත් මට පොඩි දුකක් වගේම පොඩි විශේෂත්වයකුත් තියෙනවා. අවසන් කොටස නිසා මං ඒ ගැනත් පොඩියට සඳහන් කිරීමක් කරලා ඉන්න ඕන කියලා හිතුවා.”ඇයි මට මේ ෆ්ලෑෂ් කතාමාලාව විශේෂ වෙන්නෙ?” මොකද මේක ඉවර වෙනවට මෙච්චර දුක?” ඔය දෙකනේ දැන් ඔයාලට තියෙන ප්‍රශ්නෙ. ඒ ප්‍රශ්න දෙකටම උත්තරේ එකක්. මගේ මුල්ම උපසිරැසි කරණයට හේතුවුණ කතාමාලාව “The Flash” කතාමාලාව කිව්වොත් මං නිවැරදියි. Hiru නාලිකාව ඔස්සෙ හඬකවා විකාශය වීමෙන් ෆ්ලෑෂ් කතාමාලාව දෙවනි කතාසමයේ මැදකින් අවසන් වුණා ඔයාලට මතක ඇති. ඉතිං එතනින් පස්සෙ ඉතුරු කොටස් ටික හොයාගෙන බලන්න මං අමතක කළේ නෑ. බලන්න ගත්තෙ හරියට නිකං පිස්සුවෙන් වගේ. ඉතිං එහෙම දිගින් දිගටම එන කතාසමයන් එකක්වත් මගහරින්නෙත් නැතුවම ඒ හැම එකක්ම වගේ බැලුවේ මගේ ආසම superhero character එක “The Flash” එක වෙච්ච නිසා වෙන්න ඇති කියලා මං හිතනවා. කොහොම වුණත් මේක දිගින් දිගටම රබර්පටිය වගේ ඇදුනත් කොල්ලා බලන එක අතෑරියේ නෑ 😅 ෆ්ලෑෂ් හයවන කතාසමය එක දිගට විකාශය වන අතර කාලයේ ඔයාලට මතක ඇති කොරෝනා-19 වෛරසය හිස එසවීමත් එක්ක කතාමාලව කොටස් දෙකකට කඩලා වෙනම විකාශය කළා. අන්න ඒ අතරතුර කාලෙදී තමයි මට උපසිරැසි කරණයට පිවිසෙන්න ආසාවක් උවමනාවක් ඇතිවුණේ. ඒ එක්කම උපසිරැසි කරණයට එක් එක් බාධා ආවත් කොල්ලා වැඩේ අතෑරියේ නෑ. චිත්‍රපට වලට වගේම කතාමාලා රැසකට උපසිරැසි කරන්න මට අවස්ථාව හිමිවුණා. ඉතිං කාලයක් යද්දී කොහොමෙන් කොහොම හරි උපසිරැසි කරණයට PirateLk.Com වෙබ් අඩවිය තුල උපසිරැසි කරණයට මට හිමිකම් ලැබෙනවා. ඉතිං ඒ එක්කම ෆ්ලෑෂ් කතාමාලව සම්පූර්ණ කිරීමට මට අවසර දුන්නු අපේ ‘පයිරේට් සිංහල උපසිරැසි’ ඇඩ්මින් සහෝදරයාව මතක් නොකර කොහොමද ඉතිං. ස්තූතියි ඇඩ්මින් සහෝදරයා “The Flash” කතාමාලාව සම්පූර්ණ කරන්න දුන්නට 🫡💥 මොකද ෆ්ලෑෂ් හයවෙනි කතාසමයේ දෙවනි කොටසෙ ඉඳලා උපසිරැසි කරන්න අරගෙන අටවන කොටසින් නතර කරන්න හදනකොට, අපේ වෙබ් අඩවියේ ඇඩ්මින් මගේ සහෝදරයා කිව්වා’ “අන්තිම සීසන් එකනේ. ඒකත් ඔහොම්ම ඉවර කරලම දාමු” කියලා. ඉතිං ඒ කාරණේ නිසාම ෆ්ලෑෂ් කතාමාලාවේ අවසානය වෙන තෙක් ඔයාලට උපසිරැසි අරගෙන එන්න මට පුලුවන් වුණා. ෆ්ලෑෂ් හි කතාංග 35 කට ආසන්න ප්‍රමාණයක් සමගින් මාත් එක්ක එකතුවුණ ඔයාලා හැමෝටම බොහොම ආදරෙන් සාදරෙන් ස්තූති කරනවා. 🥺
පොඩියට විස්තරයක් කළොත් අවසන් කොටසෙදී ඔයාලට බලාගන්න ලැබෙන්නෙ නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එක, ඒකෙ ඇවටාර් එක විදිහට කෙනෙක්ව ගොඩ නැගීමට එඩී තෝන්ව යොදාගෙන තියෙනවා, 2049 අවුරුද්දෙදී නැවතත් ඔහුට පණ දීමෙන්. “නව ලොවක්” යන පෙර කොටස් තුන බලපු ඔයාලට මතක එඩීව ක්‍රමයෙන් ක්‍රමය’ නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එක ඒ බලය පිළිගන්න ඒත්තු ගන්වන්න එඩීව පොළඹවපු හැටි. අවසානයෙදී තමන්ගේ කලින් නැතිවුණ ජීවිතේ අයෙත් ලබාගන්න අරමුණින් එඩී’ නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එකේ බලය පිළිගන්නවා. එතනින් පස්සෙ ෆ්ලෑෂ් හා අතර වෙන ගැටුම තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. ඉතිං සම්පූර්ණ කොටස බලන්න වෙනදා වගේම ඔයාලට මං ආදරෙන් ආරාධනා කරනවා.
The Flash කතාමාලාවේ මෙලෙස අවසානය සනිටුහන් කරන ගමන්ම අදට මං මෙතනින් නතර වෙනවා. තවත් කතාමාලාවකට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. පුලුවන් හැමෝම කමෙන්ට් එක ගාණේ දාගෙන යන්නත් අමතක කරන්න එපා, හැමෝටම සුභ දවසක්!! 🫡💕
ඔයාලා කැමති චිත්‍රපට හෝ කතාමාලා තියෙනවා නම් පහල කමෙන්ට් එහෙකින් request කරන්න එක්කො අපේ Facebook එක හරහා සම්බන්ධ වෙලා දැනුවත් කරන්න. තිබෙන කාර්‍යබහුලතාවයත් එක්ක ඉඩකඩක් ලැබුණ හැටියේ තවත් උපසිරැසියක් අරගෙන එන්නම්.
720p Links
230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න530MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
540MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E13] Sinhala Subtitles” The-Flash-S09E13.zip – Downloaded 4004 times – 19.96 KBIf you have any complains about our contents, please email us at [email protected]
Fast &furious spy race antima season tika denko bro
තැන්ක්ස් රුක්ෂාන් ඛාන් (රුකා) දිගටම සබ් දේන්න
rukshan khan elma tama bro
ගොඩක් ඉස්තුතියි රුකා අයියෙ උපසිරස එක්ක ඉවර වෙනකම්ම දැම්මට ඔයා කිව්වා වගෙ පිස්සුවෙන් බැලුවෙ
Thanks, Rukshan Khan
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Sub ekt Thanks, wade digtm kara gena ynn,supiri .
Sub walta thanx, okkoma gaththa sub walta comment damme na , eth final sub ekata comment eka damma, thanx lots
ස්තූතියි සහෝ. ඔයා නිසා අද මේක බලල ඉවර කරනවා. පුළුවන් නම් මේ විදිහටම අතරමග නතර වෙච්ච සුපර්ගර්ල් අන්තිම සීසන් ටිකටත් සබ් එක දෙන්න.
Thank you ruka❤️